මියොන්ග්-ගිල් පරාජය කිරීමෙන් පසු නිදහසේ කාලය ගත කරන ගන්-වූ හා වූ-ජින් හට නිදහසේ හුස්ම ගැනීමට ලැබෙන්නෙ සුළු කාලයයි. ඔවුන්ගේ ජීවිත වලට මීළඟ තර්ජනය එල්ල කරනුයේ බෙක්-ජන්ග් නැමැති හිටපු දරුණු බොක්සිං ශුරයකු විසිනුයි… බෙක්-ජන්ග් යනු Dark Web හරහා ලොව පුරා විකාශය කෙරෙන නීතිවිරෝධී සහ අතිශය කෲර බොක්සිං තරඟා…

මියොන්ග්-ගිල් පරාජය කිරීමෙන් පසු නිදහසේ කාලය ගත කරන ගන්-වූ හා වූ-ජින් හට නිදහසේ හුස්ම ගැනීමට ලැබෙන්නෙ සුළු කාලයයි. ඔවුන්ගේ ජීවිත වලට මීළඟ තර්ජනය එල්ල කරනුයේ බෙක්-ජන්ග් නැමැති හිටපු දරුණු බොක්සිං ශුරයකු විසිනුයි…
බෙක්-ජන්ග් යනු Dark Web හරහා ලොව පුරා විකාශය කෙරෙන නීතිවිරෝධී සහ අතිශය කෲර බොක්සිං තරඟාවලියක් (IKFC) පවත්වාගෙන යන පාතාල නායකයෙක්.. කාලයක් දකුණු කොරියාවේ හොදම බොක්සිං තරුව බවට පත්වූ බෙක්-ජන්ග් තමන්ගේ නොමනා හැසිරීම් නිසා තමන්ගේ දෑතින්ම මිනිසුන් මරා දමන දරුණු සටන්කරුවෙක් බවට පරිවර්තනය වෙනවා.. ගන්-වූ ලෝක සුපර් මිඩ්ල්වේට් ශූරතාව දිනා ගැනීමත් සමඟ බෙක්-ජන්ග්ගේ ඉලක්කයක් බවට පත්වෙනවා.. බෙක්-ජන්ග් විසින් ගන්-වූ වෙත තම IKFC ලීග් තරඟාවලියට පැමිණෙන ලෙස ආරාධනා කරන අතර ගන්-වූ විසින් එය ප්‍රතික්ෂේප කිරීමත් සමග බෙක්-ජන්ග්, ගන්-වූගෙන් පළිගැනීමට අදිටන් කරගන්නවා…
පසුගිය කොටසෙන්,
ගන්-වූගේ නිවසට වූ හානිය පරීක්ෂා කිරීමට පොලිසියෙන් පැමිනෙනවා.මෙහිදී ගන්-වූ හා වූ-ජින් විසින් පැමිණි පිරිස ගැන විස්තරයක් පොලිස් පරීක්ෂකවරයාට පවසනවා.ඒ වගේම මෙහිදී සොයාගන්නවා පැමිනි පිරිස ඝාතනය වුනේ වෑන් රථයට ඇටවූ බෝම්බයකින් බව.පොලිසිය මේ අවස්ථාවේ ගන්-වූ වෙත දැනුම් දෙනවා අදාල නිවසින් වහාම පිටව යන ලෙස. එනිසා ඔවුන් ආරක්ශාව පතා ටේ-යොන්ග්ගේ නිවසට පැමිණෙනවා. එහිදී ඔවුන් දෙදෙනා, ටේ-යොන්ග් සමග එකතුවී බෙක්-ජන්ග් පැවසූ IKFC ලීග් තරඟාවලිය පිලිබද විස්තරයක් Dark Web පරිශීලනයෙන් සොයා ගන්නවා. එහිදී Dark Web පිළිබදව ටේ-යොන්ග් පැවසූ කරුණු ඔයාලගෙ අමතර දැනුමට එකතුවෙන්න ඇති කියලා මම හිතනවා.. මෙහිදී IKFC වෙත ප්‍රවේශ වීම සදහා ආරක්ශිත බෑන්ක් කාඩ් එකක් සොයා ගැනීමේ අරමුණෙන් වූ-ජින් ඔහුගේ පැරණි මිතුරකු හා මැරීන් ජේෂ්ඨයකු වන ග්වන්ග්-මූ සොයාගෙන යනවා. ඒ අතර ඔයාල දකින්න ඇති කන්ග් ඉන්-බොම් කරලක් ගිලීම නිසා අසනීප වී