“නමස්තේ (NAMAST3)” කියල පටන් ගන්නම්. මොකද අද කතාවෙන් ජිමි හවර්ඩ්ට නමස්තේ කියනවා සහ හවර්ඩ් ගේ වාහනේ අංක තහඩුව තමයි කතාවේ නමත්. මේ වෙද්දී කතාවේ ප්‍රධාන චරිත මොනවාද කියලා හඳුනාගන්න බැරිවෙන තත්වෙට පත්වෙලා නේද? ඒ තරම් හැම චරිතයක්ම විශිෂ්ටයි. කලින් කළු චරිතයක් කියලා වැඩි කැමැත්තක් නැතිව හිටපු කෙනෙක් ගැන…

“නමස්තේ (NAMAST3)” කියල පටන් ගන්නම්. මොකද අද කතාවෙන් ජිමි හවර්ඩ්ට නමස්තේ කියනවා සහ හවර්ඩ් ගේ වාහනේ අංක තහඩුව තමයි කතාවේ නමත්. මේ වෙද්දී කතාවේ ප්‍රධාන චරිත මොනවාද කියලා හඳුනාගන්න බැරිවෙන තත්වෙට පත්වෙලා නේද? ඒ තරම් හැම චරිතයක්ම විශිෂ්ටයි. කලින් කළු චරිතයක් කියලා වැඩි කැමැත්තක් නැතිව හිටපු කෙනෙක් ගැන ටිකක් හිතන්න මේ කතාවෙන පොළඹවනවා කියලයි මට හිතෙන්නෙ.
ඒ හවර්ඩ් හැමලින්. අද කතාවේ, ජිමි සහ හවර්ඩ්ගේ දහවල් කෑම හමුවෙන් ගොඩක් දේවල් ප්‍රේක්ෂකයාට කියනවා. කලින් කොහොම වුනත් දැන් හවර්ඩ් හොඳ මනුස්සයෙක් කියලා හිතෙනවා. ඔහු ආචාරශීලී පෞරුෂයක් තියෙන කෙනෙක්. මනුස්සයෙක් එක්ක කතා කරද්දි අවංකවම සවන් දෙනවා. ඔහු ලෝකෙට තමාව ඉදිරිපත් වෙන ආකාරය ගැන විශාල සැලකිල්ලක් දක්වනවා. හාස්‍යජනක වුනාට වාහනෙ අංක තහඩුව උදාහරණයක්. යම් සුළු වරදක් නිසා හිතේ පසුබෑමක් තිබ්බත් එය නිවැරදි කරන්න ඔහු උත්සහා කරනවා. හවර්ඩ් ජිමිට ගොඩක් අචාරශිලි විදියට සලකනවා. ඒත් ජිමි තරහින් ඉන්නෙ. දවස අවසානයේ ජිමි හවර්ඩ්ගෙන් හාස්‍යජනක ලෙස පළිගන්නවා. ඒ නිසයි මම ජිමි හවර්ඩ්ට නමස්තේ කියනවා කියලා කිව්වේ.
ඊළඟට, ජිමිගේ පැත්තට හැරෙමු. 50% වට්ටම ගත්තු ආපරාධකාරොයෝ දෙන්නෙක්ගෙ නඩුවක් ලැබෙනවා සහ එත් එක්කම ප්‍රේක්ෂකයාගේ මූණට සිනාවක් ගේන මංකොල්ලකෑම් නඩුවක් මෙහෙයවනවා. ඒක නම් බලන්න වටිනවා. කිමිගෙ දවස ගත්තොත්, කලින් දවස ගන්නම දෙයක් නෑනෙ. ඒකේ වාඩුව බොතල් කුඩු කරලා පිරිමහ ගත්තනෙ. අද අලුත් දවසක්. කිම් සහ ජිමි වැඩ පටන් ගන්න එළියට බහිද්දි කලින් දවසේ කරපු වික්‍රමයේ ප්‍රතිඑල දකිනවා. වීදුරුකටු මුළු රථ ගාල පුරාම විසිරිලා. කිම් ඒ දිහා බලන් ඉද්දී ජිමි කියනවා ඒවා බිල්ඩිමේ අය සුද්ධ කර ගනියි කියලා. නමුත් කිම්ගේ අභිප්‍රාය කලින් දවස අසාර්ථක වුනාට අද දවස සාර්ථක කර ගන්න. ජිමි යනකම් ඉදලා කිම් ඒ වීදුරු කටු ටික සුද්ධ කරලා දානවා. මෙතනදී මේ චරිත දෙකේ වෙනස්කම් පෙන්නනවා. කිම්ට ඕනේ තාමාගේම අවුල් තමාම නිරාකරණය කරගන්න වුනාට ජිම් එහෙම නැහැ.
