Watch Trailer

Berserk (2016) [S01 : E11 & E12] Sinhala Subtitles | සුදු උකුස්සාගේ ආගමනයද මේ? [සිංහල උපසිරසි] (18+)

Berserk S01 Sinhala Subtitles Masterpiece ඇනිමෙ කතා මාලාවක් වෙන Berserk හි මීළඟ අදියර ලෙසින් දිග හැරෙන 2016 වසරේ නිකුත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 11 සහ 12 කොටස් හෙවත් අවසාන කොටස් දෙක සමගිනුයි මේ එකතු වෙන්නේ. සුපුරුදු පරිදි මේ කතා මාලාවත් ප්‍රචණ්ඩකාරී ලේ වැගිරීම් සහිතව වැඩිහිටියන්ට පමණයි කියන ලේ…

Berserk (2016) Cover

Berserk S01 Sinhala Subtitles

Masterpiece ඇනිමෙ කතා මාලාවක් වෙන Berserk හි මීළඟ අදියර ලෙසින් දිග හැරෙන 2016 වසරේ නිකුත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 11 සහ 12 කොටස් හෙවත් අවසාන කොටස් දෙක සමගිනුයි මේ එකතු වෙන්නේ. සුපුරුදු පරිදි මේ කතා මාලාවත් ප්‍රචණ්ඩකාරී ලේ වැගිරීම් සහිතව වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය යටතේ තමයි අරන් එන්නේ. ඒත් එක්කම අධිස්වාභාවිකත්වය, භීතිය, ත්‍රාසය, ක්‍රියාදාමය නොදඩුව අපිට මේ කතාවෙත් දකින්න ලැබුනා. ඉතින් එවන් රසයන් එක්ක මෙහි අවසානය මොන වගේ වේවිද?

ශුද්ධ යකඩ දාම නයිට්වරු හෙවත් මිත්‍යාදෘශ්ටික දඩයම්කරුවො අතට පත් වුනු කැස්කා සහ නීනා කියන ගණිකා කෙල්ලව බේරගන්න ගට්ස් සමඟින් ඉසිදොරෝ, පක් සහ ලූකා කියන ගණිකා කෙල්ල විනිශ්චයේ කුළුණ වෙතට එනවා. වධාකාගාරයක ලබාදෙන ඉතා දරුණු දඬුවම් මඟින් මිනිස්සුන්ට විනිශ්චය ලබා දෙන මොස්ගස් පියතුමාටත් මෙතෙක් දකින්න නොලැබුනු දෙයක් දකින්න ලැබෙනවා. මායාකාරියක් යැයි නම් කර වදදීමට සූදානම් වෙද්දි, කැස්කාගෙන් උපන් මළවුන්ගේ ආත්ම නිසා වධකාගාරයත් කුළුණත් සම්පූර්ණයෙන්ම කලබැගෑනියකට හසු වුනා. කමාන්ඩර් ෆර්නෙස්ටත් මේ හැමදේම හරිම භයානක සිදුවීම් ජාලාවක් වුනා. මොස්ගස් පියතුමා නොබියව කැස්කාව දණ්ඩණයට ලක් කරන්න සූදානම් වෙද්දි ගස්ට් හරිම වෙලාවට එතනට එනවා. ඉතින් පියතුමාගේ අළුගෝසුවන් සහ ගට්ස් අතර දරුණු සටනක් ඇරඹුනා.

