Watch Trailer

Black Panther (2010) EP09-EP12 Sinhala Subtitle | අවසානය [සිංහල උපසිරැසි සමඟ]

ඔව්, 5 කොටසින් ක්ලෝව්ගේ කණ්ඩායමේ තව බොහොම විශේෂ කෙනෙක්ව අපිට මුණගැහෙනවා. ඒ රුසියානු ජාතික, ඊගෝ නොහොත් රේඩියෝඇක්ටිව් මෑන් (විකිරණශීලී මිනිසා) මොහුට පුළුවන්කම තියෙනවා භූමිකම්පා ඇති කරන්න වගේම විකිරණ නිකුත් කරන්න. යුලිසිස් ක්ලෝව්, ටි’චකාගේ ඝාතනය සිදු කළේ කොහොමද කියල බොහොමත්ම ආඩම්භාරයෙන් තමන්ගේ කණ්ඩායම…

ඔව්, 5 කොටසින් ක්ලෝව්ගේ කණ්ඩායමේ තව බොහොම විශේෂ කෙනෙක්ව අපිට මුණගැහෙනවා. ඒ රුසියානු ජාතික, ඊගෝ නොහොත් රේඩියෝඇක්ටිව් මෑන් (විකිරණශීලී මිනිසා) මොහුට පුළුවන්කම තියෙනවා භූමිකම්පා ඇති කරන්න වගේම විකිරණ නිකුත් කරන්න. යුලිසිස් ක්ලෝව්, ටි’චකාගේ ඝාතනය සිදු කළේ කොහොමද කියල බොහොමත්ම ආඩම්භාරයෙන් තමන්ගේ කණ්ඩායමේ බැට්‍රොක්ටත්, කැනිබල්ටත් කියනවා. ඒ සිද්ධියේදී ක්ලෝව්ගේ මුල් සැලසුම වෙන්නේ දුර සිට ටි’චකාගේ කාමරයෙ ඇතුලට වෙඩි තියළ ටි’චකා ඝාතනය කරන්න. ඒක සාර්ථක නොවෙන්නේ කලින්ම ආරක්ෂකයින් විසින් කාමරයේ ජනේලට හීනි මයික්‍රෝන මටටමේ වයිබ්‍රේනියම් තට්ටුවක් දමා තිබීම නිසයි. ක්ලොව්ගේ දෙවන සැලැස්ම වුණේ පා පුවරුවේ රැකගෙන ඉඳලා මහ කලබලයක් ඇති කරලා අරමුණ ඉටු කරගන්න. පා පුවරුව කඩාගෙන උඩට එද්දී ටි’චකාගේ දරුවට පා පුවරුවේ කෑල්ලක් ගැලවිලා ගිහින් වැදිලා තුවාල වීම නිසා ටි’චකා පුදුම තරහකින් ක්ලෝව් දෙසට පනින්නේ තමන්ගේ ඇඳුමින් (වුල්වරින්ගේ වගේ) ලෝහ උල් තුනක් එලියට ගනිමින්. ටි’චකා ක්ලෝව්ගේ තුවක්කුව විසි කරලා දාලා ක්ලොව්ගේ මූණ ඒ නිය තුනෙන් ඉරි තුනක් ඇඳලා හැඩ කරනවා. කොහොමවුණත් ක්ලෝව්ගේ අනිත් තුවක්කුව තිබුණේ ටි’චකාට ඉලක්ක වෙලා. ක්ලෝව් වෙඩි තියනවා. ඒ විදිහට, ඔහු මිය යනවා. කලින් විසි වුණු ක්ලෝව්ගේ තුවක්කුවෙන්ම ටි’චල්ලා ක්ලොව්ට වෙඩි තියනව. ක්ලෝව්ට ඒ නිසා ජීවිතයත් මරණයත් එක්ක සටන් කරන්න වෙනවා. ඔන්න ඕක තමා ක්ලොව්ට ටි’චල්ලාගෙන් පළි ගන්න ඕන. ඒ නිසා තමයි ක්ලෝව් මෙහෙම මාස්ටර් ප්ලෑන් එකකුත් ගැහුවේ.

6වන කොටසේදී අපි දකිනවා, ක්ලොව්ගේ ජීවිතය බෙලිජියන් රජය විසින් බේරාගෙන ඔහුට අලුත් අංගෝපාංග ලබා දෙන විදිහ. මේකෙන් ඔහුට ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා යුද්ධය සඳහා. විශේෂයෙන්ම අපිට මේ කොටසේදී දැකගන්න පුළුවන් ඔරෝරෝගේ සහ ටි’චල්ලාගේ සුන්දර ආදර කතාව. මේ කොටස අවසානයේ ක්ලෝව්ගේ කණ්ඩායමේ තව සාමාජිකයෙක්ව වැඩි වෙනවා. ඒ තමා වතිකාන බ්ලැක් නයිට්. කැනිබල්ගේ ගැහැණු පෙනුම නිසා තමයි ඉතින් ඒ. තව එයාගේ පියාඹන අස්සයාවත් අමතක කරන්නම බැහැ. ව’කාබී, ටි’චල්ලාට කිව්වා “ඒක කරපු මොකා වුනත් එයාගේ රාජකාරිය ඉවර කරන්න ආපහු ඒවි. ඔයා එයාලව හොයන්න ඕන නෑ. එයාල ඔයාව හොයාගනියි.” කියලා කතාව 100%ක් හරි නේද? මේ වෙලාව වෙනකොටත් ක්ලෝව්ගේ මෙහෙයුම පත්තු වෙනවා.

7වන කොටසේදී අපි දකින්නේ මහා ගොඩැල්ලේ වයිබ්‍රේනියම් නිධි තුල රේඩියෝඇක්ටිව් මෑන් ඇති කරන භූමිකම්පාවක් ගැන. කොහොම වුනත් ටි’චල්ලාගේ නංගි ශූරී කියනව කලින්ම ඒ ගැන. කට්ටිය විශ්වාසනම් කරන්නේ නෑ. ඒත් ඒක ඇත්ත වෙනවා. කොටස අවසානයේ අපි දකිනවා වකන්ඩාවට අසල්වැසි රට නිගන්ඩාවේ රජ දරුණු ඒකාධිපති ම්’බූටුත් ක්ලෝව්ට උදවු කරනවා, ක්ලොව්ගේ වකන්ඩා ආක්‍රමණයට නිගන්ඩා යුධ හමුදාව ලබා දීලා.

8වන කොටසින් අපිට බලාගන්න ලැබෙන්නේ ක්ලෝව් ඇතුළු ඔහුගේ නායකත්වය යටතේ බැට්‍රොක්, ජගර්නට්, බ්ලැක් නයිට්, රේඩියෝඇක්ටිව් මෑන් වගේම දරුණු ම්’බූටු නායකත්වය දෙන නිගන්ඩා රටේ හමුදාව වකන්ඩාව ආක්‍රමණය කරන්න හදන යුද්ධයේ ඇරඹුම. කැනිබල් පේන්න මේ කොටසේ පේන්න නැති නිසා වෙනම ගේම් එකක් කරගෙන යන වගක් තමයි පේන්නේ.

යුද්ධය කෙසේ අවසන් වෙයිද? අවසානයේ මොකක් වෙයිද? වැඩි විස්තර මේ අවසාන කොටස් ටික බලලා දැනගනිමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

985 downloadsDownload Black-Panther-2010-EP9-12.zip48 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/S-lashen-Pic-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

985 downloadsDownload Subtitles48 KB

11 comments

  1. එල්.සී. දමැල්

    මේ සීරීස් එක මට වෙන් කරලා දුන්නට අසංක අයියටත් සිසිල අයියටත් ස්තුතියි කියනවා. ප්‍රණීත් අයියටත් ස්තුති කරනවා. පුළුවන් වුනොත් තවත් හොඳ රූපවාහිණී කතා මාලාවක උපසිරසකින් හමු වෙමු.

  2. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    Wakanda forever.......

  3. geeganagamage

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම් බුදු සරණයි, දෙවි පිහිටයි
    ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි don 2 , Journey 2 , වගේ ෆිල්ම් වල සබ් download කරන්න බැහැ . ටිකක් ඒ ගැන බලන්න පුලුවන්නම් ලොකු උදවූවක් සහෝ .

  4. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. viraj harsha

    Thawa series ekk demu kollooo....

  6. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි
    නියමයි

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Thanusha

    Torrent downloads ganna puluwan site aka kiyannako

    1. එල්.සී. දමැල්

      බයිස්කෝප්ඩවුන්ලෝඩ්.කොම්

  10. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!