මියොන්ග්-ගිල් පරාජය කිරීමෙන් පසු නිදහසේ කාලය ගත කරන ගන්-වූ හා වූ-ජින් හට නිදහසේ හුස්ම ගැනීමට ලැබෙන්නෙ සුළු කාලයයි. ඔවුන්ගේ ජීවිත වලට මීළඟ තර්ජනය එල්ල කරනුයේ බෙක්-ජන්ග් නැමැති හිටපු දරුණු බොක්සිං ශුරයකු විසිනුයි… බෙක්-ජන්ග් යනු Dark Web හරහා ලොව පුරා විකාශය කෙරෙන නීතිවිරෝධී සහ අතිශය කෲර බොක්සිං තරඟා…

මියොන්ග්-ගිල් පරාජය කිරීමෙන් පසු නිදහසේ කාලය ගත කරන ගන්-වූ හා වූ-ජින් හට නිදහසේ හුස්ම ගැනීමට ලැබෙන්නෙ සුළු කාලයයි. ඔවුන්ගේ ජීවිත වලට මීළඟ තර්ජනය එල්ල කරනුයේ බෙක්-ජන්ග් නැමැති හිටපු දරුණු බොක්සිං ශුරයකු විසිනුයි…
බෙක්-ජන්ග් යනු Dark Web හරහා ලොව පුරා විකාශය කෙරෙන නීතිවිරෝධී සහ අතිශය කෲර බොක්සිං තරඟාවලියක් (IKFC) පවත්වාගෙන යන පාතාල නායකයෙක්.. කාලයක් දකුණු කොරියාවේ හොදම බොක්සිං තරුව බවට පත්වූ බෙක්-ජන්ග් තමන්ගේ නොමනා හැසිරීම් නිසා තමන්ගේ දෑතින්ම මිනිසුන් මරා දමන දරුණු සටන්කරුවෙක් බවට පරිවර්තනය වෙනවා.. ගන්-වූ ලෝක සුපර් මිඩ්ල්වේට් ශූරතාව දිනා ගැනීමත් සමඟ බෙක්-ජන්ග්ගේ ඉලක්කයක් බවට පත්වෙනවා.. බෙක්-ජන්ග් විසින් ගන්-වූ වෙත තම IKFC ලීග් තරඟාවලියට පැමිණෙන ලෙස ආරාධනා කරත් ගන්-වූ විසින් එය ප්‍රතික්ෂේප කිරීමත් සමග බෙක්-ජන්ග්, ගන්-වූගෙන් පළිගැනීමට අදිටන් කරගන්නවා…
පසුගිය කොටසෙන්,
දරුණු තුවාල ලබපු ගන්ග්-යොන්ග් සිහිසුන්ව තුවාල ලබා රෝහලේ සිටින දර්ශනයකින් තමයි හයවන කොටස පටන් ගන්නෙ.මේ සියල්ල තමා නිසා සිදු වූ බව සිතමින් ගන්-වූ දැඩි ලෙස කණගාටුවෙන් සිටින අයුරු ඔයාල දකින්න ඇති. ගී-නා රදවාගෙන ප්‍රශ්න කරන ග්වන්ග්-මූට හා වූ-ජින්ට ඇයගෙන් කිසිවක් දැනගැනීමට නොලැබෙන අතර එතනට පැමිණෙන ලී-වූජොන්ග් විසින් උපක්‍රමයක් යොදවා ඉම්-බොම්ට විෂ මත්ද්‍රව්‍ය ලබා දීමට උපදෙස් දුන් මන්-බේ පිළිබඳව හෙලි කරගන්නවා. ඒ වගේම ඔයාල දකින්න ඇති මානසිකව කඩා වැටිලා ඉන්න ගන්-වූගෙ හිත හදන්න උත්සහ කරපු වූ-ජින්ව.. ඒක නම් හරිම සංවේදී දසුනක්. ඒ අතර යම් සුවයක් ලබන ගන්ග්-යොන්ග් වෛද්‍යවරුන්ගේ කීම නොසලකා රෝහලෙන් පැමිනෙනවා. එලෙස පැමිනෙන ගන්ග්-යොන්ග් ගී-නා සමග මන්-බේ හසුකරගැනීමේ මෙහෙයුම සදහා පිටත්ව යනවා. නමුත් මේ පිලිබදව දැනගන්නා මන්-බේ වහාම ක්‍රියාත්මක වී ගී-නා ඝාතනය කරනවා. සියල්ල හෝටලෙන් පිටව ගිය පසු තනිවම හෝටලයේ රැදෙන ගන්-වූ කිසිවකුට හොර රහසේ හෝටලයෙන් පිටත්ව IKFC තරගාවලියට සහභාගි වීම සදහා පිටව යනවා. මෙහිදී ඇතිවන දරුණු සටන් දෙකකින් අනතුරුව තරගකරුවන් දෙදෙනෙකු පරාජය කරන ගන්-වූ, බෙක්-ජන්ග්ට තමා සමග සටනට පැමිණෙන ලෙස අභියෝග කරනවා.. මෙම සටනෙන් දරුණු ලෙස තුවාල ලබන ගන්-වූ බිම ඇදගෙන වැටෙන අතර ඒ අවස්ථාවේදීම පොලීසිය අදාල ස්ථානයට කඩා පනිනවා.. දරුණු ලෙස තුවාල ලබා සිටින ගන්-වූ රෝහල්ගත කරන අතර එම සටන නැරඹූ ගන්ග්-යොන්ග් විසින් බෙක්-ජන්ග් වෙත වරෙන්තුවක් නිකුත් කරනවා.. මෙය දැනගෙන දැඩි ලෙස කෝප වන බෙක්-ජන්ග්, ගන්-වූ ඇතුලු සියලුදෙනා විනාශ කරන බවට ගුගුරද්දි තමයි පස්වන කොටස අවසන් වෙන්නෙ..
අද කොටසෙන්,
අද ඔයාලට බලන්න පුලුවන් මන්-බේ විසින් බෙක්-ජන්ග්ව රටින් පිටමං කිරීමට ගහන සැලසුම. ඒ වගේම ගන්-වූගෙ මව පැහැර ගෙන ගන්-වූ තමා වෙත ගෙන්වා ගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සදහා බෙක්-ජන්ග් විසින් මන්-ජේට උපදෙස් ලබා දෙනවා.. ඉතින් මේ සැලසුම් සාර්ථක වී ගන්-වූගෙ මව පැහැර ගැනීමට බෙක්-ජන්ග්ට හැකිවෙයිද ? බෙක්-ජන්ග් අද වැටෙන අමාරුවේ තරමත් දැනගන්න මේ සුපිරි කොටසත් බලන්න ඔයාට ආරාධනා කරන ගමන් මා සමුගන්නවා. සුභ දවසක්..
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
628 downloadsDownload Bloodhound-S02E06.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
1 comment
Sandaru Nimsara
Advertisement




Thanks