මේ කතාමාලාවේ ඔයාලට අනික් Tv series වල දක්නට නොලැබෙන යම් වෙනස් විදියේ කුතුහලය අවුස්සන කැමරා දර්ශනතල සහ කෝණයන්, විවිධ රූපරාමු, වර්ණ මාලා දක්නට ලැබෙන්නැති. ඉතින් ඔයා බලද්දී, ‘ඒවගේ වෙනසක් ඇයි?’ කියලා මදකට නැවතිලා හිතුවද? මොකද දැන් අපි හැමෝම දන්නවා මේ කතාමාලාව කතන්දරයක් කියන විලාසයට, හැමදේම කියමින් විතර…

මේ කතාමාලාවේ ඔයාලට අනික් Tv series වල දක්නට නොලැබෙන යම් වෙනස් විදියේ කුතුහලය අවුස්සන
කැමරා දර්ශනතල සහ කෝණයන්, විවිධ රූපරාමු, වර්ණ මාලා දක්නට ලැබෙන්නැති. ඉතින් ඔයා බලද්දී, ‘ඒවගේ වෙනසක් ඇයි?’ කියලා මදකට නැවතිලා හිතුවද? මොකද දැන් අපි හැමෝම දන්නවා මේ කතාමාලාව
කතන්දරයක් කියන විලාසයට, හැමදේම කියමින් විතරක් ගලාගෙන යන්නෙ නැහැ කියලා. ගොඩක් දේවල්
බලලා අපි විසින් හිතලා, හොයලා තේරුම් ගන්න ඕන දේවල් තමයි තියෙන්නෙ.
පස්වන කතාමාලාව පටන් ගද්දී මම කිව්වා Better Call Saul Masterpiece එකක් වෙන්නෙ කොහොමද බලමු කියලා. ඉතින් අද කතාවේ මතුපිටින් පැහැදිලි නොවන තැන් කීහිපයක් කියාගෙන යන්න කියලා හිතුවා.
පස්වන කතාව පටන් ගන්නෙ මයික් අන්ධකාරයෙන් බොඳවෙලා ඉදලා ආලෝකයට එනවා වගේ දරශනේකින්.
පස්සෙ එයාගේ කබායත් අරගෙන ඉබාගාතේ යන්න ගන්නවා. මෙතනදී කැමරා කෝණය සොහොනක්
(කුරුස ගොඩ ගහපු තැනක්) අතරින් අරන් යන්නෙ හරියට මයික් මරණය බලාගෙන එළියට එනවාක් වගේ
අපිට සිහිගන්වමින්. මොකද Breaking bad වල වොල්ටර් වයිට් මයික්ට වෙඩි තියද්දිත් ඇදන් ඉන්නෙ ඔය ඇදුම. මෙතන්දී ඔයා හොදින් බැලුවොත් මයික්ගේ මානසික තත්වය ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි. මුළු කතාව පුරාම මයික්ගෙ ඔළුවේ වැඩ කරන්නෙ “ඇයි මම මෙහෙ ඉන්නෙ?,ඇයි මාව බේර ගත්තේ?, ගස්ට මගෙන් ඇති වැඩෙ මොකක්ද?” වගේ දේවල්. මයික්ට අනුව එයාව දැන් වැදැම්මකට නැති කෙනෙක්. අපි කලින් episode වලට හැරුනොත් ඔයාට මතක් වෙයි වර්නර් සීගලර් මැරුවට පස්සෙ කාන්තාරයේ construction team ඒකේ හුවමාරුවේ දී එක්කෙනෙක් ඇවිත් කියන්නෙ “වර්නර් වටින්නෙ ඔයාගෙන් 50%” කියලා ඒත් එක්කම මයික්ගෙ ප්‍රතිචාරයත් truck එක ඇතුළෙන් ගත්ත දර්ශනයෙන් මොනවගෙ දෙයක්ද කියවෙන්න කියලා හිතුවද? ඒ මයික්ගෙ ඇතුළාන්තය.මයික්ට දැනෙනවා ඇත්තෙ හිස් බව, තමන් හිර වෙලා වගේ,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු
වෙනුවෙන් තම මිතුරෙක් මැරීම කොතරම් පසුතැවිල්ලක්ද වගේ.

ඒ වගේම මේ දර්ශනය.

