Watch Trailer

Blindspot [S04 : E20] Sinhala Subtitles | නිහඬ ඝාතකයා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ Blindspot කතා මාලාවේ 20 වැනි කතාංගය. මේ වෙනකොටත් තාම ඩොමිනික් අල්ල ගන්න කට්ටියට හැකියාවක් ලැබිල නැහැ. ඒ ගැනත් පර්යේෂණ කෙරීගෙන යන අතරෙ ඔන්න අද FBI මූලස්ථානයේ නඩත්තු කටයුත්තක් යනව. මේක කරන්නෙ බ්ලූ ඇනෙක්ස් කියල ආයතනයකින්. මුලින්ම පෙන්වන්නෙ මේ ආයතනයේ සේවකයෙක් යම් මනුස…

ආයුබෝවන් යාළුවනේ..!

මේ අරගෙන එන්නෙ Blindspot කතා මාලාවේ 20 වැනි කතාංගය. මේ වෙනකොටත් තාම ඩොමිනික් අල්ල ගන්න කට්ටියට හැකියාවක් ලැබිල නැහැ. ඒ ගැනත් පර්යේෂණ කෙරීගෙන යන අතරෙ ඔන්න අද FBI මූලස්ථානයේ නඩත්තු කටයුත්තක් යනව. මේක කරන්නෙ බ්ලූ ඇනෙක්ස් කියල ආයතනයකින්. මුලින්ම පෙන්වන්නෙ මේ ආයතනයේ සේවකයෙක් යම් මනුස්සයෙක් විසින් කිසිම හේතුවක් නැතුව මරල දාන විදිය. ඊට පස්සෙ කොහොමහරි FBI යාළුවො සෙට් එක සාදයක ඉන්න අතරතුර පැටර්සන්ට පණිවුඩයක් එනව හිරකාරයෙක් ලඟ වැදගත් තොරතුරු වගයක් තියෙනව, ඒ ටික වහාම ඔවුන්ට දැනුම් දෙන්න ඕනෙ කියල. කොහොමහරි සාදය නතර කරල සෙට් එක යනව මේ කෙනාට මොනවද කියන්න තියෙන්නෙ කියල අහන්න. ඒ හිරකාරය එයාල දන්න කියන, වාචාල හිරකාරයෙක්. නම ෂෝ අක්ටාර්. ෂෝ මේ පිරිසට කියනව ඩබර් සන් කියන ත්‍රස්ත කණ්ඩායම ආසන්න දවසකදි අනිවාර්යයෙන් නිව්යෝර්ක් වලට පහර දෙනව කියල. මේක ටිකක් බොරුවක් වගේ පෙනුනත් ඒ වගේ කතාවක් නිකම්ම නොසලකා හරින්න බෑනෙ. ඉතිං කට්ටිය මේ ගැන හොයන්න පටන් ගන්නව.

ඔය අතරෙ FBI මූලස්ථානයේ නවීකරණ කටයුතු කෙරීගෙන යනව. පැටර්සන් පිස්සුවෙන් වගේ ඉන්නෙ එයාගෙ ජාල පද්ධතිය ගලවල අලුතෙන් ජාලගත කිරීමක් කෙරෙන නිසා. මේ නවීකරණය අතරතුර තමයි පැටර්සන් ෂෝගෙ පරිගණකය විකේතනය කරන්නෙ. හැබැයි පද්ධති ප්‍රතිෂ්ඨාපනය නිසා පැටර්සන්ට මේක සිස්ටම් එක හරහා කරගන්න බැරි වෙනව. ඔන්න එතකොට තමයි FBI එකට වුණත් පරණ ක්‍රම වලට වැඩේ ගොඩදාගන්න වෙන්නෙ. ඉතිං මේ නිසා පැටර්සන්, බ්‍රියෑනා කියන අලුත් කෙනෙක් එක්ක මේ විකේතනය මොළෙන් ගේමක් ගහල, ගණන් හදල ලොකු සෙල්ලමක් දාල හොයාගන්නෙ. කොහොමහරි මේ සිදුවීම වෙන අතරෙ ඝාතකයෙක් FBI ගොඩනැගිල්ල ඇතුළට ඇවිල්ල ඉන්නෙ. එතන ඉඳන් සිස්ටම් එකකුත් නැතුව, අන්ධයන් වගේ මේ සෙල්ලම කට්ටිය කරගෙන යන විදිය ඔන්න බලාගන්න පුළුවන්. ඒ වගේම බ්‍රියෑනා ගැනත් ඇහැ ගහගෙන ඉන්න. පේන කෙනාම නෙවෙයි අවසානෙ අපිට දකින්න ලැබෙන්නෙ. එහෙනම් මතක් කිරීමක් කරන්න ඕනෙ ඉදිරි සති දෙක තුළ ශැඩෝහන්ටර්ස් සහ සුපර්ගර්ල් ඉතුරු සබ් ටික ලබාදෙන්න වැඩ කරගෙන යමින් ඉන්නෙ. ඒ නිසා මේ හිටිය වගේ තව ටික දවසක් ඉවසීමෙන් ඉන්න කියලත් ඉල්ලා සිටිනවා. සුපර්ගර්ල් තුළින් නැවත හමුවෙමු. ජය වේවා.. !

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

3,378 downloadsDownload Blindspot-S04-E20.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

උදයංග සම්පත්

Subtitles

3,378 downloadsDownload Subtitles43 KB

14 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. dx12

    Thanks bro
    Godk pin bro
    Niyma bro
    Maga nathra una ewta sub dena eka loku deyak saho
    Godkma godk pin
    Good luck

  3. podda

    thanks bro!!!

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    තව එපි දෙකයි...ඒ දෙකත් ඉක්මනටම අරන් එමු....

  5. imyk

    Money heist S03 දෙන්නකෝ.....

  6. Ayesh Prashan

    Thank You

  7. suranuwan

    thank you...

  8. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා...........!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. sasanwalasa

    super girl denawa nam ela.jaya wewa.

  11. Nadeerachathuranga

    Sub ekata thanks.

    Anthima episode dekak dandako

  12. podda

    supiri supiri!!!

  13. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  14. manoj1989

    අන්තිම එපියේ සබ් එක දියන් මචං...... 22