Watch Trailer

Berserk (1997) [S01 : E23 & E24 & E25] Sinhala Subtitles | මළ සිරුරින් ඇතිරූ මඟ! [සිංහල උපසිරසි]

Berserk S01 Sinhala Subtitles 1997 දී නිකුත් වී Dark Fantasy, Epic Fantasy, Sword and Sorcery, Action, Adventure, Drama, Horror, Gore, Military සහ Seinen යන Genre කිහිපයටම අයත් වෙමින් All time Masterpiece එකක් බවට පත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 23,24 සහ 25 කොටස් හෙවත් අවසාන කොටස් ත්‍රිත්වය සමඟින…

Berserk S01 Sinhala SubtitlesBerserk S01 Sinhala Subtitles

1997 දී නිකුත් වී Dark Fantasy, Epic Fantasy, Sword and Sorcery, Action, Adventure, Drama, Horror, Gore, Military සහ Seinen යන Genre කිහිපයටම අයත් වෙමින් All time Masterpiece එකක් බවට පත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 23,24 සහ 25 කොටස් හෙවත් අවසාන කොටස් ත්‍රිත්වය සමඟිනුයි මේ එකතු වෙන්නේ.

තමන්ගේම හමුදාවක් නිර්මාණය කරමින් ටිකෙන් ටික ලෝකයේ තමාට හිමි තැන සොයමින් ජය පැන් බොමින් තමාගේම සිහිනය හඹා යන ග්‍රිෆිත්…! එමෙන්ම ඔහුගේ මේ ගමනේදී අහම්බෙන් මෙන් ඔහුට හමුවූ ඔහුට මහත් ධෛර්යය වුනු ශක්තිමත් ගල් කුළුණක් බඳු ගට්ස්…! කාලයත් සමඟ අපූරූ සහෝදරයන් දෙදෙනෙක් බඳු වූ මේ අපූරූ සුසංයෝගය සමඟින් ඔවුන් බොහෝ දුරක් පැමිණියා. ඔවුන්ගේ මේ ගමනට අත් වැටක් වූ සහෝදර සටන් කරුවන් බොහෝයි. ඔවුන්ටත් මොවුන් දෙදෙනාගෙන් තොර ලොවක් නැති තරම් ය. එහෙත් දෛවෝපගත ඉරණමට මේ සියල්ල යටත් ය. මිතුදම සහෝදරත්වය පරයා තමන් වෙනුවෙන් ක්‍රියා කිරීමට සැම දෙනාටම යම් මොහොතක කාලයක් පැමිණෙයි. ඒ ගමන යාමට ඇත්තේ ඔවුනොවුන්ගේම මළ සිරුරු මතින් නම්…? ඔහුගේ සිහිනය පෝෂණය වන්නේ තවකෙකුගේ රුධිරයෙන් නම්…? එහි අවසානය කෙබඳු වේවිද…?

ඉවර වෙන්න ළං වෙද්දි ඉවර වෙන්න නම් එපා කියල හිතෙන මට්ටමේ අවසානයක් වෙනුවෙන් මට දෙන්න පුලුවන් ඉඟිය තමයි මම මේ උඩින් බොහොම කෙටියෙන් කිව්වේ. මම කතාව ආරම්භයේදී කිව්වත් වගේ මේ Berserk කියල කියන්නෙ මිත්‍රත්වය, සහෝදරත්වය, ආදරය වෛරය, ඊර්ෂ්‍යාව වගේ මිනිස් සන්තානයේ ස්වාභාවය කියාපාන වගේම මායාව, අධිස්වාභාවිකත්වය සහ වැගිරෙන රුධිරය එක්ක ඒ ඒ අවස්ථාවන් හරි අපූරුවට කලතපු කුණාටුවක් වගේ කතාවක්. ඒක ඔයාට මේ කතාවේ අවසානයේදි තවත් පැහැදිලි වේවි. එවන් සිදුවීම් ගලපමින් අරන් ආපු මේ Masterpiece ඇනිමෙ එකේ අවසාන කොටස් ත්‍රිත්වය සමඟින් Berserk Season 01 මෙතනින් අවසාන කරනවා.

ඉතින් නරඹන්න දෙපාරක් හිතන්න ඕනි නැති විදිහේ මේ විශිෂ්ට කතාවේ අවසානය මොන වගේ එකක් වේවිද? නරඹන්න එහෙනම් ඒ අවසානය. මේ උපසිරැසි මාලාව ගැන ඔයාගෙ අදහසත් පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. හැබැයි මේක අවසාන නෑ. මොකද අපි මීළඟට Berserk Movie Trilogy එකේ පළමු දිගහැරුම වෙන Berserk:The Golden Age Arc 1 – The Egg of the King චිත්‍රපටයෙන් හමුවෙනවා. එහෙනම් ඒ බලාපොරොත්තුව දල්වාගෙන ඉන්න කියල කියාගෙනම මම ඒ උපසිරැසියෙන් ඔබ හමුවට එන්නම්. එතෙක් Happy Anime!

Berserk S01 Sinhala Subtitles

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,137 downloadsDownload Berserk-1997-S01-E23-E24-E25-Sinhala-Subtitles.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

 

Berserk S01 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,137 downloadsDownload Subtitles31 KB

6 comments

  1. Dasun Lakruwan

    මේක බලද්දි එන හැඟීම.. කතාව ඇතුලේ අපිව ජීවත් කරන්න හැම කතාවකටම බෑ..එත් මේක... ජීවිතේ බලපු සුපිරිම කතාවක්.. ඊළඟට movie trilogy එක ගේන්නේ ඇයි..ඒකෙත් යන්නෙ මේ කතාවම නේද.. මේකෙන් පස්සෙ එන සීසන් 2 එක දාන්නෙ කවද්ද..

  2. Hansaja

    Season 2 ඔනේ

  3. Anonymous

    කලින් එපිසෝඩ්වල උපසිරසි ගන්න බැහැනෙ.

  4. SUPUN

    Thanx lankan weebs sub එකට............මේ anime එකෙන් පස්සේ vinland saga ඇනිමේ එකටත් සබ් ගේන්න පුලුවන්ද

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  6. amira

    the promised neverland s2 sinhala sub