හොඳයි එහෙනම් මේ ගේන්නේ Better Call Saul තුන්වෙනි කතා මාලාවේ නමවෙනි කොටස. තව එක කොටසකින් මේ තුන්වෙනි කතා මාලාවත් ඉවරයක් වෙනවා. ඉතින් සුපුරුදු විදිහටම අද කොටස ගැන කෙටි විස්තරයක් බැලුවොත් මේ කොටස නම් කරලා තියෙන්නේ Fall කියන නමින්. ඒ වගේම 2017 ජූනි 12 වෙනිදා ඇමරිකාවේ AMC නාලිකාව හරහා විකාශය වුනා වගේම ඇ…

හොඳයි එහෙනම් මේ ගේන්නේ Better Call Saul තුන්වෙනි කතා මාලාවේ නමවෙනි කොටස. තව එක කොටසකින් මේ තුන්වෙනි කතා මාලාවත් ඉවරයක් වෙනවා. ඉතින් සුපුරුදු විදිහටම අද කොටස ගැන කෙටි විස්තරයක් බැලුවොත් මේ කොටස නම් කරලා තියෙන්නේ Fall කියන නමින්. ඒ වගේම 2017 ජූනි 12 වෙනිදා ඇමරිකාවේ AMC නාලිකාව හරහා විකාශය වුනා වගේම ඇමරිකාවෙන් පිටත Netflix හරහා විකාශය වුනා.
ඉතින් පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු.
පසුගිය කොටසේ අතීත මතක ආවර්ජණයක් එක්ක තමයි පටන් ගන්නේ. ජිමී සහ මාකෝ මැක්ගිල්ලාගේ අතෑරලා දාල තිබුන ඉලිනොයිස් වල සිසෙරෝ පළාතේ තියෙන සාප්පුවට හොරෙන් ඇතුලු වෙනවා. වාසියක් වෙනුවෙන් ඉන්දියානු හිසක් තියෙන පැන්සයක් හොයන්නයි මෙයාලා හොරෙන් මේ කඩේට එන්නේ. ඉතින් ජිමී පොඩි කාලේ සිවිලිම උඩ මේවා පෙට්ටියකට දාලා හංගලා තියෙන තැනින්ම මෙයාලට මේක හොයාගන්න පුලුවන් වෙලා. ඉතින් මෙතන වෙන කතාවකින් මේ වගේ දුර්ලභ කාසි හම්බවුන එකෙන් තමන්ගේ තාත්තා ආපහු ඒ අදාල පුද්ගලයාටම ඒ සල්ලි දෙන්න හදපු උත්සාහය වැරදුන එක ගැන මාකෝට ජිමී මතක් කරනවා.
ඉතින් වර්තමාන කතාව පැත්තට ගියොත්,
මයික් වාහනෙන් යනවා තමන් අයිස්ක්‍රීම් ට්‍රක් එකේ හොරකම කරපු තැනට. නාචෝ දුන්න තොරතුරු වලට අනුව මෙටල් ඩිටෙක්ටර් එකක් සහ සවලක් භාවිතා කරමින් මැරුණ සිම්නස්ගේ මිණිය හොයාගන්න උත්සාහ කරනවා. නමුත් වලවල් ගාණක් හෑරුවාට පස්සේ අන්තිමටම කොහොම හරි අතක් හොයාගන්න පුලුවන් වෙනවා. ඉතින් මයික් කරේ නිර්නාමික ඇමතුමක් පොලිසියට ලබාදීලා මේ ගැන වාර්තා කරනවා.
