Watch Trailer

Berserk (2016) [S01 : E03 & E04] Sinhala Subtitles | අන්ධකාරයේ ආශ්චර්යයන් [සිංහල උපසිරසි] (18+)

Berserk S01 Sinhala Subtitles Masterpiece ඇනිමෙ කතා මාලාවක් වෙන Berserk හි මීළඟ අදියර ලෙසින් දිග හැරෙන 2016 වසරේ නිකුත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 03 සහ 04 කොටස් සමගිනුයි මේ එකතු වෙන්නේ. සුපුරුදු පරිදි මේ කතා මාලාවත් ප්‍රචණ්ඩකාරී ලේ වැගිරීම් සහිතව වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය යටතේ තමයි අරන් එන…

 

Berserk (2016) Cover

Berserk S01 Sinhala Subtitles

Masterpiece ඇනිමෙ කතා මාලාවක් වෙන Berserk හි මීළඟ අදියර ලෙසින් දිග හැරෙන 2016 වසරේ නිකුත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 03 සහ 04 කොටස් සමගිනුයි මේ එකතු වෙන්නේ. සුපුරුදු පරිදි මේ කතා මාලාවත් ප්‍රචණ්ඩකාරී ලේ වැගිරීම් සහිතව වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය යටතේ තමයි අරන් එන්නේ.

ග්‍රිෆිත් තමන්ගේ සිහිනය වෙනුවෙන් තමන්ගේ සියලුම මිතුරන් බිල්ලට දී අන්ධකාරයේ පියාපත් හෙවත් “ෆෙම්ටෝ” බවට පත් වෙද්දී, ඒ සියලුම සිදුවීම් වල එකම සාක්ෂිකරුවා විදිහට ගට්ස් විතරක් ඉතිරි වෙනවා. සිතේ තියෙන බොහෝ තුවාල සමඟින් ගට්ස් දැන් නගරයක් නගරයක් පාසා ආයුධ තොගයක් සමඟින් ගමන් කරනවා. ඒ අතරෙදි හමුවෙන මැරයන්ට වගේම ග්‍රිෆිත්ගේ සිදුවීම නිසා තාමත් ගට්ස්ගේ පස්සෙන් එන අඳුරු ආත්ම එක්කත් ගට්ස් සටන් කරනවා. මේ ගමනේදී පක් නම් පුංචි පියාඹන එල්ෆ් කෙනෙකුත් ගට්ස් එක්ක එකතු වෙනවා. ඒ මේ අතරෙදි තමයි ගට්ස් ශුද්ධ යකඩ දාම නයිට්වරුන්ගෙ ඉලක්කයක් බවට පත් වෙන්නේ. ඔවුන් එක්ක ඇති වුනු සටනින් නයිට් කමාන්ඩර් මරණයට පත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී, කමාන්ඩර්ගේ පෙර වාසනාවකට ගට්ස් යකඩ දාම නයිට්වරුන්ගේ සිර භාරයට පත් වෙනවා. ඒත් මේ නයිට්වරුන්ගෙන් බේරිලා යන්න ගට්ස් සමත් වෙනවා. ඒත් අඳුරු ආත්ම එක්ක තියෙන සටන් වල නම් ඉවරයක් නෑ.

දාම නයිට්වරුන්ගෙ පැනල යද්දි ගට්ස් ඒ කමාන්ඩර්වත් ප්‍රාණ ඇපයට අරන් තමයි යන්නෙ. හැබැයි මේ කමාන්ඩර් කෙල්ලෙක්. නමින් ෆර්නෙස්. ගට්ස් මුහුණ දෙන හැම අඳුරු දේකමට මේ කමාන්ඩර් ෆර්නෙසුත් මුහුණ දෙනවා. කාලයක් තිස්සේ ගට්ස් හොයපු කෙනෙක්ව ගට්ස්ට මුණ ගැහෙනවා. ඒත් එක්කම තමයි කමාන්ඩර් ෆර්නෙසුත් එයා මෙතෙක් මුහුණ දුන්නු භයානකම දේට මුහුණ දෙන්නේ. ඒ මොකක්ද? ගට්ස්ට මුණ ගැහුනු කෙනා කවුද? එයාට කමාන්ඩර් ෆර්නෙස් බය වෙන්නෙ ඇයි? ගට්ස්ගෙන් ගැලවෙන්න ෆර්නෙස්ට පුලුවන් වේවිද? ඒ අතරේ මිඩ්ලන්ඩ් දේශයටත් අවාසනාව උදා වෙලයි තියෙන්නෙ. මේ අවාසනාව මොකක්ද? මේ කතාවේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නේ Berserk (2016) Season 01 (EP 01-12) [1080p] නම් Torrent පිටපතේ ජපන් බසට ගැලපෙන විදිහටයි. ඉතින් සිංහල උපසිරැසි එක්ක වීඩියෝ පිටපත් Japanese Audio එකට මාරු කරගන්න අමතක කරගන්න එපා. නරඹන්න එහෙනම් මේ කොටස් දෙක. මීළඟ කොටස් තුළින් හමු වෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

866 downloadsDownload Berserk-2016-S01-E03E04-Sinhala-Subtitles.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

 

Berserk S01 Sinhala Subtitles

Subtitles

866 downloadsDownload Subtitles27 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.