මියොන්ග්-ගිල් පරාජය කිරීමෙන් පසු නිදහසේ කාලය ගත කරන ගන්-වූ හා වූ-ජින් හට නිදහසේ හුස්ම ගැනීමට ලැබෙන්නෙ සුළු කාලයයි. ඔවුන්ගේ ජීවිත වලට මීළඟ තර්ජනය එල්ල කරනුයේ බෙක්-ජන්ග් නැමැති හිටපු දරුණු බොක්සිං ශුරයකු විසිනුයි… බෙක්-ජන්ග් යනු Dark Web හරහා ලොව පුරා විකාශය කෙරෙන නීතිවිරෝධී සහ අතිශය කෲර බොක්සිං තරඟා…

මියොන්ග්-ගිල් පරාජය කිරීමෙන් පසු නිදහසේ කාලය ගත කරන ගන්-වූ හා වූ-ජින් හට නිදහසේ හුස්ම ගැනීමට ලැබෙන්නෙ සුළු කාලයයි. ඔවුන්ගේ ජීවිත වලට මීළඟ තර්ජනය එල්ල කරනුයේ බෙක්-ජන්ග් නැමැති හිටපු දරුණු බොක්සිං ශුරයකු විසිනුයි…
බෙක්-ජන්ග් යනු Dark Web හරහා ලොව පුරා විකාශය කෙරෙන නීතිවිරෝධී සහ අතිශය කෲර බොක්සිං තරඟාවලියක් (IKFC) පවත්වාගෙන යන පාතාල නායකයෙක්.. කාලයක් දකුණු කොරියාවේ හොදම බොක්සිං තරුව බවට පත්වූ බෙක්-ජන්ග් තමන්ගේ නොමනා හැසිරීම් නිසා තමන්ගේ දෑතින්ම මිනිසුන් මරා දමන දරුණු සටන්කරුවෙක් බවට පරිවර්තනය වෙනවා.. ගන්-වූ ලෝක සුපර් මිඩ්ල්වේට් ශූරතාව දිනා ගැනීමත් සමඟ බෙක්-ජන්ග්ගේ ඉලක්කයක් බවට පත්වෙනවා.. බෙක්-ජන්ග් විසින් ගන්-වූ වෙත තම IKFC ලීග් තරඟාවලියට පැමිණෙන ලෙස ආරාධනා කරත් ගන්-වූ විසින් එය ප්‍රතික්ෂේප කිරීමත් සමග බෙක්-ජන්ග්, ගන්-වූගෙන් පළිගැනීමට අදිටන් කරගන්නවා…
පසුගිය කොටසෙන්,
දැඩි ලෙස තුවාල ලබා සිටින ග්වන්ග්-මූ හා වූ-ජින්ට රෝහල තුලදී සැත්කම් සිදුකරනවා. එම ප්‍රහාරයන් සමග දැඩි ලෙස මානසිකව වැටුන ගන්-වූ මේ සියල්ල සිදුවුනේ තම වරදින් බව සිතීමට පටන්ගන්නවා. මේ අතර මොවුන්ට සහය වීම සදහා මින්-බොම්ගේ සොහොයුරෙක් වන ගන්ග්-යොන්ග් පැමිනෙනවා.. ගන්ග්-යොන්ග්, වූ-ජින් හා ගන්-වූ සමග ඉදිරි සැලසුම් සාකච්ඡා කරනවා. ඉන්-බොම් හිරෙන් පැන ගොස් ඇති බව ගන්-වූ දැනගන්නෙ මේ අවස්ථාවෙ. ඒ වගේම බෙක්-ජන්ග් විසින් යුන් ටේ-ගොම් ලැබූ පරාජය පිළිබදව ඔහුට දෝෂාරෝපණය කරනු ලබනවා.ඉන්-බොම්, බෙක්-ජන්ග් සමග සහයෝගයෙන් කටයුතු කරන්නත් එකගවෙනවා. ටේ-යොන්ග් IKFC අඩවියට ලියාපදිංචි වීමට දැරූ උත්සහය ව්‍යර්ථ වීම හා ඔවුන් සිටින තැන බෙක්-ජන්ග් දැනගැනීමත් සිදුවෙනවා.. ඒ වගේම ඔවුන්ට පහර දුන් අයකු පසු පස හබා ගිය ග්වන්ග්-මූ හා වූ-ජින්ට අවසානයේ සිද්ධ උන අලකලංචියත් මතක ඇතිනෙ.ගන්ග්-යොන්ග් ට පරීක්ෂණ කටයුතු බාර දිමට පැමිනි ගන්-වූගෙ නිවස සම්බන්ධව පරීක්ෂණ කටයුතු කල චෝයි පරීක්ෂටත් දිවි අහිමිවෙන්නෙ මේ කොටසෙන්. ආතල් සිදුවීම් ගොඩක් එක්ක ගලාගෙන ගිය තුන් වන කොටස අවසන් වුනේ මන්-බේ විසින් සැලසුම් සහගතව මින්-බොම්ට ගී-නා නම් සහචරියක් ලවා විෂ මත්ද්‍රව්‍යයක් ලබා දීමෙන් අනතුරුවයි. එය පානය කරන මින්-බොම් සිහිසුන්ව බිම ඇදගෙන වැටෙනවා තුන්වන කොටස අවසානයේ ඔබ දකින්නට ඇති..
අද කොටසෙන්,
විෂ මත්ද්‍රව්‍යයක් භාවිතා කල මින්-බොම් සිහිසුන්ව රෝහලේ සිටිනවා. අද කොටසෙන් වෙන්නෙ මේ මත්ද්‍රව්‍ය ලබා දීපු ගී-නා හඹා යන වැඩේ. ඒ වගේම ගන්ග්-යොන්ග් විසින් බෙක්-ජන්ග් ඇතුලු පිරිස මැඩ පැවැත්වීම උදෙසා කන්ඩායමක් හදනවා. ඉතින් මේ කණ්ඩායම එකතුවෙලා ගී-නා සොයා ගනියිද ? අද කොටස අවසානය වන සිදුවීම් ගන්-වූගේ මානසික මට්ටමට කෙලෙස බලපෑම් කරයිද ? මේ සියල්ල දැනගන්න හතරවන කොටසත් බලන්න.. එහෙනම් අපි පස්වන කොටසෙන් ඉක්මනින්ම හමුවෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
782 downloadsDownload Bloodhounds-S02E04.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
2 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




තෑන්ක්ස් මචං