Berserk S01 Sinhala Subtitles Masterpiece ඇනිමෙ කතා මාලාවක් වෙන Berserk හි මීළඟ අදියර ලෙසින් දිග හැරෙන 2016 වසරේ නිකුත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 05 සහ 06 කොටස් සමගිනුයි මේ එකතු වෙන්නේ. සුපුරුදු පරිදි මේ කතා මාලාවත් ප්‍රචණ්ඩකාරී ලේ වැගිරීම් සහිතව වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය යටතේ තමයි අරන් එන…

Masterpiece ඇනිමෙ කතා මාලාවක් වෙන Berserk හි මීළඟ අදියර ලෙසින් දිග හැරෙන 2016 වසරේ නිකුත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 05 සහ 06 කොටස් සමගිනුයි මේ එකතු වෙන්නේ. සුපුරුදු පරිදි මේ කතා මාලාවත් ප්‍රචණ්ඩකාරී ලේ වැගිරීම් සහිතව වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය යටතේ තමයි අරන් එන්නේ.
ශුද්ධ දාම යකඩ නයිට්වරුන්ගේ සිරභාරයට පත් වුනු ගට්ස්, තම ගමනේදී හමුවුනු පක් නම් පියාඹන එල්ෆ්ගේ උදව් ඇතුව කමාන්ඩර් ෆර්නෙස්වත් ප්‍රාණ ඇපයට අරන් පලා යනවා. අඳුර වැටෙද්දි ගට්ස්ගේ පස්සෙන් නපුරු ආත්මයන් එන බවක් මේ ෆර්නෙස් දන්නේ නෑ. ගට්ස් මේ දේට සූදානමින් සුපුරුදු විදිහට දැවැන්ත කඩුව ලෙලදවමින් ගමන් කරනවා. ඒ ගමනේදී තමයි ගට්ස් හොය හොයා හිටපු කෙනෙක් මන්දිරයකින් හමු වෙන්නෙ. කමාන්ඩර් ෆර්නෙසුත් මෙතෙක් විශ්වාස නොකරපු දේවල් විශ්වාස කරන්න පටන් ගන්නෙත් මේ දේවල් වලට මුහුණ දුන්නට පස්සෙ තමයි. මේ කෙනා මඟින් ග්‍රිෆිත් වෙත ළඟා වෙන එක තමයි ගට්ස්ගේ අරමුණ කියල අපිට පැහැදිලි වුනා. ටිකක් ලොකු සටනකින් පස්සෙ මේ කෙනාව මරා දමන්න ගට්ස් සමත් වුනත් ග්‍රිෆිත්ගේ ළඟට යන පාරක් නම් හම්බ වුනේ නෑ. මේ අතරේ ගට්ස්ගේ පස්සෙන් ආපු යකඩ දාම නයිට්වරුන්ගේ කෙනෙක්ටම ආපහු ෆර්නෙස්ව භාර දීලා ගට්ස් තමන්ගේ ගමන යනවා.
මේ අතරේ තවත් කෙනෙක් එක්තරා තැනකට ගමන් කරන ගමන් ඉන්නේ. මෙයා පියතුමෙක්. මෙයා යම් ධර්මයක් පතුරුවන කෙනෙක් බවත් පේනවා. ඒ ඉගැන්වීම්වලට එකඟ නොවන විශ්වාස නොකරන අයව මිත්‍යාදෘශ්ටිකයින් විදිහට හංවඩු ගහනවා. ඒ වගේම දරුණු විනිශ්චයකට ලක් කරලා දරුණු වධ හිංසාවලට ඒ මිත්‍යාදෘශ්ටිකයින්ව පත් කරනවා. මේ කෙනා කවුද? මේ කෙනාගේ මේ ඉගැන්වීම් ධර්ම මොනවද? මේ කෙනා ගමන් කරන තැන මොකක්ද? කතාවේ ගට්ස්ගේ පළවෙනි දැවැන්ත සතුරා මුණ ගැහෙන්න යන බවක් වගේ තමයි පේන්නේ. බලමු ඉදිරියේදී වෙන දේ. මේ කතාවේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නේ Berserk (2016) Season 01 (EP 01-12) [1080p] නම් Torrent පිටපතේ ජපන් බසට ගැලපෙන විදිහටයි. ඉතින් සිංහල උපසිරැසි එක්ක වීඩියෝ පිටපත් Japanese Audio එකට මාරු කරගන්න අමතක කරගන්න එපා. නරඹන්න එහෙනම් මේ කොටස් දෙක. මීළඟ කොටස් තුළින් හමු වෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
787 downloadsDownload Berserk-2016-S01-E05-E06-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Berserk S01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #Allegra Clark
- #Berserk
- #Berserk S01
- #Berserk S01 Sinhala Sub
- #Berserk S01 Sinhala Subtitles
- #Editor's Pick
- #Hiro Shimono
- #Hiroaki Iwanaga
- #Kaoru Mizuhara
- #Kazuyuki Okitsu
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Toa Yukinari
- #TV
- #Yôko Hikasa
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Ishan Madusha
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි.