තුන්වෙනි සීසන් එකේ දෙවෙනි සහ තුන්වෙනි කොටස් දෙක තමයි අද අරන් ආවෙ. දෙවෙනි කොටසෙදි බෙන්, ග්වේන් එක්ක සීයා යන වෙළඳ සංකීර්ණයක ඉන්න මෝහන ශිල්පියෙක්ගෙ මෝහනයට බෙන් හසුවෙන සිද්ධියක් බලන්න පුළුවන්. රෑ මැදියමේ මෝහනය ක්‍රියාත්මක කරලා මෝටර්, ඔරලෝසු කුළුණු වල ඔරලෝසු වගේ දේවල් කොල්ලකාලා මේ මෝහන ශිල්පියා බෙන් ලවා…

තුන්වෙනි සීසන් එකේ දෙවෙනි සහ තුන්වෙනි කොටස් දෙක තමයි අද අරන් ආවෙ.

දෙවෙනි කොටසෙදි බෙන්, ග්වේන් එක්ක සීයා යන වෙළඳ සංකීර්ණයක ඉන්න මෝහන ශිල්පියෙක්ගෙ මෝහනයට බෙන් හසුවෙන සිද්ධියක් බලන්න පුළුවන්. රෑ මැදියමේ මෝහනය ක්‍රියාත්මක කරලා මෝටර්, ඔරලෝසු කුළුණු වල ඔරලෝසු වගේ දේවල් කොල්ලකාලා මේ මෝහන ශිල්පියා බෙන් ලවා ඒ දේවල් තමන් ළඟට ගෙන්වගන්නවා. ඒත් වටින දේවල් නැතුව මේ වගේ ප්‍රමාණයෙන් විශාල දේවල් කොල්ලකන්නෙ ඇයි? මොකක්ද මෝහන ශිල්පියාගෙ අරමුණ…?

තුන්වෙනි කොටසෙදි ආයෙමත් චාම්කාස්ටර්ගෙ කරදරයක් බලන්න පුළුවන්. මේ පාර චාම්කාස්ටර් බල ඔරලෝසුවට ළං වෙන්නෙ වෙනස් ක්‍රමයකින්. ග්වේන් එක්ක ශරීර මාරු කරලා බෙන්ට සමීප වෙන එක තමයි චාම්කාස්ටර්ගෙ උපක්‍රමය. ඒ කියන්නෙ චාම්කාස්ටර්ගෙ ආත්මය ග්වේන්ගෙ ශරීරයටත්, ග්වේන්ගෙ ආත්මය චාම්කාස්ටර්ගෙ ශරීරයටත් මාරු කරනවා. අද කොටසෙදි බෙන්ට වඩා කරදර වලට මුහුණ දෙන්න වෙන්නෙ ග්වේන්ට. ඉතින් චාම්කාස්ටර් දැන් ග්වේන් වෙලා මොනවා කරන්නද සූදානම් වෙන්නෙ…?

                   ඒ දේවල් දැනගන්න අද කොටස් දෙක බලන්න කියලා ආරාධනා කරනවා. ඊළග කොටසින් හමුවෙමු…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

1,962 downloadsDownload BEN-10-CLASSIC-S03-E02-E03.zip1.6 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous Season

All BT1

Subtitles by

තිසුර සංජන

Subtitles

1,962 downloadsDownload Subtitles1.6 MB

6 comments

  1. Kumara

    බොහොම ස්තුති ❤️ ඉතිරි ටිකත් ඉක්මනින් දෙන්න

  2. B E N

    උපසිරසට ස්තූතියි
    දිගටම දාගෙන යමු
    ❤

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Anonymous

    Thanks bro

  5. Visuru

    Thanks saho ithuru tikath ikmanata demu

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P