චක්ගේ ගෙදරදී, චක්ගේ අසනීප තත්වයේ අඩුව ගැන ඩොක්ටර් කෘස් එකක් චක් කතාබහ කරනවා. චක් තමන්ට තියෙන විද්‍යුත් චුම්බක අධි සංවේදිතාවයෙන් සුවය ලැබීමට ආසන්නව ඉන්නේ කියලා ඩොක්ටර් කෘස්ට කියනවා. නමුත් චක් විහින්ම පිලිගන්නවා මේක තමන්ගේ මනසේ මවාගත්ත දෙයක්ද කියලත්. ඉතින් ඩොක්ටර් කෘස් කියන්නේ මේකට කලබල නොවී ඉක්මණින් ඕනෑවට වඩා උත්සාහ නොකර සාමාන්‍යය විදිහට මේ සුවවීමේ ක්‍රියාපටිපාටිය කරගෙන යන්න කියලයි. පස්සේ චක් ලඟ තියෙන සුපිරි වෙළඳසැලක සිල්ලර බඩු මිලදී ගන්න තනියම ගෙදරින් පිටත්ව යනවා. ඒ චක්ගේ තත්වේ යහපත් අතට හැරෙනවා කියලා අඟවන්න. ඒ කරලා චක් ආපහු ගෙදරට එනකොට හෝවර්ඩ් ගෙදරට ඇවිත් ඉන්නවා. චක්ගේ මේ සුවවීමට සුභපතනවා වගේම චක්ගේ අක්‍රමිකතා රක්ෂණය පිළිබඳ ගැටළුවක් තියෙනවා කියලා හෝවර්ඩ් චක්ට දැනුම් දෙනවා.
සංගීත සාප්පුවට කරපු දැන්වීම සාර්ථක වුනාට පස්සේ ජිමී ඊළඟ දැන්වීම් කරන්න ගියත් එතන අයිතිකාරයෝ ඒකට කැමති වෙන්නේ නැහැ. වෙළඳසැලේ හිමිකරුවන් ජිමීට සල්ලි ගෙවන්න ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ජිමී ස්ලිපින් ජිමී කියන උපක්‍රමය ගැන හිතලා හිතාමතාම ඩ්‍රම් ගහන ස්ටික් එක පහලට දාලා ජිමී හිතලම ලිස්සලා වැටෙනවා. මේ අතර කිම් පේජ් සහ කෙවින් එක්ක රෙස්ටුවර්න්ට් එකකට යනවා තේ බොන්න. මෙහෙම ඉද්දි හෝවර්ඩුත් සේවාදායකයන් වගයක් එක්ක මේ රෙස්ටුවර්න්ට් එකටම එනවා. ඉතින් හෝවර්ඩ් මෙයාලා ඉන්න තැනට ඇවිත් කතා කරලා යනවා. හැබැයි ඉතින් පොඩි කින්ඩියකුත් දානවා. කොහොම හරි පේජ් මේ ගැන හිතලා පේජ් ආපහු හෝවර්ඩ් ගාවට ගිහින් චෙක් එකක් ලියලා දෙනවා. ඒ දෙන්නේ හෝවර්ඩ් කිම්ට නීති පාසලට වියදම් කරපු සල්ලි. හෝවර්ඩ් පස්සේ කිම්ට චෝදනා කරනවා කිම් සහ ජිමී නිසා සමාගම ආගාදයට වැටුනා කියලා. නමුත් කිම් කියනවා චක්ගේ තත්වය වසන් කරපු නිසයි එහෙම වුනේ කියලා.
ඉතින් මෙහෙම සිදුවීම ඉවරයක් වෙලා කිම් ආපහු තමන්ගේ කාර්යාලයට එනකොට ජිමී කාර්යාලයේ ඉන්නවා දැකගන්න පුලවන් වෙනවා. ඒ ජිමී කිම්ට දෙන්න තියෙන සල්ලිත් එක්කමයි. ජිමීට ඒ සල්ලි ගෙවන්න පුලුවන් වෙන්නේ තමන්ට සිදුවුන අනතුර නිසා වෙළඳසැලේ රක්ෂණයෙන් ජිමීට සල්ලි දුන්න නිසා. ජිමී කොච්චර දේවල් කිව්වත් ජිමීට සල්ලි හොයන්න අමාරුවෙයි කියලා හිතලා කිම් තවත් සේවාදායකයෙක්ව හොයාගන්න උත්සාහ කරනවා. මේ අතරතුර ප්‍රජා සේවය කරන තැනදීත් ජිමී ඩොලර් 700ක් හොයාගන්නවා. ඒ පන්ති ක්‍රියාකාරී නඩුවකින් එතන බලාගන්න අධීක්ෂවරයාට කරනවා කියලයි. ඒ වගේම එතන වැඩකරපු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් අධීක්ෂකවරයාගෙන් කලින් පිටත්වෙන්න පඅහනවා තමන්ගේ දරුවාට අසනීප වෙලා ඉස්පිරිතාලේ නවත්තලා ඉන්නවා කියලා. ඉතින් මේකට මේ මනුස්සයා අකමැති වෙන නිසයි ජිමී එයාගෙන් ඩොලර් 700ක් අරගෙන අර විදිහට නඩු දානවා කියලා බය කරවලා ඒ මනුස්සයාව ලමයාව බලන්න ඉස්පිරිතාලෙට පිටකරවන්නේ.
මෙහෙම වෙද්දි නාචෝ හෙක්ටර්ව මරණ්න තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරනවා. නාචෝ හොරෙන්ම අවන්හලේ වායු සමීකරණය කඩලා දානවා. මොකද එතකොට හෙක්ටර්ට දාඩිය දාන නිසා ජැකට් එක ගැලවලා පැත්තකින් තියන නිසා. ඉතින් නාචෝ කරන්නේ තමන් එකතු කරගත්තු සල්ලි වලින් එක කොලයක් සැක එකක් කියලා හෙක්ටර්ට ඒ ගැන බලන්න කියලා කියනවා. හෙක්ටර් ඒ සල්ලි ගැන බලන අතරේ නාචෝ හෙක්ටර්ගේ ජැකට් සාක්කුවේ තිබුන නයිට්‍රොග්ලිසරින් බෝතලය හොරකම් කරනවා. ඒ කරලා ඒකේ තිබුන බෙහෙත් වෙනුවට ඉබුප්‍රොෆෙන් අඩංගු ඒ විදිහටම පේන කැප්සියුල් දානවා. ඒ කරලා හෙක්ටර්ට නොදැනෙන්න ආපහු ජැකට් එකේ සාක්කුවට ඒ බෝතලේ දානවා.
මයික් හෙක්ටර්ගෙන් හොකරම් කරපු ඩොලර් 250,000න් ඩොලර් 200,000ක් ඉතුරුව තියෙනවා. ඉතින් මයික්ට තේරෙනවා මේවා සැක හිතෙන්නේ නැති වෙන විදිහට මයික්ට තනියම වියදම් කරන්න බැරිවෙනවා කියලා. ඉතින් මයික් තීරණය කරනවා ගස්ටාවෝ ෆ්‍රින්ග්ගෙන් මේකට උදව් අරගන්න. ඒ මේ මුදල් විශුද්ධිකරණය කරලා තමන්ගේ පවුලට ඒවා ආපහු ලබාගන්න පුලුවන් විදිහක් ගැන ගස් ගෙන් දැනගන්නයි. ඉතින් මෙතනදී ගස් මයික්ට කියනවා සලමන්කාගේ සැකයාට භාජනය නොව පරිදි ප්‍රසිද්ධියේ සම්බන්ධ වෙන එකෙන් වැළකී ඉන්න ඕන කියලා. ඒ වගේම ගස් මයික්ටය කියනවා මේ මුදල් විශුද්ධිකරණය කිරීමේ ක්‍රියාවලිය අමාරු දෙයක් වුනත් තමන් ඒකට උදව් කරන්න එකඟ වෙනවා කියලත්.
ඉතින් පසුගිය කොටස ගලාගෙන ගියේ ඔය විදිහටයි. එහෙනම් තුන්වෙනි කතා මාලාවේ අවසාන කොටසින් හමුවෙමු. ජයවේවා…!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,973 downloadsDownload Better-Call-Saul-S03-E09.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
11 comments
Jeewantha
UNKNOWN
පොඩි පොඩි අඩුපාඩු තිබුණත් පළ කරපු සබ්ටයිටල් එකට ජය වේවා !
Anonymous
Thanks Machan <3
harith98
Thanks
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Navidu2019
thanx machan oye gammatma anith season deketh sub karpan
dhanushka
super Tv series ekak. thank you. anith season dekatath sub denna. Obata Jaya
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasiru
ගොඩක් ස්තූතියි මචන් මහන්සි වෙලා උපසිරස නිර්මාණය කරන එකට.
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.