Watch Trailer

Better Call Saul [S05 : E03] Sinhala Subtitles | සුදුසුම කෙනා [සිංහල උපසිරසි]

කළින් කතාව ඉවර වෙද්දී ජිමි අතැරපු අයිස්ක්‍රීම් එකෙන් තමයි අද කතාව පටන් ගන්නෙ. දැන් හැබැයි ජිමි නෙමෙයි සෝල් ගුඩ්මන් තමයි නම. ඒත් මම ජිමි විදියටම හදුන්වාගෙන යන්නම්. මේ අයිස්ක්‍රීම් එක ජිමි සෝල්ගුඩ්මන් බවට පත්වීමේ සංකේතාත්මක නිරූපණයක්. ජේම්ස් මිගෙල් විදියට ඔහු ඉද්දී සැහැල්ලුවෙන්, පහසුවෙන් නීතිය ක්‍රි…

 

කළින් කතාව ඉවර වෙද්දී ජිමි අතැරපු අයිස්ක්‍රීම් එකෙන් තමයි අද කතාව පටන් ගන්නෙ. දැන් හැබැයි ජිමි නෙමෙයි සෝල් ගුඩ්මන් තමයි නම. ඒත් මම ජිමි විදියටම හදුන්වාගෙන යන්නම්. මේ අයිස්ක්‍රීම් එක ජිමි සෝල්ගුඩ්මන් බවට පත්වීමේ සංකේතාත්මක නිරූපණයක්. ජේම්ස් මිගෙල් විදියට ඔහු ඉද්දී සැහැල්ලුවෙන්, පහසුවෙන් නීතිය ක්‍රියාත්මක කළා. ඒක රසවින්දා. ඔයාලත් දකින්න ඇති episode 01 එකෙත් ජිමි සහ කිම් රෑ කෑමට ඔය නිල්පාට අයිස්ක්‍රීම් එකම කනවා. නමුත් ජිමි මිගෙල් කියන රසවත් අයිස්ක්‍රීම් එක ඉහළ පෙළේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෝ එක්ක වැඩ කරන්න වෙද්දි අතහරිනවා. ඉතින් මේ ජාවාරම්කරුවෝ කියන විශාල කුහුඹුවන් අතහැරපු අයිස්ක්‍රීම් එක පොඩ්ඩ පොඩ්ඩ කාලා දානවා. අවසානෙට සෝල් ගුඩ්මන් විදියට පස්ස බලද්දී උන් ඔක්කොම කාළා ඉවරයි. හ්ම්! ඒකත් මාරයි නේද?

ක්‍රෙසි-8 අල්ලගත්තනෙ.⛓️‍ ඒකේ නඩුව ජිම්ට තමයි භාර වෙන්නෙ. නාචෝ ජිමීව ලාලෝ ගාවට ගෙනියනවා, ඔහු ඔහුගේ ඥාති සහෝදරයා වන ටුකෝ සලමන්කාගෙන් ජිමී ගැන දැන ගන්නවානෙ. ලාලෝට අවශ්‍ය ජිමී තම නීතිඥයා විදියට පෙනී ඉදලා ඩොමින්ගෝ මොලිනා නොහොත් ක්‍රේසි-8ට නිශ්චිත කතාවක් දෙන්න. ජිමී ලාලෝට ඒකට ලොකු ගාණක් කියනවා. එහෙම කියන්නෙ වැඩේ මගාරින්නද නැත්තම් සල්ලි වුවමනාවටද කියල ඔයාලා තිරණේ කරන්න. ඒ අතරේ මයික් වර්නර් සීග්ලර් එක්ක ගියපු බාර් එකේ ඉදලා බීලා එද්දි මැර කල්ලියකට හසු වෙනවා.

කොහොමහරි ජිමී ඩොමින්ගෝට ලාලෝගේ සැලැස්ම පැහැදිලි කරනවා. ඒ ගස්ට යන සල්ලි DEA ඇපේට තියලා
බේරෙන්නෙ.මෙතනදී Breaking Bad වලින් අපිට හමුවුන අපි දන්න DEA නියෝජිතයන් වන හැන්ක් ෂ්රැඩර් සහ ස්ටීවන් ගෝමස් හමුවෙනවා, ජිමී ඩොමින්ගෝගේ නීතිඥ “සෝල් ගුඩ්මන්” විදියට මැදිහත් වෙලා ගස් ෆ්‍රින්ග්ගේ රහසිගත පාර්සල් පිළිබඳ විස්තර DEA වෙත ලබා දීම සඳහා ඩොමින්ගෝව තොරතුරු සපයන්නෙකු ලෙස නිදහස් කිරීමට කටයුතු කරනවා. ජිමී ලාලෝට වැඩේ සාර්ථකව කළ බවට වාර්තාව දීලා එතනින් ඔවුන්ගේ මේ සම්බන්ධතාවේ ඉවර කරන්න උත්සහ කරත් නාචෝ ජිමීට කියන්නෙ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා වැඩ කිරීමට පටන් ගතත්තාම ආපසු හැරෙන්න බැහැ කියලා. නාචෝ ඩොමින්ගෝ නිදහස් කිරීම ගස් වෙත වාර්තා කරන අතර ලාලෝගේ රහස් පාර්සල් වල සැලැස්ම පැහැදිලි කරනවා. එතනදී ගස්ට හැබැයි ලොකු කැපකිරීමක් කරන්න වෙනවා.