රෝහලට ඇතුලත් කිරීමට රැගෙන යන අතර ලී මන්-බේගේ උදව්වෙන් හිරෙන් පැනයනවා.. මන්-බේගේ රහසිගත තිප්පොලකට පැමිණෙන කන්ග් ඉන්-බොම් එම ස්ථානයෙන් පැනයාමට මන්-බේගේ සහචරයන්ට දැඩිව පහර දෙනවා.. නමුත් අවසානයේ බෙක්-ජන්ග්ගේ දරුණු මුෂ්ඨි ප්‍රහාර හමුවේ අසරණ වන කන්ග් ඉන්-බොම් බිම ඇදවැටෙනවා. ග්වන්ග්-මූ හමුවන වූ-ජින් ආගිය තොරතුරු කතා කරන අතර ඔවුන්ට හදිසියේ සිදුවූ කරදරය පිලිබද පවසනවා. මෙහිදී ග්වන්ග්-මූ ඔවුන්ට සහය වීමට ඉදිරිපත් වන අතර ක්‍රෙඩිට් කාඩ් පතක්ද ලබා දීම සිදුකරනවා. මේ අතර වූ-ජින් පිටවී යාමට හදන අවස්ථාවේ ග්වන්ග්-මූ විසින් බෙක්-ජන්ග්ගේ සහචරයන් වූ-ජින් පසු පස පැමින ඇතිබව නිරීක්ෂණය කරනවා. ග්වන්ග්-මූ, වූ-ජින්ට පවසන්නේ ඔවුන්ව වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙසයි. මේ පිලිබදව දැන ගන්න ගන්-වූ හා ඔහුගේ මවත් ටේ-යොන්ග් ආරක්ෂාව පතා ටේ-යොන්ගේ නිවසෙන් පිටවී තමන්ගේ හොදම යහළුවකු වන මින්-බොම්ගේ හෝටලයකට ගමන් කරනවා. කොටස අවසානයේදි ග්වන්ග්-මූ, වූ-ජින් හා බෙක්-ජන්ග්ගේ සහචරයකු වන යුන් ටේ-ගොම් හා ඔහුගේ ගෝලයන් අතර දරුණු සටනක් ඇතිවෙනවා. අවසානයේ මේ ස්ථානයට පැමිනෙන ගන්-වූ දැඩි ලෙස තුවාල ලබා සිටින ග්වන්ග්-මූ හා වූ-ජින් දැඩි සටනකින් අනතුරුව බේරාගෙන එම ස්ථානයෙන් පිටවෙනවා..
අද කොටසෙන්,
දැඩි ලෙස තුවාල ලබා සිටින ග්වන්ග්-මූ හා වූ-ජින්ට රෝහල තුලදී සැත්කම් සිදුකරනවා. මෙම ප්‍රහාරයන් සමග ගන්-වූ දැඩි ලෙස මානසිකව වැටෙනවා. මේ අවස්ථාවේදී මොවුන්ට සහය වීම සදහා මින්-බොම්ගේ සොහොයුරෙක් වන පොලිස් ප්‍රධානියෙක් වන ගන්ග්-යොන්ග් පැමිනෙනවා. ගන්ග්-යොන්ග්, ගන්-වූ හා එක්ව මෙම ප්‍රහාරයට කෙලෙස ප්‍රති ප්‍රහාරයක් එල්ල කරයිද ? යුන් ටේ-ගොම්ට එල්ල වූ ප්‍රහාරයට බෙක්-ජන්ග් කෙලෙස ප්‍රතිචාර දක්වයිද ? මේසියල්ල දැනගැනීමට නම් ඔබට තුන්වෙනි කොටසත් නැරඹීමට සිදුවෙනවා. එහෙනම් මේ කොටසත් බලලා ඔයාලගෙ ප්‍රතිචාර දක්වන ලෙස අහිංසක ඉල්ලීමක් කරමින් අදට මා සමුගන්නවා. හතරවන කොටසෙන් ඉක්මනටම හමුවෙමු…
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
785 downloadsDownload Bloodhounds-S02E03.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
2 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ස්තූතියි ඉෂාන් සහෝ උපසිරැසියට