බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්! උද්වේගකර “චේන්සෝ මෑන්” 11වෙනි එපියේ සබ් එක්කයි ඔයාලා මේ එකතු වෙන්නේ. එහෙනම් කලින් එපියේ මොකද උනේ කියල කෙටියෙන් මතක් කරගමු. ටෝකියෝවේ සිදුවුණු ගැටුමෙදී පබ්ලික් සේෆ්ටි ඩෙවිල් හන්ටර්ස්ලා බොහොමයක් මියගියා. මේ පහර දීම “ඩෙන්ජිව” ඉලක්ක කරලා කරපු එකක්. කටානාකාරයා එක්…

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්! උද්වේගකර “චේන්සෝ මෑන්” 11වෙනි එපියේ සබ් එක්කයි ඔයාලා මේ එකතු වෙන්නේ. එහෙනම් කලින් එපියේ මොකද උනේ කියල කෙටියෙන් මතක් කරගමු.
ටෝකියෝවේ සිදුවුණු ගැටුමෙදී පබ්ලික් සේෆ්ටි ඩෙවිල් හන්ටර්ස්ලා බොහොමයක් මියගියා. මේ පහර දීම “ඩෙන්ජිව” ඉලක්ක කරලා කරපු එකක්. කටානාකාරයා එක්ක සටන් කරලා අකීටත් තුවාල උනා. ඉතින් කලින් එපිය ආරම්භ උනේ අකී රෝහලේ ප්‍රතිකාර ගනිමින් ඉන්න අවස්ථාවෙන්. හිමෙනෝ ඇතුළු අකී ගොඩක් ළඟින් ආශ්‍රය කරපු කණ්ඩායම් සමාජිකයන් මේ විදිහට මියගිය එක අකීට දරාගන්න අමාරු වේදනාවක් බව අපි කලින් එපියෙන් දැක්කා. ඒ වගේම අකීට ඩෙවිල්ස්ලා දෙන්නෙක් එක්ක ගිවිසුම් තිබ්බා කියලත් අපි දැන් දන්නවා. ඒ ෆොක්ස් ඩෙවිල් හා කර්ස් ඩෙවිල්. කර්ස් ඩෙවිල්ව පාවිච්චි කරලා කටානාකාරයාට පහර දීපූ නිසා අකිගේ ජීවිත කාලය දැන් අවුරුදු දෙකකට කෙටි වෙලා. අවසනාවක මහත!
මේ අතරේ කියෝතෝවලින් ආපූ කුරෝසේ හා ටෙන්දෝ අකීගේ උපදේශන වැඩවලට ඇවිල්ලා. මෙතනදී මේ දෙන්නා අකීගෙන් අහනවා දැන් මේ රස්සාවෙන් අයින් වෙලා ඉතිරි ජීවිත කාලය සතුටින් ගෙවලා දැම්මනම් මොකද කියලා. ඉතින් අකී දෙන උත්තරය තමයි, එයාගේ කණ්ඩායම් සඟයින් මරපු උන් තාමත් යහතින් ඉන්නකොට කොහොමද අයින් වෙන්නේ කියලා. ඉතින් අකී දැන් කැකෑරෙන වෛරයකින් ඉන්නේ කියලා අපිට පේනවා. කටානාකාරයා අතින් ෆොක්ස් ඩෙවිල්ට හානිවුණු නිසා ෆොක්ස් ඩෙවිල් හා අකී අතර තිබුණු ගිවිසුමත් දැන් කැඩිලා ගිහිල්ලා. කර්ස් ඩෙවිල්වත් පාවිච්චි කරන්න පුලුවන් කිහිපවතාවක් නිසා අකී දැන් ප්‍රශ්නෙක ඉන්නේ. ඉතින් දිගටම ඩෙවිල් හන්ටර්කෙනෙක් විදිහට පබ්ලික් සේෆ්ටියට දායකත්වය ලබා දෙන්න අකී අපේක්ෂා කරන නිසා කුරෝසේ හා ටෙන්දෝ අලුත් ඩෙවිල් කෙනෙක් එක්ක ගිවිසුමකට යන විදිහට අකීට උපදෙස් දෙනවා. ඒ අනුව තමයි අකී “ෆියුචර් ඩෙවිල්” ගාවට යන්නේ.
මේ අතර ස්පෙෂල් ඩිවිෂන් 1,2,3 දැන් ස්පෙෂල් ඩිවිෂන් 4 ට එකතු කරලා එක කණ්ඩායමක් බවට පත් කරලා. මේ සමස්ථ කණ්ඩායමම දැන් ක්‍රියාත්මක වෙන්නේ “මකිමා” යටතේ. ඉතින් මකිමා අපේක්ෂා කරන්නේ මේ අලුත් කණ්ඩායමේ ශක්තිය වැඩි කරන්න. ඒ අනුව තමා පවර් සහ ඩෙන්ජිව පුහුණු කරවන්න “කිෂිබේට” භාර දෙන්නේ. ඉතින් මේ සමස්ථ කතාවෙන් මම ගොඩක්ම කැමති චරිතය තමා කිෂිබේ කියන්නේ. මෑන් ඇවිල්ලා වෙනම ලෙවල් එකක ඉන්න පොරක්. සද්ද නෑ වැඩ විතරයි ටයිප් එකේ. කිෂිබේ ස්පෙෂල් ඩිවිෂන් 1වල ඩෙවිල් හන්ටර්කෙනෙක්. නමුත් මේ වුණු අලුත්ම වෙනස නිසා කිෂිබේ දැන් ස්පෙෂල් ඩිවිෂන් 4වල කැප්ටන් බවට පත්වෙලා. ඉතින් මරුමුස් විදිහට පොර, පවර්ව සහ ඩෙන්ජිව පුහුණු කරනවා අපි දැක්කා. බලමු මේ පුහුණුව පවර්ව සහ ඩෙන්ජිව කොයි විදිහට වෙනස් කරයිද කියල.
ඉතින් අද කතාවෙදී කලින් ගේමට ආපු කටානාකාරයා ඇතුළු පිරිසට එරෙහිව ඔන්න පබ්ලික් සේෆ්ටිය උත්තර දෙනවා. ඒ දැවැන්තම මෙහෙයුමකින්. ඒ වගේම අද අලුත්ම චරිත කිහිපයකුත් කතාවට එකතු වෙනවා. මම කලින් එපියකදී කිව්වා මතක ඇති පවර් වගේ ෆීන්ඩ්ස්ලා කිහිපදෙනෙක් අපිට ඉදිරියේදී දකින්න ලැබෙනවා කියලා. ඉතින් අද එපියෙන් මේ අලුත්ම සෙට් එක කවුද කියලා බලාගන්න පුලුවන්.
ඉතින් මේ මෙහෙයුම කොයි විදිහට කැරකෙයිද? අකී හා ෆියුචර් ඩෙවිල් අතර මොනවගේ ගිවිසුමක් ඇති වෙයිද? මේ එපිය බලලා එහෙනම් ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න. එහෙනම් “චේන්සෝ මෑන්” සීසන් 1වල අවසානයට අපි දැන් ළඟා වෙලා ඉන්නේ. ලබන සතියෙන් එහෙනම් අන්තිම එපියෙන් හමුවෙමු. හැමදෙනාටම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අද කතාවේ නම – Mission Start
Imdb අගය – 8.7
Directed by – Masato Nakazono
Storyboarded by – Masato Nakazono
Ending Theme Song – Violence
ගායනය – Queen Bee
විකාශය වූ දිනය – 2022 දෙසැම්බර් 20
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/Bluray පිටපත් සඳහා අදාළ වේ.
4,392 downloadsDownload Chainsaw-Man-S01-E11-Bluray-Updated.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
15 comments
Bihandu
ishan waruna
12 weni epi eke sub ekath ikmanta oni
Anonymous
Meka dankm bln hitiye. Thnk bn❤
ishan waruna
Tnx saho❤️ 12 sub ekath ikmanta demu ithin️❤️
Chamika
Heta ena epi eke sub ekath ikmanata genna
හිෂාන්
Thank you Saho...!
Thank you BrotherAnonymous
Attack on titan season 4 eke 25, 26,27 episodes wla sub dennko
Anonymous
:mrgreen:
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Ima
Thanks Sago
Anonymous
thanks , Niyama wadak
Chamika
Epi 12 ikmanta genndo..
Asta
Ep 12 සබ් එක දෙනකන් ඇගිලි ගැන ගැන ඉන්නෙ කොල්ලො
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


❤️