Watch Trailer

Berserk (2016) [S01 : E05 & E06] Sinhala Subtitles | මිත්‍යාදෘශ්ටිකයෝ [සිංහල උපසිරසි] (18+)

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

Berserk S01 Sinhala Subtitles Masterpiece ඇනිමෙ කතා මාලාවක් වෙන Berserk හි මීළඟ අදියර ලෙසින් දිග හැරෙන 2016 වසරේ නිකුත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 05 සහ 06 කොටස් සමගිනුයි මේ එකතු වෙන්නේ. සුපුරුදු පරිදි මේ කතා මාලාවත් ප්‍රචණ්ඩකාරී ලේ වැගිරීම් සහිතව වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය යටතේ තමයි අරන් එන…

Berserk (2016) Cover

Berserk S01 Sinhala Subtitles

Masterpiece ඇනිමෙ කතා මාලාවක් වෙන Berserk හි මීළඟ අදියර ලෙසින් දිග හැරෙන 2016 වසරේ නිකුත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 05 සහ 06 කොටස් සමගිනුයි මේ එකතු වෙන්නේ. සුපුරුදු පරිදි මේ කතා මාලාවත් ප්‍රචණ්ඩකාරී ලේ වැගිරීම් සහිතව වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය යටතේ තමයි අරන් එන්නේ.

ශුද්ධ දාම යකඩ නයිට්වරුන්ගේ සිරභාරයට පත් වුනු ගට්ස්, තම ගමනේදී හමුවුනු පක් නම් පියාඹන එල්ෆ්ගේ උදව් ඇතුව කමාන්ඩර් ෆර්නෙස්වත් ප්‍රාණ ඇපයට අරන් පලා යනවා. අඳුර වැටෙද්දි ගට්ස්ගේ පස්සෙන් නපුරු ආත්මයන් එන බවක් මේ ෆර්නෙස් දන්නේ නෑ. ගට්ස් මේ දේට සූදානමින් සුපුරුදු විදිහට දැවැන්ත කඩුව ලෙලදවමින් ගමන් කරනවා. ඒ ගමනේදී තමයි ගට්ස් හොය හොයා හිටපු කෙනෙක් මන්දිරයකින් හමු වෙන්නෙ. කමාන්ඩර් ෆර්නෙසුත් මෙතෙක් විශ්වාස නොකරපු දේවල් විශ්වාස කරන්න පටන් ගන්නෙත් මේ දේවල් වලට මුහුණ දුන්නට පස්සෙ තමයි. මේ කෙනා මඟින් ග්‍රිෆිත් වෙත ළඟා වෙන එක තමයි ගට්ස්ගේ අරමුණ කියල අපිට පැහැදිලි වුනා. ටිකක් ලොකු සටනකින් පස්සෙ මේ කෙනාව මරා දමන්න ගට්ස් සමත් වුනත් ග්‍රිෆිත්ගේ ළඟට යන පාරක් නම් හම්බ වුනේ නෑ. මේ අතරේ ගට්ස්ගේ පස්සෙන් ආපු යකඩ දාම නයිට්වරුන්ගේ කෙනෙක්ටම ආපහු ෆර්නෙස්ව භාර දීලා ගට්ස් තමන්ගේ ගමන යනවා.

මේ අතරේ තවත් කෙනෙක් එක්තරා තැනකට ගමන් කරන ගමන් ඉන්නේ. මෙයා පියතුමෙක්. මෙයා යම් ධර්මයක් පතුරුවන කෙනෙක් බවත් පේනවා. ඒ ඉගැන්වීම්වලට එකඟ නොවන විශ්වාස නොකරන අයව මිත්‍යාදෘශ්ටිකයින් විදිහට හංවඩු ගහනවා. ඒ වගේම දරුණු විනිශ්චයකට ලක් කරලා දරුණු වධ හිංසාවලට ඒ මිත්‍යාදෘශ්ටිකයින්ව පත් කරනවා. මේ කෙනා කවුද? මේ කෙනාගේ මේ ඉගැන්වීම් ධර්ම මොනවද? මේ කෙනා ගමන් කරන තැන මොකක්ද? කතාවේ ගට්ස්ගේ පළවෙනි දැවැන්ත සතුරා මුණ ගැහෙන්න ‍යන බවක් වගේ තමයි පේන්නේ. බලමු ඉදිරියේදී වෙන දේ. මේ කතාවේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නේ Berserk (2016) Season 01 (EP 01-12) [1080p] නම් Torrent පිටපතේ ජපන් බසට ගැලපෙන විදිහටයි. ඉතින් සිංහල උපසිරැසි එක්ක වීඩියෝ පිටපත් Japanese Audio එකට මාරු කරගන්න අමතක කරගන්න එපා. නරඹන්න එහෙනම් මේ කොටස් දෙක. මීළඟ කොටස් තුළින් හමු වෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

790 downloadsDownload Berserk-2016-S01-E05-E06-Sinhala-Subtitles.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Berserk S01 Sinhala Subtitles
Rank: Legend
Ratings
Reviews
0
Subtitles
518
Downloads
1.3M
Readers' rating
No reviews yet

Write a review of ලංකන් Weebs →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

790 downloadsDownload Subtitles27 KB

1 comment

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි.

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.