Watch Trailer

Berserk (2016 – 2017) [S02 : E07 & E08] Sinhala Subtitles | අන්ධකාරයේ ගර්භාෂය! [සිංහල උපසිරසි] (18+)

Berserk S01 Sinhala Subtitles රුධිරය, ත්‍රාසය, භීතිය සහ අධිස්වාභාවිකත්වය මුසු වියරුවෙන් දැවෙන Berserk (2016) ට පසුව, එහි මීළඟ අදියර ලෙසින් මුළු කොටස් 12 ක් පුරා දිග හැරෙන Berserk (2017) ඇනිමෙ කතා මාලාවේ 07 සහ 08 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආත්ම ගසේ මන්දිරයෙදි ගට්ස් සහ අනිත් පිරිස කටකතා වල කියවෙන…

Berserk S01 Sinhala Subtitles

රුධිරය, ත්‍රාසය, භීතිය සහ අධිස්වාභාවිකත්වය මුසු වියරුවෙන් දැවෙන Berserk (2016) ට පසුව, එහි මීළඟ අදියර ලෙසින් මුළු කොටස් 12 ක් පුරා දිග හැරෙන Berserk (2017) ඇනිමෙ කතා මාලාවේ 07 සහ 08 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ.

ආත්ම ගසේ මන්දිරයෙදි ගට්ස් සහ අනිත් පිරිස කටකතා වල කියවෙන මායාකාරිය මුණ ගැහීමත් එක්ක ආත්ම රාජධානිය ගැන නොදන්නා හුඟක් දේවල් දැනගන්නවා. හැබැයි ගට්ස්ගේ අරමුණ වෙනුවෙන් ප්‍රයෝජනවත් වෙන වැඩි දෙයක් නම් දැනගන්න වුනේ නෑ. තමාගේ වියපත් බව නිසා ගට්ස්ට සහ ආගන්තුක ගමේ අයට උදව් කරන්නට තියෙන නොහැකියාව එක්ක මායාකාරිය තමන්ගේ එකම ආධුනිකයාව ගට්ස් එක්ක මේ ගමනට එකතු කරනවා. ඒ ආධුනිකයා නමින් ෂීර්කෙ කියල ගැහැණු ළමයෙක්.

ගමට ගිය මේ පිරිසට ලැබුනේ කොහෙත්ම හොඳ පිළිගැනීමක් නම් නෙමෙයි. මායාකාරියන් ප්‍රතික්ෂේප කිරීමේ දැඩි විරෝධතාවය උඩ, ගට්ස් ඇතුළු පිරිසට ගමේ රැඳෙන්න කොහොම හරි අවස්ථාවක් ලැබෙනවා. ඒ අතරෙදි තමයි අඟුටුමිට්ටන්ගේ දැවැන්ත ප්‍රහාරයක් ගමට එල්ල වෙන්නේ. ඒ ප්‍රහාරයෙන් ගම බේරගන්න හැමෝම සටන් කරන විදිහ ගමේ හැමෝම පුදුම කරන්න සමත් වෙනවා. ඒත් එක්කම තමයි ෂීර්කෙ තමන්ගේ මැජික් හැකියා පෙන්නන්න පටන් ගන්නෙ.

ගමට එල්ල වෙන ප්‍රහාරයෙන් ගට්ස් ෂීර්කෙ ඇතුළු කණ්ඩායම මුහුණ දෙන්නෙ කොහොමද? ෂීර්කෙගේ බලය මොන වගේද? මේ කරදරකාර අඟුටුමිට්ටො එන්නෙ කොහෙන්ද? ඒ වගේම මීට පෙරදී සූර්යග්‍රහණයේදී අපිට හමුවනු බලවත් කෙනෙක් නැවතත් ගට්ස්ගේ ඉදිරියට එනවා. ඒ කවුද? තවත් බියජනක ලේ නැහැවෙන සිදුවීම් මාලාවකට තමයි අපි මේ අවතීර්ණ වෙන්නෙ. නරඹන්න මේ කොටස් දෙක. මීළඟට Berserk (2017) හි 09 සහ 10 කොටස් තුළින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා ගැලපේ.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

491 downloadsDownload Berserk-2016-2017-S02-E07E08-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

 

Berserk S01 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

491 downloadsDownload Subtitles25 KB

1 comment

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි.