Watch Trailer

Better Call Saul [S05 : E02] Sinhala Subtitles | 50%ක වට්ටම. [සිංහල උපසිරසි]

සෝල්ගේ අලුත් ව්‍යාපාරික උපක්‍රමය; ප්‍රචණ්ඩකාරී නොවන අපාරාධ සඳහා 50%ක වට්ටමක් කොතරම් සාර්ථකද කියන ප්‍රශ්නෙ එක්ක කතාව පටන් ගන්නවා. මේ කතාවේදි ගොඩක් බර තියෙන්නෙ නාචෝ සහ ලාලෝ වෙතයි. ලාලෝට ඕනෙ ගස් ෆිර්න්ගෙ වැඩ ගැන දැන ගන්න. ගස්ට ඕනේ ලාලෝගෙ ක්‍රියාකාරකම් දැනගන්න. නාචෝ ට මෙතනදී ගිරෙට අහුවෙච්ච පුවක් ගෙඩියක…

සෝල්ගේ අලුත් ව්‍යාපාරික උපක්‍රමය; ප්‍රචණ්ඩකාරී නොවන අපාරාධ සඳහා 50%ක වට්ටමක් කොතරම්
සාර්ථකද කියන ප්‍රශ්නෙ එක්ක කතාව පටන් ගන්නවා.

මේ කතාවේදි ගොඩක් බර තියෙන්නෙ නාචෝ සහ ලාලෝ වෙතයි. ලාලෝට ඕනෙ ගස් ෆිර්න්ගෙ වැඩ ගැන
දැන ගන්න. ගස්ට ඕනේ ලාලෝගෙ ක්‍රියාකාරකම් දැනගන්න. නාචෝ ට මෙතනදී ගිරෙට අහුවෙච්ච පුවක්
ගෙඩියක් වගේ වෙන්න වෙලා. කොහොම හරි දෙන්නටම වැඩ කරන්න වෙනවා. වික්ටර් සහ ටයිරස් කිට්
නාචෝ වර්ගාව ගස් ෆ්‍රින්ග් වෙත අරන් යනවා. නාචෝගේ පියාට තර්ජනය කරමින්, ගස්, නාචෝට ලාලෝ
සලමන්කාගේ විශ්වාසය දිනා ගෙන, සලමන්කාවරුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ඉල්ලනවා.
ඉතින් නාචෝට ලාලෝගේ විශ්වාසේ දිනා ගන්න පුළුවන් වෙන විදියට වැඩ කරන්න වෙනවා.
ඒ අතර ක්‍රෙසි-8 පොලිස් අත්ඩංගොඩ පත්වෙනවා.

මයික්ගේ ජීවිතේ ප්‍රචණ්ඩත්වයේන් පීඩාකාරි දේවලින් පිරී යන අතර සීයා කෙනෙක් විදියට තම කටයුතු සිදුකරීමට යුහුසුලු වෙනවා. තම මිණිබිරිය සමඟ වැඩිකාලයක් ගත කරන්න උත්සහ කරනවා.

කිම් වෙක්ස්ලර් සහ ජීමිගේ ජිවිත ටිකක් සංකීර්ණ වේගෙන යන තත්වයක් පේනවා. ජිමි පවුල් ජීවිතෙට
යම් අර්ථයක් දෙන්න විවිධ ක්‍රම අත්හදාබලනවා. ජිමී, සෝල් ගුඩ්මන් ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම ගැන
කිම් වෙක්ස්ලර් හැම වෙලාවෙම බයෙන්. ජිමීගේ බල කිරීම මත ජිමී සහ කිම් අලුත් ගෙයක් බලන්න යනවා. මෙතනදී වැදගත්කි කතාබහක් යනවා. කිම් වෙක්සල්ර්ගෙ සේවාදායකයාට ගනුදෙනුව පිළිගැනීමට උපකාර කිරීමට ජිමීගෙ උත්සාහයට කිම් ස්තූති කරනවා, නමුත් බොරු කීමෙන් සාර්ථක වීමට ඇයට වුවමනා නැති බව ජීමිට ඒත්තු ගන්වනවා. අනාගත සැලසුම් ගැන කතාබස් කළත් ඔවුනොවුන් අතර කතාබහේදී අනාගතය පිළිබඳ යම් අවිනිශ්චිතතාක් තියෙදෝ සැකයක් කිම් ගෙ කතාවෙන් පිළිබිඹු කරනවා.

ජිම් උසාවි කටයුතු වලදී සෝල් ගුඩ්මන් චරිතයට පණ පොවමින් වැඩි ප්‍රගතියක් ලබා ගැනීමට යුහුසුලු වෙනවා.
තාමාගෙ සේවාදයන්ගේ කටයුතු ඉක්මනින් හා කාරයක්ෂමව කිරීමට ජිම් පොඩි ගැටයක් ගහනවා. ඒ නීතිඥ සුසෑන් එරික්සන් එක්ක නඩු වලදී. ඉතින් ඒක කොතරම් සාර්ථකද කියලා
අද කතාවෙන් බලමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Bluray පිටපත් සඳහා ලබා දි ඇත.

1,477 downloadsDownload Better-Call-Saul-S05E02.zip24 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමාල් ගනේගොඩ (G.V.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-03-02
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හේමාල් ගනේගොඩ (G.V.)

Subtitles

1,477 downloadsDownload Subtitles24 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තුතියි හේමාල් මචෝ උපසිරැසියට

  2. Nimesh Darshana

    Thank You Brother! Good Luck!❤️