නාචෝගේ සහ කිම්ගේ කාතාව ටිකක් හිතට වදින විදියට තියෙන්නෙ. මුලින් නාචෝ ඉන්න තැනට තාත්තා එන්නෙ හදිසියෙ. තම ඉඩම සහ සාප්පුව මිලට ගැනීමට ඔහුට ලැබි තිබුන ගනුදෙනුව නාචෝට දැනුම් දෙනවා. නාචෝ තාත්තට සුභපතාලා ගනුදෙනුව භාර ගන්න යෝජනා කරාම තමයි තාත්තා කළ කිරෙන්නෙ. මොකද තාත්තා දන්නවා මේක පිටිපස්සෙ නාචෝ ඉන්නවා කියලා. මෙතනදී අපිට සාම්ප්‍රදායික පිය පුතු අරගලයක් ඉස්මතු කරලා පෙන්නනවා. පුතා පියාගෙ අඩිපාරේ නොයාම, මැර කල්ලියකට ඇති සම්බන්ධය මේ අරගල වලට දැඩි ලෙස බලපානවා කියලා. මුලින්ම ජිමී සහ චක්, මයික් සහ එයාගේ පුතා ගැන ඇතිවෙන දුක. දැන් නාචෝ සහ එයාගෙ තාත්තා. මට හිතෙන්නෙ මේ කොටසින් පේන්නෙ අවුල් සහගත පවුල් සබඳතා සහ තම ආදරණියන් සමඟ ඇති අමනාපකම් එක්ක ජිවිතේ ගෙවෙන කොහොමද කියන ගැන කියලා.

ඊළඟට කිම් මාර කට්ටක් කනවා.‍ එක පැත්තකින් පවුල අනිත් පැත්තෙන් රස්සාව. කිම් දවසෙම පොදු සේවාදයන්ගෙ නඩු කතා කරන්න පෙළබෙනවා. සල්ලි වලට වඩා නොමිලේ සේවාව දීලා නඩු දිනුමෙන් ලැබෙන මානසික තෘප්තිය ගැන හිතලා වෙන්නැති. නමුත් ඒක සාර්ථක වෙන්නෙ නැහැ. මේත් එක්කම් රිච් ෂ්වෙයිකාර්ටගෙන් ඇමතුමක් එනවා. ඔහු වාහාම මේසා වර්ඩේ වයාපාරයේ ඇමතුම් මධ්‍යස්ථානයේ කටයුතු බලන්න ටුටුම්කාරි වෙත යන්න කියලා. මොකද ඒ ටුටුම්කාරි ඉඩමේ බලහත්කාරෙයෙන් ඉන්න එක් ඉඩම් හිමියෙක් ගැන වග බලා ගන්න කිම්ට තමයි පැවරෙන්නෙ. ඒකෙත් කිසි සාර්ථකත්වයක් නැතිවෙනවා. දවස
අවසානෙයේ තම ආසාර්ථකත්වයේ වාඩුව බියර් බෝතල් වලින් පිරිමසා ගන්න කිම්ට සිද්ධ වෙනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Bluray පිටපත් සඳහා ලබා දි ඇත.

1,435 downloadsDownload Better.Call_.Saul-S05E03.zip26 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමාල් ගනේගොඩ (G.V.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-03-02
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හේමාල් ගනේගොඩ (G.V.)

Subtitles

1,435 downloadsDownload Subtitles26 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි සහෝ උපසිරැසියට.........
    ඇඩ්මින්... මෙකේ සබ්එක ඩවුන්ලෝඩ්වෙන්නේ Kankhajura-S01E08 එකනේ...
    පොඩ්ඩක් බලනවද...........

  2. Nimesh Darshana

    Thank You Brother! Good Luck!❤️