Vinland Saga Sinhala Subtitles එහෙනම් මහත්වරුනි, වින්ලෑන්ඩ් සාගා නම් මහත්වරුන්ගෙ කතාවෙ පළමු අදියරේ අවසානය තමයි මේ විදිහට සනිටුහන් වෙන්නෙ. බොහෝ දෙනාගෙන් මේකට උපසිරසි ලබාදෙන ලෙස වරින්වර ඉල්ලීම් ලැබෙනවා නිරන්තරයෙන් දැක්කා. සෑහෙන කාලෙක ඉඳන් මටත් තිබුණු අදහස නිසා හැකි ඉක්මනින් මේක ලබාදෙන්න ඕනෙ කියන මතයෙ…

Vinland Saga Sinhala Subtitles එහෙනම් මහත්වරුනි, වින්ලෑන්ඩ් සාගා නම් මහත්වරුන්ගෙ කතාවෙ පළමු අදියරේ අවසානය තමයි මේ විදිහට සනිටුහන් වෙන්නෙ. බොහෝ දෙනාගෙන් මේකට උපසිරසි ලබාදෙන ලෙස වරින්වර ඉල්ලීම් ලැබෙනවා නිරන්තරයෙන් දැක්කා. සෑහෙන කාලෙක ඉඳන් මටත් තිබුණු අදහස නිසා හැකි ඉක්මනින් මේක ලබාදෙන්න ඕනෙ කියන මතයෙයි මමත් හිටියෙ. කොහොමහරි ඔන්න පළමු අදියරේ වැඩ කටයුතු දැන් අවසන් උනා. Vinland Saga S01 Sinhala Subtitles

මකතෝ යුකිමුරා සෙන්සෙයි විසින් නිර්මාණය කෙරුණු වින්ලෑන්ඩ් සාගා මංගා කතා මාලාවෙ Omnibus Editions එකේ Volume 4ට එනකම් කොටස් ඇනිමේ එකේ පළමු කතා සමයෙන් ආවරණය වෙනවා. ඉතින් පුලුවන්කම තියෙනවා නම් වින්ලෑන්ඩ් සාගා මංගා එකත් කියවලා බලන්න උත්සහයක් ගන්න. පසුගිය කොටස් දෙස හැරිලා බැලුවොත්; දැන් කුනූට් කුමරු ආෂෙලැඩ් සහ තෝර්කෙල් ගෙ සහයෙන් ස්වෙයින් රජුව සිහසුනින් නෙරපන්න බලාගෙනයි ඉන්නෙ. නමුත් ස්වෙයින් රජු කියන්නෙත් එහෙම ලේසියෙන් පාගන්න පුලුවන් මිනිහෙක් නෙමෙයි. කොහොමහරි ආෂෙලැඩ් ගෙ වචන හැසිරවීම නිසා කුනූට් කුමරුට මරණයෙන් බේරෙන්න අවස්ථාව ලැබුණා. ලන්ඩන් ප්‍රහාරය වළකා තෝර්කෙල් නැවතත් ඩෙන්මාර්කයෙ පැත්තට ගැනීම වෙනුවෙන් කුනූට් කුමරුට ත්‍යාගයක් ලබාදෙන්නයි ස්වෙයින් රජු හදන්නෙ. ඒ අනුව කුනූට් කුමරු ගේන්ස්බරෝ සිට යෝර්ක් වලට පිටත් වෙනවා. පහළ සිතියමේ දාලා තියෙන්නෙ ඒ ගමන් මඟ… යෝර්ක් වලදි කුනූට් කුමරුව ඝාතනය කරන්න උත්සහ කරපු තැතකුත් වැරදුණු විදිහ මතක ඇතිනෙ. හැබැයි ඇත්තටම ඒක කාගෙ අනුදැනුම ඇතිව උනු දෙයක්ද කියල බලපු ඔයාලා දැන් දන්නවනෙ. ඒ වගේම ඔන්න තෝර්ෆින් සහ ලෙයිෆ් නැවත හමුවුණා. ඒ තෝර්ස්ගෙ මරණයට පසුව වසර දහයකට ආසන්න කාලයක් ගත උනාට පස්සෙ… ඒ වගේම තෝර්ෆින් සහ ආෂෙලැඩ් අතර ද්වන්ත සටනකුත් උනා මතක ඇතිනෙ. ඒක කෙළවර උනෙත් සුපුරුදු විදිහටම තමයි. ඒ වගේම අපිට ආෂෙලැඩ්ගෙ ඉතිහාසය ගැනත් දැනගන්න ලැබුණනෙ. දැන් ආෂෙලැඩ් ගැනත් සම්පූර්ණ අවබෝධයක් ඔයාලට තියෙනවා ඇති කියල හිතනවා. එහෙනම් මේ අවසන් කොටස් දෙකෙන් යෝර්ක් වලදි කුනූට් කුමරුට මොනවගේ ඉරණමක්ද අත්වෙන්නෙ කියල බලන්න. ඒ වගේම සීසන් 2 උපසිරසි දැන් කරගෙන යන ගමන් කියල කියන්න ඕනෙ. තාම වැඩ අවසන් නෑ. ඉතින් බලපු අය දාලා තියපු කමෙන්ට්ස් දැක්කාම හැමෝටම කතාව රහ වැටිලා තියෙන්නෙ කියල පේනවා. ඉතින් සීසන් 2 සිංහල උපසිරසි හැකි ඉක්මනින් ලබාදෙන්න උත්සහ කරනවා. ඒ වෙනකම් බොහොම ඉවසීමෙන් රැදෙන ලෙස ඉල්ලා සිටිනවා. අවසන් වශයෙන් මේ වින්ලෑන්ඩ් සාගා ගැන ඔයාට මොනවගේ අදහසක් ද තියෙන්නෙ කියල පහළින් දාගෙන යන්නත් අමතක කරන්න එපා. හමුවෙමු එහෙනම් මීළඟ අදියරෙන්… A true warrior doesn’t need a sword.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

