Watch Trailer

Berserk (2016) [S01 : E07 & E08] Sinhala Subtitles | මායාකාරියගේ සහ අසිපත්කරුගේ හමුවීම [සිංහල උපසිරසි] (18+)

Berserk S01 Sinhala Subtitles Masterpiece ඇනිමෙ කතා මාලාවක් වෙන Berserk හි මීළඟ අදියර ලෙසින් දිග හැරෙන 2016 වසරේ නිකුත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 07 සහ 08 කොටස් සමගිනුයි මේ එකතු වෙන්නේ. සුපුරුදු පරිදි මේ කතා මාලාවත් ප්‍රචණ්ඩකාරී ලේ වැගිරීම් සහිතව වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය යටතේ තමයි අරන් එන…

 

Berserk (2016) Cover

Berserk S01 Sinhala Subtitles

Masterpiece ඇනිමෙ කතා මාලාවක් වෙන Berserk හි මීළඟ අදියර ලෙසින් දිග හැරෙන 2016 වසරේ නිකුත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 07 සහ 08 කොටස් සමගිනුයි මේ එකතු වෙන්නේ. සුපුරුදු පරිදි මේ කතා මාලාවත් ප්‍රචණ්ඩකාරී ලේ වැගිරීම් සහිතව වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය යටතේ තමයි අරන් එන්නේ.

මොස්ගස් නම් පියතුමෙක්ගේ පැමිණීම එක්ක සමාජය තවත් බියකරු භීෂණයකට මුහුණ දීලයි තියෙන්නෙ. තමන්ගේ දේව විශ්වාසයන් පිළිනොගන්නා අයව පියතුමා වදදීම්වලට වගේම මරණීය දණ්ඩනයන්ට නියම කරන විදිහ දකින්න ලැබුනා. මේ පියතුමත් තමන්ගේ පරිවාර වධකයන් පිරිවරා යන්නේ විනිශ්චයේ කුලුණ කියල තැනකට කියලත් දැනගන්න ලැබුනා. ගට්ස් යන්නෙත් මේ විනිශ්චයේ කුළුණ හොයාගෙනයි.

උකුස්සාගේ කල්ලියේ ඉතුරු වුනු දෙවෙනියා වෙන, කැස්කාට සිද්ධ වුනු කම්පනය නිසා ඇයට කතා කර ගන්නත් බැරුව කරන කිසි දෙයක් තේරුමකුත් නැතුවයි ඉන්නෙ. මේ නිසාම මෙයා ලූකා කියලා සංචාරක ගණිකාවක් එක්ක එහෙ මෙහෙ යනවා. ඒ අතරේ දේව විශ්වාසයන් පිළි නොගන්නා අයව දඬුවම් දීමත් සිද්ධ වෙනවා. තැනින් තැන යන සරණාගතයො එක්ක කැස්කාත් ඉන්නවා. මේ හැමදේම වෙන්නේ විනිශ්චයේ කුලුණ කියන තැනේදීයි. ගට්ස් මේ කුළුන හොයාගෙන එන්නෙ කැස්කා එතන ඉඳීවි කියන අනුමානය අනුවයි. ඉතින් ගට්ස්ට කැස්කාව මුණ ගැසේවිද? අවුරුදු ගානක් නොදැකපු තමන්ගෙ ආදරණීය සහායිකාව හමු වේවිද? ලේ නැහැවෙන තවත් සටන් ජවනිකා කිහිපයකට තමයි මේ අවතීර්ණ වෙන්නේ. මේ කතාවේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නේ Berserk (2016) Season 01 (EP 01-12) [1080p] නම් Torrent පිටපතේ ජපන් බසට ගැලපෙන විදිහටයි. ඉතින් සිංහල උපසිරැසි එක්ක වීඩියෝ පිටපත් Japanese Audio එකට මාරු කරගන්න අමතක කරගන්න එපා. නරඹන්න එහෙනම් මේ කොටස් දෙක. මීළඟ කොටස් තුළින් හමු වෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

942 downloadsDownload Berserk-2016-S01-E07-E08-Sinhala-Subtitles.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

 

Berserk S01 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

942 downloadsDownload Subtitles26 KB

3 comments

  1. Tharusha sathmika

    Meka neme bn from dpnko

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  3. Radeesha

    from eka ikmanta danna