Watch Trailer

Bloody Flower [S01 : E06] Sinhala Subtitles | තහනම් සත්‍යය [සිංහල උපසිරසි]

Bloody Flower Sinhala Subtitles කතාව දැන් සෑහෙන්න සංකීර්ණ වෙනවා. වූ-ග්යොම් සහ ප්‍රොෆෙසර් හන් හොරෙන් හම්බවෙලා බ්‍රහස්පතින්දා දවසේ වූ-ග්යොම්ව හිරෙන් පන්නන්න ප්ලෑන් එකක් ගහනවා. හැබැයි මේ අස්සේ වූ-ග්යොම් ලියපු රහස් රිසර්ච් පොත දැන් චේම් රෝහලේ සභාපති ජොං-සු අතට පත්වෙලා. ජොං-සු බලන්නේ වූ-ග්යොම්ගේ උදව් නැ…

Bloody Flower Sinhala Subtitles

කතාව දැන් සෑහෙන්න සංකීර්ණ වෙනවා. වූ-ග්යොම් සහ ප්‍රොෆෙසර් හන් හොරෙන් හම්බවෙලා බ්‍රහස්පතින්දා දවසේ වූ-ග්යොම්ව හිරෙන් පන්නන්න ප්ලෑන් එකක් ගහනවා. හැබැයි මේ අස්සේ වූ-ග්යොම් ලියපු රහස් රිසර්ච් පොත දැන් චේම් රෝහලේ සභාපති ජොං-සු අතට පත්වෙලා. ජොං-සු බලන්නේ වූ-ග්යොම්ගේ උදව් නැතුව තනිවම බෙහෙත හදලා කෝටි ගණන් සල්ලි හොයන්නයි.

ඒ අතරේ, මින්-සෝගේ අසනීපය උපරිමයටම නරක අතට හැරෙනවා. දුවව බේරගන්න වෙන ක්‍රමයක් නැති තැන, නීතීඥ හන්-ජුන් වූ-ග්යොම් ඉස්සරහා දණගහලා අඬමින් උදව් ඉල්ලනවා. මේ හැමදේම CCTV එකෙන් බලන් ඉන්න සභාපති ජොං-සු සටකපට විදිහට හිනාවෙනවා.

අභිචෝදක චා සහ රිපෝටර්ලා එකතු වෙලා වූ-ග්යොම්ගේ අම්මාගේ මරණය ගැන හොයද්දී, ඒක සාමාන්‍ය මරණයක් නෙවෙයි, මිනීමැරුමක් කියලා හෙළි වෙනවා. තවත් භයානකම දේ තමයි, අභිචෝදක චාගේ ළඟම ඉන්න  පරීක්ෂක ගොන්ග්  චේම් රෝහලේ ඔත්තුකරුවෙක් (Mole කෙනෙක්) කියලා පේන්න ගන්නවා! එයා තමයි අතීතයේ වූ-ග්යොම්ගේ අම්මාගේ කේස් එකත් යට ගැහුවේ.

වූ-ග්යොම්ව ලේසියෙන් විශ්වාස කරන්න බැරි නිසා, නීතීඥ හන්-ජුන් අභිචෝදක චා එක්ක රහසින් එකතු වෙලා චේම් රෝහලේ සභාපති ජොං-සුට විරුද්ධව සාක්ෂි එකතු කරන්න පටන් ගන්නවා.

 

Bloody Flower Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

96 downloadsDownload Bloody-Flower-S01E06.zip25 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Bloody Flower Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

96 downloadsDownload Subtitles25 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks