Berserk S01 Sinhala Subtitles Berserk (2016) ඇනිමෙ කතා මාලාවේ අවසානයෙන් පස්සෙ ඔන්න වැඩි කතාවක් වර්ණනාවක් නැතුවම එහි මීළඟ අදියර අරඹන්නයි සූදානම් වෙන්නෙ. මීළඟ කොටස කිව්වට Berserk මන්ගාවට අනුව මේක තමයි අපිට ඇනිමෙ එකක් විදිහට දකින්න ලැබෙන අවසාන කතා මාලාව වෙන්නෙ. තවත් විදිහකට කිව්වොත් Golden Age Arc එකෙ…

Berserk (2016) ඇනිමෙ කතා මාලාවේ අවසානයෙන් පස්සෙ ඔන්න වැඩි කතාවක් වර්ණනාවක් නැතුවම එහි මීළඟ අදියර අරඹන්නයි සූදානම් වෙන්නෙ. මීළඟ කොටස කිව්වට Berserk මන්ගාවට අනුව මේක තමයි අපිට ඇනිමෙ එකක් විදිහට දකින්න ලැබෙන අවසාන කතා මාලාව වෙන්නෙ. තවත් විදිහකට කිව්වොත් Golden Age Arc එකෙන් ඇරඹෙන Berserk කතා පුවත එක දිගටම Continue වෙමින් අපිට නරඹන්න ලැබෙන අවසාන කතාව තමයි මේක. ඒ අනුව මේ Berserk (2017) තුළින් අපිට Berserk (2016) ට පසුව එහි මීළඟ sequel arc එක වෙන Hawk of the Millennium Empire Arc හි පළමු අර්ධය විතරයි නරඹන්න පුලුවන් වෙන්නේ. ඒ කාරණාවත් මතකයේ තියාගෙන අපි යමු මේ Berserk (2017) හි පසුබිම දැනගන්න.

සුපුරුදු විදිහට Kentaro Miura ගේ ලෝක ප්‍රකට Berserk මන්ගා මාලාව මුලාශ්‍ර කොට ගෙන 2016 දී නිකුත් වුනු Berserk කතා මාලාවේ මීළඟ අදියර ලෙසින් 2017 වසරෙදී මේ කතා මාලාව නිකුත් වී තිබෙනවා. බොහෝ තැන්වල Berserk Season 2 ලෙසින් සඳහන් වෙන්නේ මේ 2017 දී නිකුත් වුනු Berserk කතා මාලාවම තමයි. මේ කතාව IMDB දර්ශකයේ 6.7 ක් සහ MyAnimeList දර්ශකයේ 6.57 ක අගයක් ලබාගෙන තිබෙනවා. පෙර කතාව සේම GEMBA සහ Millepensee Studio දෙක මෙහි ඇනිමේෂන් නිර්මාණ කටයුතු සිද්ධ කරල තිබෙනවා. මිනිත්තු 24 බැගින් වුනු කොටස් 12 ක් පුරා දිවයන මේ කතාව අපිට පුරුදු විදිහටම Action, Adventure, Drama, Fantasy, Horror, Gore, Military, Seinen යන Genre වලට අයත් වෙමින් R-17+(Violance & Profanity) යටතේ Rate වී තිබෙනවා. කතාවේ ආරම්භක තේමා ගීතය වෙන “Sacrifice” ගීතය, 2016 කතාවේ වගේම 9mm Parabellum Bullet සංගීත කණ්ඩායම විසින් perform කරද්දී අවසාන තේමා ගීතය වෙන “Issai wa Monogatari” ගීතය Yoshino Nanjo සහ Nagi Yanagi ගායිකාවන් දෙදෙනා විසින් perform කරනු ලබනවා. විශේෂයෙන්ම මේ අවසාන තේමා ගීතය කලින් කතාවේ වගේම අලංකාර එකක් බව පැවසිය යුතුමයි. ඒ වගේම මේ ඇසුරෙන් 2004 වසරෙදි Berserk Millennium Falcon Arc: Chapter of the Holy Demon War නමින් වීඩියෝ ක්‍රීඩාවක් නිකුත් වී තිබෙනවා.
කලින් කිව්වත් වගේ මේ කතාවේ ආරම්භය කෙලින්ම Berserk (2016) කතා මාලාවේ අවසානය හා සම්බන්ධයි. මොකද මේ 2017 කතා මාලාව, 2016 කතා මාලාවේ sequel එක බව මම මුලදී සඳහන් කළා. ඔබ තාමත් ඒක නරඹපු නැති කෙනෙක් නම් මේක නරඹන්න කලින් 2016 නිකුත් වුනු කතාව නරඹා තිබීම අතිශයින් අත්‍යාවශ්‍යයි. ඉතින් මේ 2017 ට යන්න පෙරාතුව 2016 හි සිද්ධ වුනු අවසානයේ සාරාංශයක් නැවත මතක් කර ගනිමු.
කිසි දෙයක් කර කියා ගත නොහැකි වගේම කිසිම සන්නිවේදනයක් කිසිම කෙනෙක් එක්ක කිරීමට අපොහොසත් තත්වයට පත් වෙලා ඉන්න කැස්කා, මායාකාරියක් යැයි නම් කර පණ පිටින් පුච්චා දමන්න මොස්ගස් පියතුමා සූදානම් වෙනවා. තමන්ගේ දහමට අවනත නැති එය විශ්වාස නොකරන අයව මිත්‍යාදෘශ්ටිකයන් විදිහට හංවඩු ගසා දරුණු දඬුවම් නියම කිරීම මේ මොස්ගස් පියතුමා සහ ඒ වෙනුවෙන් ඉන්න ශුද්ධ යකඩ දාම නයිට්වරුන්ගේ එකම කාන්තා අණ දෙන නිළධාරී කමාන්ඩර් ෆර්නෙස් හා එක්ව සිද්ධ කරනවා. මොවුන් සමඟ ගැටුම් කිහිපයකට ගට්ස් මුහුණ දෙන්නේ කැස්කාව ආරක්ෂා කිරීම ගස්ට්ගේ අරමුණ වෙන නිසාවෙනුයි. ඒ වෙනුවෙන් විනිශ්චයේ කුළුණ නම් ස්ථානයේ මේ සියලුම දෙනා එකිනෙකාට මුණ ගැසෙනවා. ඒ අනුව අවසාන සටන මේ විනිශ්චයේ කුළුණ අභියස සිද්ධ වෙනවා.
මේ හැම දෙයක්ම සිද්ධ වෙද්දි අභිරහස් පුද්ගලයෙක් මේ හැම දෙයක් දිහාම බලාගෙන හැමදෙයකමට අත පොවනවා. ඒ තවත් සූර්යග්‍රහණයක් සමඟින් දේව හාස්කමක් වෙනුවෙන් ඇඟිලි ගනිමින් ඉන්න බෙහෙලිත් බිත්තරයක හැඩයේ ජීවියෙක්. ඒ වගේම මින් පෙර සිද්ධ වුනු ඒ සූර්යහ්‍රහණය සහ ව්‍යසනය නැවතත් සිද්ධ වෙනවා. හැබැයි ඒ කලින් සිද්ධ වුනු විදිහට වඩා වෙනස් විදිහකට. දරුණු සටනක් අවසානයේදී ගට්ස් කැස්කාව බේරගන්න සමත් වුනත් ඒත් එක්කම ගට්ස්ගේ වියරුව දෙගුණ තෙගුණ වෙන සිදු වීමක් අවසානයේ සිද්ධ වෙනවා.
මීට කලින් තමන්ගේ ඇස් ඉදිරිපිටම තමන්ගෙ යහළු මිත්‍ර සහෝදරයන්ව ලෙයින් පාවා දී කිසි දෙයක් සිද්ධ නොවුනාක් වගේ කෙනෙක් තමන් ඉදිරිපිටට ආවොත් මොන විදිහේ හැඟීමක් ඇති වේවිද? හොඳම මිත්‍රයා යැයි සිතමින් හැම දෙයක්ම ඔහු වෙනුවෙන් කර, අවසානයේ තමන්ට ද්‍රෝහි වී ගිය කෙනෙක් ආපහු ඇස් ඉදිරිපිටට පැමිණියහොත් එය මොන වගේ හැඟීමක් වේවිද? ඒ පුද්ගලයා කවුදැයි Berserk රසිකයින්ට මම නමින් පැවසිය යුතු නැහැ. එතනින් පස්සේ ගට්ස් කළේ මොකක්ද? ඔහු ගත්තු තීරණ මොනවද? ඔහු ගියේ මොන වගේ දරුණු දේවල් හරහාද? අර නම සඳහන් කරන්නවත් සුදුසු නැති කෙනා ආපහු ආවේ ඇයි? ඉන් ඉදිරියට ලෝකයට උදා වෙන්නෙ මොන වගේ යුගයක්ද? ඒ හැමදේටම උත්තර මේ කතාවෙන් අපි හොයා ගන්න බලාපොරොත්තු වෙමු.

මේ Berserk (2017) කතා මාලාවේ සිංහල උපසිරැසි නිර්මාණය වෙන්නේ Kayoanime වෙබ් අඩවියේ තිබෙන වීඩියෝ පිටපත් වලට අනුවයි. ඒ වගේම සුපුරුදු විදිහට ජපන් බසට ගැලපෙන්න තමයි උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ. Baiscopedownloads වෙබ් අඩවියෙනුත් වීඩියෝ පිටපත් ලබා දේවි. එහෙනම් Berserk විශ්වයේ අවසාන දිගහැරුම වෙත අපි අවතීර්ණ වෙමු. නරඹන්න මෙතැන් පටන් ඒ කතාව. ඉදිරි කොටස් වලදී හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා ගැලපේ.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,061 downloadsDownload Berserk-2016-S02-E01-E02-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Berserk S01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #Allegra Clark
- #Berserk
- #Berserk S01
- #Berserk S01 Sinhala Sub
- #Berserk S01 Sinhala Subtitles
- #Editor's Pick
- #Hiro Shimono
- #Hiroaki Iwanaga
- #Kaoru Mizuhara
- #Kazuyuki Okitsu
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Toa Yukinari
- #TV
- #Yôko Hikasa
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Ishan Madusha
priya
බොහොම ස්තුතියි
Anonymous
sub denakn bln hitiye, thanx lots.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි.