Berserk S01 Sinhala Subtitles රුධිරය, ත්‍රාසය, භීතිය සහ අධිස්වාභාවිකත්වය මුසු වියරුවෙන් දැවෙන Berserk (2016) ට පසුව, එහි මීළඟ අදියර ලෙසින් මුළු කොටස් 12 ක් පුරා දිග හැරෙන Berserk (2017) ඇනිමෙ කතා මාලාවේ 03 සහ 04 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ. පළමු කොටසේ අපිට සුදු උකුස්සාගේ හෙවත් ග්‍රිෆිත්ගේ ආගමනය ද…

රුධිරය, ත්‍රාසය, භීතිය සහ අධිස්වාභාවිකත්වය මුසු වියරුවෙන් දැවෙන Berserk (2016) ට පසුව, එහි මීළඟ අදියර ලෙසින් මුළු කොටස් 12 ක් පුරා දිග හැරෙන Berserk (2017) ඇනිමෙ කතා මාලාවේ 03 සහ 04 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ.
පළමු කොටසේ අපිට සුදු උකුස්සාගේ හෙවත් ග්‍රිෆිත්ගේ ආගමනය දකින්න ලැබුනා. ගට්ස්ගේ වියරුව ඔහු දුටු සැනින් යළි උපන් විදිහ අතීත සිදුවීම් මතක් කරද්දි පුදුමයක් නෙමෙයි. ඒ වගේම මේ පැමිණියේ එදා සියලු දෙනා පාවා දී අන්ධකාරයේ දේව රජෙක් බවට පත් වුනු ග්‍රිෆිත්ම බව ඔහුගේම කතාවෙන් අපිට පැහැදිලි වුනා. ඒ වගේම කැස්කා ඔහුව අඳුනාගත්තත් මේ හැම දෙයක්ම රහසක් ව තිබුනු රිකර්ට්ට මේ හමුවීමෙන් පසුව ගට්ස් විසින් හැමදෙයක්ම හෙළි කරනවා. ග්‍රිෆිත්ගේ රාජ්‍යය ලබා ගැනීමේ ඔහුගේ සිහිනය තවම අවසන් නොමැති බව හෙළි කරන්නේ ගට්ස්ගේ වියරුව තවත් වැඩි කරමිනුයි. ඉතින් ගට්ස් තමන්ගේ පළි ගැනීමේ ගමන අරඹනවා. ඊට පෙරාතුව ගට්ස් තමන්ගේ සහයක එල්ෆ්වරයා වෙන පක්ගේ ගම සොයා යනවා.
ඒ වගේම ගට්ස්ගෙන් වෙන් වුනු ශුද්ධ යකඩ දාම නයිට්වරුන්ගේ කමාන්ඩර් ෆර්නෙස් ආර්යාව සහ ඇයගේ ආරක්ෂකයා වෙන සර්පිකෝ ගට්ස්ව හොයන් යන ගමන් ඉන්නවා. ඒ අතරේ තමයි සර්පිකෝගේ අතීතාවර්ජනයක් එක්ක ෆර්නෙස්ගේ අතීත කතාව අපිට දැනගන්න ලැබෙන්නේ. බොහෝ අඳුරු ළමා කාලයක් හිමි ෆර්නෙස්ගේ ස්වාභාවය වෙනස් කරන්නට සමත් වුනේ ගට්ස් විතරයි. ඒ වගේම කලින් වගේම ගට්ස්ගෙ පස්සෙන් එන අඳුරු ආත්මවල අඩුවක් නම් නෑ. ඒ අතරේ තමයි සුදු උකුස්සා හෙවත් ග්‍රිෆිත් තමන්ගේ රාජ්‍යය ලබා ගැනීම වෙනුවෙන් තමන් නැති අතරේ බලය ගන්නට ආපු අයගේ ඉස්සරහට එන්නේ. ඒ පැමිනීම හැමෝම පුදුමයට පත් කරන දෙයක් වුනා. ඒ වගේම අමරණීය සොඩ් ඉන්නෙත් ග්‍රිෆිත්ගේ පැත්තේ. ඉතින් ග්‍රිෆිත් තමන්ගේ බල පරාක්‍රමය පෙන්නන්නෙ කොහොමද? අනිත් පැත්තෙන් ගට්ස්ගේ පළි ගැනීමේ ගමන සිද්ධ වෙන්නෙ කොහොමද? නරඹන්න මේ කොටස් දෙක. මීළඟට Berserk (2017) හි 05 සහ 06 කොටස් තුළින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා ගැලපේ.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
589 downloadsDownload Berserk-2016-2017-S02-E03E04-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Berserk S01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #Allegra Clark
- #Berserk
- #Berserk S01
- #Berserk S01 Sinhala Sub
- #Berserk S01 Sinhala Subtitles
- #Editor's Pick
- #Hiro Shimono
- #Hiroaki Iwanaga
- #Kaoru Mizuhara
- #Kazuyuki Okitsu
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Toa Yukinari
- #TV
- #Yôko Hikasa
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


