Watch Trailer

Black Sails [S01 – E07] | වස්තු සොයා….(18+)[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි හත්වෙනි කොටසටත් ලඟා උනා. ඊළඟ සතියෙන් මේ කතා මාලාව අවසන් වෙනවා කියලා තමා මුලින් තීරණය කරලා තිබුනේ. අපි බලමු එහෙම වෙයිද කියලා. මගේ නම් අදහස කොටස් 10ක් වත් ගියා නම් තමා හොඳ කියලා. මොනවා කරන්නද ඉතින් බොහෝ දුරට එන සතියෙන් මේ කතා සමය අවසන් වේවි. මොකද Da Vinci’s Demons දෙවන කතා සමය […]

Black Sails Bannerඔන්න එහෙනම් අපි හත්වෙනි කොටසටත් ලඟා උනා. ඊළඟ සතියෙන් මේ කතා මාලාව අවසන් වෙනවා කියලා තමා මුලින් තීරණය කරලා තිබුනේ. අපි බලමු එහෙම වෙයිද කියලා. මගේ නම් අදහස කොටස් 10ක් වත් ගියා නම් තමා හොඳ කියලා. මොනවා කරන්නද ඉතින් බොහෝ දුරට එන සතියෙන් මේ කතා සමය අවසන් වේවි. මොකද Da Vinci’s Demons දෙවන කතා සමය මාර්තු 22 සිට ආරම්භ කරනවා. ඒ හින්දා මේ වසරේ  අපිට කළු රුවල් ඔසවන්න වෙන්නේ තව වතාවක් පමණයි. එත් බය වෙන්න එපා මොකද මේ කතා මාලාවේ දෙවෙනි කතා සමය එන වසරේ ජනවාරි වල නැවත දැකගන්න ලැබේවි. එතකන් ඉවසමු 🙂 

එහෙනම් කලින් කොටස මතක් කරන්නම් සුපුරුදු පරිදි. කලින් කොටසේදී සිද්ධ උනේ ෆ්ලින්ට් රාත්තල් දොළහේ තුවක්කු ටික ලබාගන්නවා. එත් ඒ සියල්ලක්ම නම් නෙමෙයි. එයින් කොටසක්. මොකද  අවසානයේ සිද්ධ උන දෙයක් නිසා අන්ඩ්රෝමිකේ නැව අතහැරලා වැල්රුස් නැවට නැවතත් නසාවූ දූපතක ගමන් කරන්න උනා. මොකද ස්කාබෝරෝ නමැති බ්‍රිතාන්‍ය නාවික හමුදා නැව ඔවුන් පසුපස ලුහු බඳිමින් සිටියේ. ඒ වගේම ගෝත්‍රි ලොක්කා අටවපු උගුල එතරම් සාර්ථක උනේ නැහැ. ඒ උනාට ගෝත්‍රි නෝනා අටවපු උගුල නම් සාර්ථක උනා. එයාගේ හතුරෝ ටිකක් විනාශ කරලා දැම්මා. ඒ වගේම ෆ්ලින්ට්ගේ ආදරිය බර්ලෝ නෝනා කියන්නේ එතරම් හොඳ ගැහැණියෙක් නෙමේ කියලත් දැන ගන්න ලැබුනා.  

ඒ වගේම ආපසු එන ගමනේදී බිලි මුහුදට වැටුනා. එත් මට නම් සැකයක් තියෙනවා බිලි වැටුනා නෙමේ වැට්ටුවා කියලා. මොකද බිලි හැමවෙලේම ෆ්ලින්ට් ගැන හොඳ හිතකින් නෙමේ හිටියේ. බය නිසා කණ්ඩායමේ රැඳුනාට ෆ්ලින්ට් බිලි අතර තිබුන සම්බන්ධය එතරම් හොඳ එකක් නෙමේ.ඒ වගේම බිලි නැවත එන්නත් ඉඩකඩ වැඩියි. ඒ ෆ්ලින්ට් එක්ක නෙමේ. හිතෙන විදිහට වේන් සමඟ එකතු වේවි. ඒ වගේම මේ කතාවේ මගේ ප්‍රියතම චරිතය තමයි රැකම් මහත්තයා ඈන් බොනීගේ පෙම්වතා හෙවත් රේන්ජර් නැවේ හිටපු ක්වාටර් මාස්ටර්. එයාගේ කතා විලාශය සහ මනුස්සයට වෙන අකරතැබ්බ කතාවට තරමක හාස්‍ය රසයක් එකතු කරලා තියෙනවා. මේ වගේ මේ කතාව බලන ඔයලගේත් අදහස් දැනගන්න කැමති. කියමු බලන්න එහෙනම් බලපු අය. 😉

අද තමයි වස්තු නැව කොල්ල කන ගමන ආරම්භ කරන්න නැංගුරම් ඔසවන්නේ. රේන්ජර් නැව සහ වැල්රුස් නැව අද වස්තු සොයා ගමන් අරඹනවා. ඒ වගේම කැප්ටන් වේන් කලින් කොටසට කලින් කොටසේදී කෙනෙක්ව හොයාගෙන ගියා මතකනේ. අද එයා එක්ක තියෙන ගණුදෙනුව ගැනත් දැනගන්න ලැබේවි. ඒ වගේම වේන් අද කොටසේදී අලුත් පිරිසක් එක්ක එකතු වෙන්න නියමිතයි. කොහොම කොහොම කැප්ටන් ෆ්ලින්ට් වටේ පිරිස එකතු වෙලා හිටියත් ඒ හැම කෙනෙක්ගේම හිතේ යටින් තියෙන්නේ වෙන අදහසක්. කැප්ටන් උනත් එහෙමයි. බලමු මේ ගමනේ සාර්ථකත්වය කොහොම වේවිද කියල. එහෙනම් ආයෙත් එන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජය වේවා !!

