Blood-C Season 01 Sinhala Subtitles ආයුබෝවන් බයිස්කෝප් සහෝදර සහෝදරියන් හැමෝටම! අද මම අරගෙන ආවේ Action, Horror සහ Mystery ගණයට අයිති වෙන, ඇනිමේ fans අතර ලොකු කතාබහකට ලක්වුණු සුපිරිම කතා මාලාවක්. ඒ තමයි 2011 වසරේ නිකුත් වුණු Blood-C. කතාව ගැන කෙටියෙන්… මේ කතාවෙ ප්‍රධාන චරිතය තමයි සායා කිසරාගි (Saya K…

Blood-C Season 01 Sinhala Subtitles

ආයුබෝවන් බයිස්කෝප් සහෝදර සහෝදරියන් හැමෝටම!  

අද මම අරගෙන ආවේ Action, Horror සහ Mystery ගණයට අයිති වෙන, ඇනිමේ fans අතර ලොකු කතාබහකට ලක්වුණු සුපිරිම කතා මාලාවක්. ඒ තමයි 2011 වසරේ නිකුත් වුණු Blood-C.

 

කතාව ගැන කෙටියෙන්…

මේ කතාවෙ ප්‍රධාන චරිතය තමයි සායා කිසරාගි (Saya Kisaragi). සායා දවල් කාලයේදී බොහොම සාමාන්‍ය, අහිංසක පාසල් සිසුවියක් විදිහට කාලය ගත කළත්, රෑට ඇයගේ සැබෑ ස්වරූපය එළියට එනවා. ඇගේ පියාගේ පන්සලේ තියෙන ශුද්ධ වූ කඩුවක් අරගෙන, මනුෂ්‍යයන්ව ගොදුරු කරගන්න එන “Elder Bairns” (Furukimono) කියන අද්භූත රාක්ෂයින් එක්ක සටන් කරන එක තමයි ඇගේ රාත්‍රී රාජකාරිය.

තමන්ගේ ගම සහ ආදරය කරන අයව බේරගන්න සායා දිගින් දිගටම මේ රාක්ෂයින් එක්ක සටන් කරනවා. හැබැයි කතාව ඉස්සරහට යද්දි ඇයට තේරෙනවා, ඇගේ මේ සාමාන්‍ය ජීවිතේ පිටිපස්සෙ ලොකු අභිරහසක් හැංගිලා තියෙනවා කියලා. සායාගේ අතීතය කුමක්ද? ඇත්තටම මේ රාක්ෂයින් කවුද? මේ හැමදේකටම උත්තර Blood-C කතා මාලාව පුරාවටම බලාගන්න පුළුවන්.

මේක Production I.G ස්ටුඩියෝ එක සහ CLAMP කියන දැවැන්තයන්ගේ නිර්මාණයක් නිසා ඇනිමේෂන් සහ Art Style ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සටන් ජවනිකා එහෙම ඇස් පියගන්න බැරි තරම් සුපිරියටම නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මුල් කථාංගයේ ඉඳන් අවසානය වෙනකම්ම ලොකු අභිරහසක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ. හැබැයි විශේෂයෙන්ම කියන්න ඕනේ, මේකේ ත්‍රාසජනක වගේම ලේ වැගිරීම් (Gore) දර්ශන ටිකක් වැඩියි. ඉතින් Horror සහ Dark Fantasy වලට කැමති අයට නම් මේක වෙනස්ම අත්දැකීමක් වෙයි.

මේ උපසිරැසියේ තියෙන අනිත් විශේෂම දේ තමයි, කතාවට විතරක් නෙවෙයි, මේකේ තියෙන ආරම්භක (Opening) සහ අවසාන (Ending) ගීත දෙකටත් ලස්සනට අකුරු රටා එක්කම සිංහල තේරුම දාලා තමයි මම උපසිරැසිය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා කතාව බලන ගමන් සින්දු දෙකත් උපරිමයෙන්ම රසවිඳින්න ඔයාලට පුළුවන්. 

එහෙනම් ත්‍රාසය පිරුණු මේ කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. උපසිරැසිය ගැන ඔයාලගේ අදහසුත් පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න. තවත් ලස්සන උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු.

හැමෝටම ජය වේවා!

 

Blood-C Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

105 downloadsDownload Blood-C-S01-E05-Sinhala-Subtitles.zip27 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SL Anime Kingdom” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-05-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1Next BT1

 

Subtitles by

SL Anime Kingdom

Subtitles

105 downloadsDownload Subtitles27 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks