Berserk S01 Sinhala Subtitles Masterpiece ඇනිමෙ කතා මාලාවක් වෙන Berserk හි මීළඟ අදියර ලෙසින් දිග හැරෙන 2016 වසරේ නිකුත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 09 සහ 10 කොටස් සමගිනුයි මේ එකතු වෙන්නේ. සුපුරුදු පරිදි මේ කතා මාලාවත් ප්‍රචණ්ඩකාරී ලේ වැගිරීම් සහිතව වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය යටතේ තමයි අරන් එන…

Masterpiece ඇනිමෙ කතා මාලාවක් වෙන Berserk හි මීළඟ අදියර ලෙසින් දිග හැරෙන 2016 වසරේ නිකුත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 09 සහ 10 කොටස් සමගිනුයි මේ එකතු වෙන්නේ. සුපුරුදු පරිදි මේ කතා මාලාවත් ප්‍රචණ්ඩකාරී ලේ වැගිරීම් සහිතව වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය යටතේ තමයි අරන් එන්නේ. ඒ වගේම Berserk 2016 කතා මාලාවේ අවසානයට අපි ළං වෙමිනුයි ඉන්නේ.
සරණාගත ගණිකාවන් එක්ක හිටපු එලේන් හෙවත් අපි දන්න කැස්කා, ඇයගේ සලකුණ නිසාවෙන් ඇදිලා එන නපුරු අඳුරු ආත්මවල හැසිරීම නිසා මිත්‍යාදෘශ්ටිකයන් ඇයව මායාකාරියක් විදිහට දැකලා සත්කාර කරන්න පටන් ගන්නවා. ඊටත් වඩා ඇයව තවත් අපි නොදන්නා අඳුරු බලවේගයක් විසින් ආරක්ෂා කරන බවක් තමයි පෙනුනේ. විනිශ්චයේ කුළුණ අභියසට ගස්ට් ආවත් ගට්ස්ට කැස්කාව අනූ නමයෙන් තමයි මඟ ඇරෙන්නේ. ඒ අතරේ මිත්‍යාදෘශ්ටික දඩයම්කරුවොත් ඔත්තුවකට අනුව මිත්‍යාදෘශ්ටිකයන් එකතු වෙන තැනට එනවා. ඒ වගේම ගට්ස්ගේ පස්සෙන් මේ වෙනකල් ආපු ඉසිදොරෝ සහ පක්ගේ උදව් නිසා ගට්ස් කැස්කාව හොයාගන්න සමත් වෙනවා.
මේ හමුවීමත් එක්ක එතන අඳුරු ආත්ම වලින් ආවේශ වුනු මිත්‍යාදෘශ්ටිකයන්, මිත්‍යාදෘශ්ටික දඩයම්කරුවො හෙවත් යකඩ දාම නයිට්වරු සහ ගට්ස් අතරේ සටනක් ඇති වෙනවා. මිත්‍යාදෘශ්ටිකයන් සහ නයිට්වරු අතරේ සටන ඇදී යාමෙන් කැස්කා අනිත් කෙල්ල එක්ක ලූකා සටනින් පැනල යන්න සමත් වෙනවා. ගට්ස් දරුණු ආත්ම දූතයෙක් එක්ක සටන් කරනවා. හැබැයි මේ මොන සටන වුනත් කැස්කා ගට්ස්ව අඳුරගත්තේ නම් නෑ. සටන නිසා ගට්ස්ගෙන් කැස්කා ඇතුළු පිරිස වෙන යාම නිසාවෙන් එළියෙදි කැස්කා ඇතුළු පිරිස ආයෙත් නයිට්වරුන්ගේ සිර භාරයට පත් වෙනවා.
කැස්කාව ලබා ගැනීමේ ගට්ස්ගේ මෙවර උත්සහයත් අසාර්ථක වෙනවා. මේ හැමදේම සිද්ධ වෙන්නෙ විනිශ්චයේ කුළුණ ආසන්නයේ නිසාවෙන් සිර භාරයට පත් වුනු අයව මේ කුළුනේ තමයි සිර කරන්නේ. දැන් ගට්ස්, ඉසිදොරෝ, පක් සහ ලූකා කියන ගණිකා කෙල්ල එක්ක කැස්කාව බේරගන්න යනවා. විනිශ්චයේ කුලුණ කියන්නෙ එක් අතකින් වධකාගාරයක් බව අපිට කලින් දකින්න ලැබුනා. ඉතින් මිත්‍යාදෘශ්ටිකයන්ට මේකෙන් කිසි සමාවක් ලැබෙන්නෙ නෑ. මරණය අභියසට යන කැස්කාව මෙවර බේරගන්න ගට්ස්ට පුලුවන් වේවිද? මේ හැම දෙයක් දිහාම බලන් ඉන්න අද්භූත කෙනෙක් අපිට වරින් වර දකින්න ලැබුනා. ඒ කවුද? තවත් ලේ නැහැවෙන සිදුවීම් පැමිනීමට නියමිතයි. නරඹන්න එහෙනම් මේ කොටස් දෙක. කතාවේ අවසානයට අපි ළං වෙලයි ඉන්නේ. එහෙනම් මීළඟට Berserk 2016 ඇනිමෙ කතා මාලාවේ අවසාන කොටස් තුළින් හමු වෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
721 downloadsDownload Berserk-2016-S01-E09-E10-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Berserk S01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #Allegra Clark
- #Berserk
- #Berserk S01
- #Berserk S01 Sinhala Sub
- #Berserk S01 Sinhala Subtitles
- #Editor's Pick
- #Hiro Shimono
- #Hiroaki Iwanaga
- #Kaoru Mizuhara
- #Kazuyuki Okitsu
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Toa Yukinari
- #TV
- #Yôko Hikasa
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Ishan Madusha
Advertisement



බොහොම ස්තූතියි.