වධකාගාරයෙන් ආ ආත්ම ගංගාව නිසා විනිශ්චයේ කුළුනත් විනාශ වීම පටන් ගත්තා. මොස්ගස් පියතුමාට ලැබුනු බලයන් නිසා ඒ බලයන් යොදාගෙන මිත්‍යාදෘශ්ටිකයන් ඇතුළු ආත්ම ගංගාව විනාශ කරන්න කටයුතු කරනවා. ඒ අතරේ මුල ඉඳන්ම රහසක් වුනු හැමදේටම අත ගැසූ, නොදන්නා ඇස් දෙක කාගේද යන්න අපිට දකින්න ලැබුනා. බෙහෙලිත් බිත්තරයකට සමාන පෙනුමක් තියෙන මේ ජීවියාගේ ප්‍රාර්ථනාව තවත් නූපන් මිනිසෙකුට සමාන කලලයක් තබා ගනිමින් දේව බලපෑම් ඉදිරියේ නව ලෝකයක් බිහි කිරීම බව හෙළිදරව් කරනවා. ඒ වගේම මීට පෙරත් ග්‍රිෆිත්ගේ රතු සූර්යග්‍රහණය සිද්ධ වෙන අවස්ථාවේ ගට්ස්ට උදව් කරපු ඇටසැකිලි නයිට්වරයාත් මේ ස්ථානයට ඇවිල්ලයි ඉන්නේ. කිසිම මනුෂ්‍යයෙක්ට නැවැත්විය නොහැකි ඒ සිදුවීම් නැවතත් සිද්ධ වෙන නියමිත බව මේ ඇටසැකිලි නයිට්වරයා ගට්ස්ට අනතුරු අඟවනවා.

මොස්ගස් පියතුමා ලබාදෙන විනිශ්චයෙන් කැස්කාව බේරගන්න ගට්ස්ට පුලුවන් වේවිද? ගට්ස් ඇතුළු කණ්ඩායමේ මෙහෙයුම සාර්ථක වේවිද? බෙහෙලිත් බිත්තරය හැඩයේ ජීවියා ඇත්තටම කවුද? ඇටසැකිලි නයිට්වරයා අනතුරු ඇඟවූ ඒ සිදුවීම නැවතත් සිද්ධ වේවිද? කාල අසිපත්කරුවා මේ සියල්ලටම මුහුණ දෙන්නේ කොහොමද? අධිස්වාභාවිකත්වයෙන් භීතියෙන් ත්‍රාසයෙන් රුධිරයෙන් පිරුනු මේ කතාවේ මිනිසුන්ගේ ඉරණමේ කතාව විසඳෙන්නේ කොහොමද? සියලුම දේ සූදානම් වෙන්නේ පෙර පරිදිම නම්, මම ඉහළින් නම් කරපු විදිහට මේක සුදු උකුස්සාගේ ආගමනයක් වේවිද? මේ සියලුම දේ සමඟින් නරඹන්න මේ අවසානය. මේ කතාවේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නේ Berserk (2016) Season 01 (EP 01-12) [1080p] නම් Torrent පිටපතේ ජපන් බසට ගැලපෙන විදිහටයි. ඉතින් සිංහල උපසිරැසි එක්ක වීඩියෝ පිටපත් Japanese Audio එකට මාරු කරගන්න අමතක කරගන්න එපා. මේ කතා මාලාවේ අවසානයෙන් පසුව එහි ඊළඟ අදියර ලෙසින් අපි මීළඟට හමුවෙන්නේ Berserk (2017) ඇනිමෙ කතා මාලාවෙනුයි. කතාව ගැන ඔයාගෙ අදහසත් පහළින් කියන්න අමතක කරන්න එපා. මීළඟ අදියරෙන් හමුවෙනකල් එතෙක් Happy Anime!

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

810 downloadsDownload Berserk-2016-S01-E11-E12-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

 

Berserk S01 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

810 downloadsDownload Subtitles25 KB

6 comments

  1. Gihan

    Supiriyak sub ekt thanks

  2. Gihan

    සබ් එකට ස්තූතියි

  3. Dasun Lakruwan

    හස්සා..සේරම එනකන් හිටියේ...සුපිරි තෑන්ක්ස්

  4. priya

    2017 serie එකටත් sub ඕනේ thanks

  5. Anonymous

    Berserk 2017 denne kawaddooooo

  6. Anonymous

    Berserk 2017 දෙන්නෙ කවද්දෝ