Watch Trailer

Berserk (2016 – 2017) [S02 : E05 & E06] Sinhala Subtitles | ආත්ම රාජධානියේ කොටස්කරුවෝ [සිංහල උපසිරසි] (18+)

Berserk S01 Sinhala Subtitles රුධිරය, ත්‍රාසය, භීතිය සහ අධිස්වාභාවිකත්වය මුසු වියරුවෙන් දැවෙන Berserk (2016) ට පසුව, එහි මීළඟ අදියර ලෙසින් මුළු කොටස් 12 ක් පුරා දිග හැරෙන Berserk (2017) ඇනිමෙ කතා මාලාවේ 05 සහ 06 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ. ග්‍රිෆිත් හෙවත් සුදු උකුස්සාගේ පැමිනීම එක්ක නොසිතූ නොවිර…

Berserk S01 Sinhala Subtitles

රුධිරය, ත්‍රාසය, භීතිය සහ අධිස්වාභාවිකත්වය මුසු වියරුවෙන් දැවෙන Berserk (2016) ට පසුව, එහි මීළඟ අදියර ලෙසින් මුළු කොටස් 12 ක් පුරා දිග හැරෙන Berserk (2017) ඇනිමෙ කතා මාලාවේ 05 සහ 06 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ.

ග්‍රිෆිත් හෙවත් සුදු උකුස්සාගේ පැමිනීම එක්ක නොසිතූ නොවිරූ විදිහට හැම අතින්ම ජීවතුන් අතර ඉන්න පුරාවෘත්ත වගේ ඉන්න රණ ශූරයින් ග්‍රිෆිත් වටා එකතු වෙන්න පටන් ගන්නවා. ඒ විදිහට හැමෝම ග්‍රිෆිත් වටා එකතු වෙන්නේ අනාගත වැකියක් නිසා බව ඒ සැම දෙනා පවසද්දී ග්‍රිෆිත්ගේ බලපරාක්‍රමයත් දේව බලයකට දේව ප්‍රභාවකට ආසන්න මුහුණුවරක් ගන්නා බව අපිට පේන්න තිබුනා. තමන්ගේ රාජ්‍යත්වයට බාධා වෙන කිහිපදෙනෙක්ව සැනෙකින් මරා දමන විදිහ අපිට දකින්න ලැබුනා. ඒ අතරේ ගට්ස්ගේ ගමනට දැන් බාධාවක් වෙලා ඉන්නෙ කිසි දෙයක් නොදන්න නොතේරෙන කැස්කා විතරයි. තමන්ගේ ආගම වගේම සියලු දේ අත්හැර ගට්ස්ව අනුගමනය කරන කමාන්ඩර් ෆර්නෙස් ප්‍රමුඛ සර්පිකෝ සහ ඉසිදොරෝ, කැස්කාව පක්ගේ ගෙදරට අරන් යන ගමන් අරඹනවා. මේ ගමන අතරමගදීත් සුපුරුදු අඳුරු ආත්මවල පහරදීම් වල අඩුවක් නම් නෑ.

කොහොමින් කොහොමහරි ගස්ට් ඇතුළු කණ්ඩායම මැජික්වලින් වැසුනු හැම කෙනෙක්ට ඇතුල් වෙන්න බැරි සහ හැම කෙනෙක්ටම දකින්නත් බැරි ආත්ම ගසේ මන්දිරයට යන්න ආරාධනා ලැබෙනවා. ප්‍රධාන මායාකාරිය සහ ඇයගේ ආධුනිකාව විතරක් ඉන්න මේ තැනේදී ආත්ම රාජධානිය සහ තවත් නොදන්න හුඟක් දේවල් ගැන හුඟක් දේවල් දැනගන්න ලැබෙනවා. මේ ගමනේදී මුණ ගැහුනු අඟුටුමිට්ටො නම් සත්ව කොට්ඨාසය නිසාවෙන් නොසිතූ දේවල් වලට ගස්ට් ඇතුළු කණ්ඩායමට මුහුණ දෙන්න වෙනවා. මේ වතාවේ ගට්ස් මුහුණදෙන අභියෝගය මොන වගේ එකක්ද? නරඹන්න මේ කොටස් දෙක. මීළඟට Berserk (2017) හි 07 සහ 08 කොටස් තුළින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා ගැලපේ.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

640 downloadsDownload Berserk-2016-2017-S02-E05E06-Sinhala-Subtitles.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

 

Berserk S01 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

640 downloadsDownload Subtitles33 KB

1 comment

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි.