මියොන්ග්-ගිල් පරාජය කිරීමෙන් පසු නිදහසේ කාලය ගත කරන ගන්-වූ හා වූ-ජින් හට නිදහසේ හුස්ම ගැනීමට ලැබෙන්නෙ සුළු කාලයයි. ඔවුන්ගේ ජීවිත වලට මීළඟ තර්ජනය එල්ල කරනුයේ බෙක්-ජන්ග් නැමැති හිටපු දරුණු බොක්සිං ශුරයකු විසිනුයි… බෙක්-ජන්ග් යනු Dark Web හරහා ලොව පුරා විකාශය කෙරෙන නීතිවිරෝධී සහ අතිශය කෲර බොක්සිං තරඟා…

මියොන්ග්-ගිල් පරාජය කිරීමෙන් පසු නිදහසේ කාලය ගත කරන ගන්-වූ හා වූ-ජින් හට නිදහසේ හුස්ම ගැනීමට ලැබෙන්නෙ සුළු කාලයයි. ඔවුන්ගේ ජීවිත වලට මීළඟ තර්ජනය එල්ල කරනුයේ බෙක්-ජන්ග් නැමැති හිටපු දරුණු බොක්සිං ශුරයකු විසිනුයි…

බෙක්-ජන්ග් යනු  Dark Web හරහා ලොව පුරා විකාශය කෙරෙන නීතිවිරෝධී සහ අතිශය කෲර බොක්සිං තරඟාවලියක් (IKFC) පවත්වාගෙන යන පාතාල නායකයෙක්.. කාලයක් දකුණු කොරියාවේ හොදම බොක්සිං තරුව බවට පත්වූ  බෙක්-ජන්ග් තමන්ගේ නොමනා හැසිරීම් නිසා තමන්ගේ දෑතින්ම මිනිසුන් මරා දමන දරුණු සටන්කරුවෙක් බවට පරිවර්තනය වෙනවා.. ගන්-වූ ලෝක සුපර් මිඩ්ල්වේට් ශූරතාව දිනා ගැනීමත් සමඟ බෙක්-ජන්ග්ගේ ඉලක්කයක් බවට පත්වෙනවා.. බෙක්-ජන්ග් විසින් ගන්-වූ වෙත තම IKFC ලීග් තරඟාවලියට පැමිණෙන ලෙස ආරාධනා කරත් ගන්-වූ විසින් එය ප්‍රතික්ෂේප කිරීමත් සමග බෙක්-ජන්ග්, ගන්-වූගෙන් පළිගැනීමට අදිටන් කරගන්නවා…

පසුගිය කොටසෙන්,

විෂ මත්ද්‍රව්‍යයක් භාවිතා කල මින්-බොම් සිහිසුන්ව අසාධ්‍යව රෝහලේ සිටිනවා. ගන්ග්-යොන්ග්, ග්වන්ග්-මූ, වූ-ජින් හා ගන්-වූ මින්-බොම් විෂ මත්ද්‍රව්‍යය පානය කල ස්ථානයට පැමින අදාල ස්ථානය සෝදිසි කිරීමේදී මින්-බොම්ට විෂ මත්ද්‍රව්‍යය ලබා දී ඇත්තේ ගී-නා නම් තරුණියක් බව හෙලිවෙනවා. ඒත් සමග බෙක්-ජන්ග්, ගන්-වූ හට දුරකතන ඇමතුමක් ලබා ගෙන ඔහුගේ ලීගයට එක්වන ලෙසත් එසේ නොවුනහොත් ඔහුගේ යහළුවන් සියල්ල ඝාතනය කරන බවටත් තර්ජනය කරනවා. ගන්ග්-යොන්ග් විසින් ග්වන්ග්-මූට හා ගන්-වූට ගී-නා සෙවීමේ කර්තව්‍යය පවරනවා. ගන්ග්-යොන්ග් හා වූ-ජින්, විෂ මත්ද්‍රව්‍යය ලබා දීමට සහය වූ මින්-බොම්ගේ ලේකම්ව සොයාගෙන යනවා. ලේකම් විසින් සියල්ල පාපෝච්චාරණය කරනවා. ග්වන්ග්-මූ තමාගේ යෙහෙලියක් මාර්ගයෙන් ගී-නා සිටින තැන සොයාගන්නවා. ගොන්ග්-යොන්ග් විසින් බෙක්-ජන්ග් ඇතුලු පිරිස මැඩ පැවැත්වීම උදෙසා කන්ඩායමක් හදනවා. මෙහිදී බෙක්-ජන්ග්ගේ කන්ඩායමේ සිටින අයවලුන් පිලිබදව දල සටහනක් නිර්මානය කරනවා. මොවුන් විසින් කණ්ඩායම් දෙකකට බෙදී යුන් ටේ-ගොම්ව සෙවීමට ගන්ග්-යොන්ග්ගේ කණ්ඩායමත්, ගී-නා සෙවීමට ගන්-වූ ගේ කණ්ඩායමත් පිටත්වෙනවා. අවසානයේ මොවුන් සියලු දෙනා එක්ව ගී-නා හසුකරගන්න අතර ඇයගේ දුරකතනය යොදාගෙන මන්-බේ සිටින තැන සොයාගන්නවා. මන්-බේ සිටින හෝටලයට පිටත්ව යන ගන්ග්-යොන්ග්ගේ පොලිස් කන්ඩායම බෙක්-ජන්ග්ගේ උගුලකට හසුවනවා. එහිදී සිදුවන බෝම්බ පිපිරීමෙන් බේරීම සදහා දිව යන ගන්ග්-යොන්ග් කොටස අවසානයේදී දකින්න ඇති. ඒත් සමග බෙක්-ජන්ග්ගෙන්, ගන්-වූ වෙත නැවතත් ඇමතුමක් පැමිනෙන අතර එහිදී බෙක්-ජන්ග්ගේ තර්ජන හමුවේ ගන්-වූ විසින් IKFC ලීග් තරඟාවලියට එක්වීමට කැමැත්ත පලකරනවා.

අද කොටසෙන්,    

ගන්ග්-යොන්ග් සිහිසුන්ව රෝහලට ඇතුලත් කරනවා.. අදාල බෝම්බ ප්‍රහාරයෙන් එක් අයකු මරුමුවට පත්ව 12 දෙනෙක් තුවාල ලබනවා. ගන්-වූ මෙයින් තව තවත් දැඩි ලෙස කම්පනයට පත්වෙනවා.. ගී-නා සිර කර ඇයගෙන් එම සිද්ධියට සම්බන්ධ අයවලුන් පිලිබදව දැනගැනීමට වූ-ජින් හා ග්වන්ග්-මූ උත්සහ කරනවා.. ඉතින් ඔවුන්ට ගී-නාගෙන් යම් දෙයක් දැන ගැනීමට හැකිවෙයිද ? ගී-නා සිරකරගෙන අඑති බව දැනගන්නා මන්-බේ කුමක් කරයිද ? IKFC තරඟාවලියට එක්වීමට කැමැත්ත පල කල ගන්-වූ ඒ සදහා එක් වෙයිද ? ඉතින් මේ හැමදේම ගැන දැනගන්න අදත් පස්වෙනි කොටස බලන්න කියලා ආරාධනා කරන ගමන් මම ඔබෙන් සමුගන්නවා. සුභ දවසක්..

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

693 downloadsDownload Bloodhounds-S02E05.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1Next BT1

Subtitles

693 downloadsDownload Subtitles20 KB

2 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං

  2. Sandaru Nimsara

    Thanks