VI. (1 Mar. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

5,082 downloadsDownload Black-Sails-S01E071.zip95 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

5,082 downloadsDownload Subtitles95 KB

38 comments

  1. Amil

    Thanks Hasantha ayya sub ekata....
    :-)

  2. K. Anton priyashantha

    Hi hi I'm first this time ....

  3. chandima

    niyamai thax suba patum.... degatama ona

  4. harsha

    හසන්ත සහෝදරයා එහෙනම් ඔයා අපේ රොයිලි සහෝදරයාට තරඟයක් දෙනවා වගෙයි. එහෙම වෙන්න ඕන තමයි වසර 5ක අත්දැකීම් කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නොවෙයි නේ. රොයිලි සහ ඔබ පෙන්වන්නේ එම කතාවයි. වේගවත් උපසිරසි කරුවන් වන ඔබ දෙපලටම මාගේ ස්තූතිය. ඉතින් හසන්ත සහෝදරයා ලබන සතියෙන් පස්සේ අපට දෙන TV කතාමාලා මොනවාද කියලා ලබන සතියේ කියයි කියා බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔන්න බෑවා සෙමි ෆයිනල් කොටස

  5. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...මේ කොටසට සබ් එක ලැබෙනකම් තමයි බලා ගෙන හිටියේ.ඊළග කොටසින් කතාව ඉවර වෙන එක ගැන නම් දුකයි. :( දිගටම දෙමු.ජය​! :P :P :P

  6. ns

    ස්තුතියි....

  7. හර්ෂ ලහිරු

    නියමයි හසන්ත සහො :D
    මේක ඉවර වෙනවනම් ඩාවින්චි දෙමුනේ :D ජය

  8. kavinda

    මේක ඉවර උනොත් ඩාවින්චි දෙමු සහෝ......
    එළකිරි සහෝ

  9. shani

    thanks

  10. Sam

    thnks sashoo..

  11. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මම හිතන විදියට ෆ්ලින්ට් බිලි වැට්ටුවා වෙන්න බැහැ...බිලි වැටෙන්න යන්න ඇති..ඒත් ෆ්ලින්ට් එයාව බේරගන්න කිසිම උත්සහයක් ගන්න නැතිව ඇති..ඒ වගේම බිලි ආයෙත් එන එකනම් ෂුවර්..මම මේ කතාවේ ආසම හාදය බිලි ඇන්ඩ් රැකම් තමයි...බාර්ලෝ ගෑනි නම් මුල ඉදන්ම මට ඇල්ලුවේ නැහැ...
    වේන් ටත් මොනා උනත් දුක සීන් එක...ගිය කොටහේ හම්බුනු තඩියා මොන ජාතියෙ හාදයෙක්ද දන්නේ නැහැ..
    එහෙනම් අද කොටහ බලමුකෝ...
    තව කොටසකින් ඉවර වෙන එක ගැන නම් හිත හදා ගන්න පුලුවන්..
    ඒත් ඉලග සීසන් එක ලබන අවුරුද්දේ කියන එකට හිත හදාගන්නේ කොහොමද දෙයියෝ...

  12. Sanjaya

    Aiyo me kathawa ewarada??? aparade ekmanin ayet Se 2 awa gaman Sub denna...Thanks

  13. dinidu madushanka

    ela ela saho jaya wewa

  14. kesara

    thank you bro!

  15. Sujith

    Thank you bro!! :)

  16. dev

    bohoma stuti saho..... .. .

  17. Sheron

    Patta TV series eka macho.. Sub walata thnx. digtma kragena yamu. All da best .. :D

  18. nalaka

    thanks saho

  19. සුළැඟිල්ලා

    අපොයි මං මෙක ඉවර උනාම අයෙ එලෙවල් ඉවර වෙලා ටිවි සිරිස් බලනවා කියාලා හිතන් හිටියේ.. දැන් ඉතිං තව එකක්!

  20. Thilina

    බොහොම ස්තූතී...

  21. dilshan

    ස්තුතියි

  22. Tharindu Perera

    thanks hasantha sahooo sub ekatahh........me kotasath onna bagaththa.....
    mekath ivara karala thava supiri tv series ekak aran ikmanata enna hodee..

  23. රොයිලි

    බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. කියන විදියට නම් සෑහෙන උද්වේගකර කොටසක් වගේ. දෙනකම්මයි උන්නෙ. මෙන්න බානවා. ජය෴෴ :P :P

  24. Sisira Hegoda

    Thanks.

  25. Saman Prasad ( Black Panther )

    thanks Hasantha aiye.. (y)

  26. “චූටී මල්ලි”

    සබ ගත්තෝ
    එලස් හසා
    සබට තුති
    ඔබට ජය...........

  27. Lakmal

    එල මචං තෑන්ක්ස්

  28. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  29. දසන් බුද්ධික

    ඔන්න ගත්තා... දිගටම දාන්න.... ජයවේවා.....!!

  30. Rashmika

    thanks lot saho!!!!!!!!!

  31. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  32. Mahesh

    Sub ekata thanx sahooo

  33. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  34. kumara

    Thanks Bro !!!

  35. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  36. eshwara

    බොහොම ස්තුතියි උපසිරසියට. ජයවේවා..!

  37. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  38. nilanka1212

    thanks