Watch Trailer

Blue Eye Samurai [S01 : E03 & E04] Sinhala Subtitles | ගිවිසුම සහ කොන්ත්‍රාත්තුව… [සිංහල උපසිරසි] 18+

Blue Eye Samurai S01 Sinhala Subtitles 2023 වසරේදී Netflix වෙතින් නිකුත් වුනු Blue Eye Samurai ඇනිමේෂන් කතා මාලාව අතිශයින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඇනිමේෂන් කතා මාලාවක්. අතීත ජපන් සමාජයේ පැවති අසමානකම් පරයා තම යුක්තිය සොයා යන සමුරායිවරයෙකුගේ කතාවක් ඔස්සේ දිව යන මේ කතාව, රුධිර වැගිරවීම් වලින් යුක්ත…

Blue Eye Samurai S01 Sinhala Subtitles

2023 වසරේදී Netflix වෙතින් නිකුත් වුනු Blue Eye Samurai ඇනිමේෂන් කතා මාලාව අතිශයින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඇනිමේෂන් කතා මාලාවක්. අතීත ජපන් සමාජයේ පැවති අසමානකම් පරයා තම යුක්තිය සොයා යන සමුරායිවරයෙකුගේ කතාවක් ඔස්සේ දිව යන මේ කතාව, රුධිර වැගිරවීම් වලින් යුක්ත කතාවක්ද වෙනවා. එම කතාවේ 03 සහ 04 කොටස් සමගිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

පංති භේදය, ජාති භේදය නිසාවෙන් එකළ සමාජයෙන් ලැබුනු පහත් බව නිසා, තමන්ගේ මවට අත් වුනු ඉරණමේ පළි ගැනිම සොයන අසිපත්කරුවෙක් වෙන “මිසු”, කියොටෝ නගරයට යන්නේ ආයුධ වෙළඳාම් කරුවෙක් වෙන “හෙයිජි ශින්ඩෝ” නම් පුද්ගලයා සොයා ගෙනයි. ඒත් මිසු හොයපු උත්තරේ කිසි කෙනෙක්ගෙන් නොලැබුනු නිසා මිසුට ඒ මිනිස්සුන්ගේ ලේ හලන්නට සිද්ධ වෙනවා. හැබැයි මේ ලේ හැලීමේ ප්‍රතිඵලයක් විදිහට හෙයිජි ශින්ඩෝ ඉන්න තැන ගැන තොරතුරක් හෙයිජි ශින්ඩෝගේ සහෝදරයාගෙන් මිසුට ලැබෙනවා. ඒ අනුව අරඹන දුෂ්කර ගමනට අබ්බගාත නූඩ්ල්ස් අරක්කැමියෙක් වෙන “රින්ගෝ” මිසුත් එක්ක එකතු වෙනවා.

ඒ වගේම අපිට මිසුගේ කුඩා කාලය ගැනත් යම් දේවල් ප්‍රමාණයක් දැනගන්න ලැබුනා. අසිපත් සාදන අන්ධ කම්මල්කරුවෙක්ගේ සෙවණේ හැදෙන මිසු, අසිපත් සෑදීමේ පටන් අසිපත් හරඹය දක්වා සියලුම දේ කුඩා කළ පටන් තනිවම ප්‍රගුණ කරනවා. ඒ අතරෙදි තමයි මිසුගේ පළිගැනීමට හේතුව සුදු විදෙස් ජාතියෙක් බව හෙළි කරන්නේ. කතාවේ අනිත් විශේෂම දේ තමයි මේ මිසු කියන්නේ කෙල්ලෙක් වෙන එක. ඒ කියන්නෙ, අසිපතකින් ලේ හලමින් පළිගැනීම සොයන මිශ්‍ර ලේ ඇති කෙල්ලෙක්ගේ කතාව බවට මේ Blue Eye Samurai පත් වෙනවා. මිසුගේ ළමා කාලයේ හිටපු එදිරිවාදියෙකුත් මේ ගමනෙදි මිසුට මුණ ගැහෙනවා. ඔහුත් දැන් අසිපතක් දරන දක්ෂ අසිපත් ශිල්පියෙක්.

එදිරිවාදියාත් සමඟ මිසුගේ පළිගැනීමේ ගමන මිසු යන්නේ කොහොමද? මිසු හොයන හෙයිජි ශින්ඩෝව මිසුට මුණ ගැහේවිද? ඒ වගේම මිසු හොයන සුදු ජාතිකයා කවුද? ඒ වගේම මිසුගේ කුඩා කාලය ගැන හැමදෙයක්ම අපි දන්නේ නෑ. ඒ අඳුරු අතීතය මොකක්ද? නරඹන්න මේ කොටස් දෙක. Blue Eye Samurai හි වැඩිහිටියන්ට පමණක් සුදුසු වෙන ලිංගික දර්ශන ඍජුවම අඩංගු වෙන බවත් මතක් කරනවා. ඒ වගේම මේ කතාවට සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නේ PSA වීඩියෝ පිටපත් වලට වගේම ඉංග්‍රීසි භාෂාවට ගැලපෙන විදිහටයි. Baiscopedownloads වෙබ් අඩවියෙනුත් වීඩියෝ පිටපත් ලබා දේවි. මීළඟට Blue Eye Samurai හි 05 සහ 06 කොටස් තුළින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-Rip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,332 downloadsDownload Blue.Eye_.Samurai.S01-E03-E04-Sinhala-sub.zip39 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

 

Blue Eye Samurai S01 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,332 downloadsDownload Subtitles39 KB

1 comment

  1. Dasun Lakruwan

    තෑන්ක් යූ හස්සා.. ❤️ දෙනකම් හිටියේ