1,912 downloadsDownload Vinland-Saga-S01-E23-E24.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Subtitles

1,912 downloadsDownload Subtitles21 KB

28 comments

  1. chathura

    thanks . season 2 ikmanata one.

  2. Arusha Herath

    Ikmanata s2 onee

  3. Arusha Herath

    Ikmanata s2 onee

    1. Sadaru

      Sub ekanam supiri

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  5. Arusha Herath

    Season 2 oneee

  6. Dilshan buddika

    ❤️‍සුපිරි❤️‍

  7. Anonymous

    Frieren ekatath sub oni.......

  8. Lakshitha

    සිසන් 2 ඔනෙ ❤️

  9. Anonymous

    sub ekt thanks brother

  10. Niroshana

    Season 2 sub kawadda?

  11. Subhash

    බොහොම ස්තූතියි සහෝදරයා ️

  12. tharindu de silva

    සුපිරි කතාව season 2 එකත් ඉක්මනට දෙන්න.

  13. Anonymous

    season 2 denna ko

  14. Anonymous

    season 2 denna ko

  15. Anonymous

    Season 02 dennko

  16. Anonymous

    seson 2 dnnako

  17. Pavith Wijesooriya

    සීසන් 2 සිංහල උපසිරසි දැන් කරගෙන යන ගමන්... ප්‍රමාදයක් වෙච්ච එකට සමාවෙන්න. ඉක්මනින් උපසිරසි දෙන්න උපරිම උත්සහ කරනවා.

    1. Prabha

      අනේ සීසන් 2 එකට සබ් දෙන්නකො ඉක්මනින් ❤️❤️

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  19. gihan

    සිසන් 2 තාම නැද්දෝ

  20. Asira Vithanawasam

    vinland saga season 2 sinhala sub denne ndda

  21. Sulekha Dayani

    sub thama nene imnata dennko season 2

  22. Anonymous

    Season 2 ekatath sub ikkmanata danne

  23. raji

    season 2 එකට සබ් දුන්නොත් පින් සිද්ද වෙයි

  24. Anonymous

    season 2 thama naddoo

  25. ishan

    season 2 ekatath sub eka demu bro

  26. San San

    You did great work in Season one. But you its two years for now. Drop S2 or Leave it to some one else...!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.