මේ වගේ දර්ශනයක් වැදගත් කරලා පෙන්නන්නෙ ඇයි? මෙතනදී මයික් මුලින් අහුලන්නෙ කබාය නෙවෙයි බෑග් එක. මොකද ඒක තමයි මය’ක්ට ජීවිතේ බලාපොරොත්තුවක් ගේන එකම දේ. ඔයාලත් හිතලා බලන්න මයික්ට කාව මතක් වෙනවා ඇතිද කියලා. (ඒ වගේම වර්ණ ගැනත අවධානය යොමු කරන්න. ගෑනු ළමයා හැරුනුකොට මුළු පසුබිමම තනි තද පාටකින් පෙන්නනවා ඒවයිනුත් ගොඩක් දේවල් කියන්න උත්සහා කරලා
තියෙනවා)
ඊළඟ දර්ශන වලදී “Dedicado a Max” සඳහන් කළ Pond එකක් එක්ක ගස් ෆින්ග් සහ මයික්ගෙ කතාබහක් යනවා. මෙතන එක තේරුමක් “මැක්ස් අනුස්මරණය වෙනුවෙන්”. ඒ කියන්නෙ ගස් ෆින්ග් ගේ සමීප සගයා “Max Arciniega”(Breaking Bad එකේදී හෙක්ටර්, දොන් එලාඩියෝගෙ පුල් එකෙදි මරණ කෙනා.) වෙනුවෙන් ගස් හදපු එකක් විදිහටත්.

අනික් තේරුම. “උපරිම කැපවීමක්” කියන එක. ගස් මයික්ව දකින්නෙ උපරිම කැපවීමක් දිය යුතු සොල්දාදුවෙක් විදියට. ගස් මෙතනදී මයික්ගේ ජිවීතේ ගැන කතා කරනවා. බොනවා, ඉබාගාතේ ගිහින් වීඨි මැරයොත් එක්ක ප්‍රශ්න දාගන්නවා. ඒ තුලින් බලන්නාට දෙන අදහස පෙර වැරදි මොනා වුනත් තමන්ගෙ මිණිබිරිය වෙනුවෙන් ජීවත් විය යුතුයි. ඒ වෙනුවෙන් උපරිමෙන් කැපවිය යුතුයි. මොකද ඒක තමයි මයික්ට අන්තිමට බලාපොරොත්තුවක් ගේන එකම දේ වගේ අදහසක්.
දැන් හැරෙමු ජිම්,කිම්, කෙවින්ගෙ ගනුදෙනුවට. ටුකුම්කාරි හි, කඩා ඉවත් කිරීමේ කණ්ඩායමක් එවරෙට් ඇකර්ගේ නිවස ඉවත් කර බුල්ඩෝසර් කිරීමට සූදානම් වෙමින් ඉද්දි, ජිමී, ඇකර්ගේ නීතිඥ සෝල් ගුඩ්මන් විදියට ඉදිමින්, ඔවුන් වෙත එනවා. ජිමී, ඇකර් නෙරපා හැරීමේ නියෝගයේ ලිපිනය වැරදි බව ෂෙරිෆ්ගේ නියෝජ්‍ය නිලධාරියෙකුට ඒත්තු ගන්වන අතර, කඩා ඉවත් කිරීම දිනකට ප්‍රමාද කිරීමට බල කරනවා. පස්සෙ, ඇල්බකර්කි කන්ට්‍රි ක්ලබ්හිදී, කෙවින් කිම් සහ පේජ් හමුවෙනවා, එහිදී ඔහු ජිමීගේ කඩාකප්පල් ක්‍රියාව ගැන දොස් කියනවා. ඒ නිසා කිම් නඩුවෙන් ඉවත් වීමට උත්සාහ කිරීමේදී, ඇකර් ජිමීව කුලියට ගත්තේ හරියටම කිම්ව නඩුවේන් එළියට දන්න කියලා කෙවින් සැක කරන නිසා, ඇයට නඩුවේ රැඳී සිටින ලෙස අවධාරනය කරලා කියනවා.
අවසාන වශයෙන් මේ වගේ Better call saul අපිට නොකියන අපි කියවිය යුතු දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේ ඔයා කියවපු, හොයාගත් දේවල් හැමෝමත් එක්ක බෙදාගන්න ඉල්ලමින් නවතින්නම්. එතකොට කතාව තවත් රසවත් වේවි. ස්තුතියි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Bluray පිටපත් සඳහා ලබා දි ඇත.
1,182 downloadsDownload Better-Call-Saul-S05E05.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමාල් ගනේගොඩ (G.V.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-03-02
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හේමාල් ගනේගොඩ (G.V.)
Subtitles
2 comments
Buddhika laKMal
Nimesh Darshana
Thank You Brother! Good Luck!❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ස්තූථියි හේමාල් සහෝ උපසිරැසියට