කිම්ගේ උසස් ගතිගුණ පිළිබිඹු කරණ අවස්ථාවක් මෙතනදී ඉස්මතු වෙනවා. ඒ මේසා වර්ඩේ ඇමතුම් මධ්‍යස්ථානය ගොඩනැගිමදී ආයතනයේ ඉඩමේ අනවසරයෙන් රැඳී සිටින ඇකර් මහත්මයා බලහත්කාරයෙන් එළියට දැමීම සම්බන්ධව. නීතිය අනුව එසේ කිරීමට හැකි වුනාට මනුස්සයෙක්ව තම ඉඩමෙන් බලෙන් ඉවත් කිරීම නුසුදුසු බව කිම්ගේ මතේ. ඉතින් බලෙන් ඉවත් කිරීම නතර කරන්න මේසා වර්ඩේ රැස්වීමේදී කිම්ගේ සැලැස්මක් යෝජනා කරත් කෙවින් ඒකට කැමති වෙන්නෙ නැහැ. මේ ඇකර්රුත් කිම් එක්ක කොහොමත් හොඳ නෑනෙ. පස්සේ කිම් මේ සිද්දිය ජිමිට කියනවා. ජිමි මොළකාරයනෙ. ජිමි එක පින්තූරයකින් මේ බලෙන් ඉන්න ඇකර් මහත්තයාව තමාගේ පැත්තට නම්ම ගන්නවා.
වර්නර් සීග්ලර්ගේ මරණෙන් පස්සෙ මයික්ගෙ හැසිරීම් රටාව ගොඩක් වෙනස් වෙලා. තමන්ගේ මිණිබිරියත් එක්ක කෙන්ති ආවෙත් ඒ නිසා වෙන්න ඕන. මට හිතෙන විදියට මයික් යම් පසුතැවිමක ඉන්නව. මයික් ආයෙත් බීලා කලින් වතාවේ මැර සෙට් එක හිටපු තැනින් යනවා. හිතාමතාම අමාරුවේ වැටෙනවද මන්ද.
ගස් ෆ්රින්ට ලාලෝගෙන් බේරෙන්න ඩොලර් 700,000ක් නැති කරගන්න වෙනවා. ඒ DEA නියොජිත හෑන්ක් සහ ගෝමස්ට හසුවෙන්න ඉඩ හැරලා. DEA නියෝජිත දේපලගේ මෙහෙයුම පටන් ගන්න වෙලාවේ ඉදලා අවසන් වෙනකම් තව කුතුහලයක් එක්ක තමයි කතාව දිව යන්නෙ. මොකද ගස් ෆිර්න් ගේ කූට උපක්‍රමෙකට අහිංසක සේවකයකු ගොදුරු වෙයිද කියන එක. (“ලොස් පොලෝස් ” වල සහය කළමනාකරු ලයිල්)
අවසාන වශයෙන්, හවර්ඩ් සහ ජිමිගේ හමුවේදී හවර්ඩ් අහනවා සෝල් ගුඩ්මන් කියන්නෙ කවුද කියලා. එතනදී ජිමි සෝල් කියන්නෙ කවුද කියලා ලොකු හැදින්වීමක් කරනවා. බලන්න ඔයාලත් සෝල් ගුඩ්මන්ව දකින්නෙ ඒ විදියටද කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Bluray පිටපත් සඳහා ලබා දි ඇත.
1,198 downloadsDownload Better-Call-Saul-S05E04.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමාල් ගනේගොඩ (G.V.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-03-02
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හේමාල් ගනේගොඩ (G.V.)
Subtitles
2 comments
Buddhika laKMal
Nimesh Darshana
Thank You Brother! Good Luck!❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ස්තූතියි හේමාල් සහෝ උපසිරැසියට