Blue Eye Samurai S01 Sinhala Subtitles ජපන් සංස්කෘතිය වටා ගෙතුනු ඉතා විශිෂ්ට ගණනේ ඇනිමේෂන් කතා මාලාවක් අරගෙන ආයෙත්මත් ඔයාලගෙ ෆැන්ටසියට ගොඩවදින්නයි මේ සූදානම් වෙන්නේ. මේ කතාව බොහෝ රසිකයින්ගේ ප්‍රසාදයට පත් වෙන්න හේතු කාරණා කිහිපයක්ම තියෙනවා. ඒ මේ කතාව Netflix වෙතින් නිකුත් කරවූවක් වෙන කතා වස්තුවක් වෙ…

ජපන් සංස්කෘතිය වටා ගෙතුනු ඉතා විශිෂ්ට ගණනේ ඇනිමේෂන් කතා මාලාවක් අරගෙන ආයෙත්මත් ඔයාලගෙ ෆැන්ටසියට ගොඩවදින්නයි මේ සූදානම් වෙන්නේ. මේ කතාව බොහෝ රසිකයින්ගේ ප්‍රසාදයට පත් වෙන්න හේතු කාරණා කිහිපයක්ම තියෙනවා. ඒ මේ කතාව Netflix වෙතින් නිකුත් කරවූවක් වෙන කතා වස්තුවක් වෙන නිසාම නොව, එහි තියෙන ඇනිමේෂන් ස්ටයිල් එක වගේම යොදාගෙන තියෙන සංගීත නාද රටාවන් නිසාම බව කියන්නම ඕනි. අතීත ජපන් සමාජ සංස්කෘතියේ පැවතුනු බොහොමයක් අංග ඒ විදිහටම වර්ණ සංකලයන් සමඟින් විශිෂ්ට කතාවටකට ඈඳා තියෙන විදිහ අපිට මේ කතාවෙන් දකින්න පුලුවන්.

Adult Animated Action Television Series එකක් විදිහට 2023 වසරේ නොවැම්බර් 3 වෙනිදා Netflix වෙතින් නිකුත් කරපු මේ කතාව, බිරිඳ සහ සැමියා වුනු Amber Noizumi සහ Michael Green යන දෙපළගේ නිර්මාණයක් වෙනවා. Logan, Blade Runner 2049, Alien: Covenant වගේම Murder on the Orient Express යන ජනප්‍රිය වගේම සාර්ථක හොලිවුඩ් චිත්‍රපට වල රචකයා වෙන්නේ මේ Michael Green මහත්මායි. ඉතින් මේ Blue Eye Samurai කතාවත් ඒ වගේම විශිෂ්ට තැනක ඇති කියල දෙපාරක් හිතන්න අවශ්‍ය නෑ. Marvel චිත්‍රපට බොහොමයකටම තම දායකත්වය සපයපු Jane Wu මෙහි අධ්‍යක්ෂක ලෙසින් කටයුතු කරනවා. මෙහි සංගීතය සම්බන්ධව Fargo, The Umbrella Academy, Altered Carbon වගේම She Hulk:Attorney at Law යන රූපවාහිනී කතා මාලා සඳහා දායක වුනු දක්ෂ composer වගේම orchestrator වරියක් වෙන Amie Doherty සම්බන්ධ වෙනවා. ඉතින් මේ කතාව මං මුලදීම කිව්වත් වගේ ජපන් සංස්කෘතියේ එන ගීතත් එක්ක මුසු වුනු කතාවක් නිසා, ඒ ඒ සිදුවීම් අපූරුවට ප්‍රේක්ෂක මනසට ඇතුල් කරන්න සමත් වෙනවා.
නිකුත් වී වසරක් ගිය තැන මේ වෙද්දි මේ Blue Eye Samurai IMDB දර්ශකයේ 8.7 ක ඉහළ අගයකුත්, Rotten Tomatoes හි 97% ක අගයකුත් ලබාගෙන තියෙනවා. කතාව මිනිත්තු 35 ත් 60 ත් අතර ධාවන කාල වලින් යුතු කොටස් 8 ක් පුරා දිව යනවා. Blue Spirit, 3 Arts Entertainment සහ Netflix Animation යන ස්ටූඩියෝ එක්ව මෙහි ඇනිමේෂන් නිෂ්පාදන කටයුතු සිද්ධ කරල තියෙනවා. ඒ වගේම කතාව English බසින් තමයි නිකුත් කරල තියෙන්නේ. Blue Eye Samurai මේ වෙද්දි බොහොමයක් Awards වගේම Nominees ලබාගත්තු කතාවක් වෙනවා. American Cinema Editors USA, Annie Awards, Primetime Emmy Awards, ReFrame සහ BFE Cut Above Awards හි ජයග්‍රහණ ලබන්නත් Motion Picture Sound Editors USA, Peabody Awards, Online Film & Television Association, International Online Cinema Awards, Gold Derby Awards, Dorian TV Awards සහ TV Scholar Awards හි යෝජනා ලබන්නත් මේ Blue Eye Samurai සමත් වී තිබෙනවා. ඒ වගේම මේ කතාව Season 2 දක්වා දීර්ඝ කර එය නිළ වශයෙන් 2026 වසරෙදි නිකුත් කරන බවට නිවේදනය කර තිබෙනවා.


මේ කතාව ඇරඹෙන්නේ 1630 දශකයේ ඇරඹෙන කතාවක් විදිහට. ඒ කාල වකවානුවේ ජපානය කියන්නෙ බාහිර ලෝකයෙන් වෙන් වෙලා පැවතුනු රටක්. කොටින්ම ජපානයේ ජපන් ජාතිකයෙක් ඇරෙන්න විදේශීය ජාතිකයෙක් දකින්නවත් හිටියේ නෑ. බැරි වෙලාවත් විදේශීය ලේ මුසු වෙලා දරුවෙක් ඉපදුනොත් ඒ දරුවා සමාජයේ අපිරිසිදු දරුවෙක් ගානට දාලා කොන් කරන තැනකට එකළ ජපන් සමාජය පත් වෙලා තිබුනා. ඒ වගේම සමාජයේ කුල පන්ති භේදය ලොකුවටම තිබුනු කාලයක් විදිහට මේ කාලෙ හඳුන්වන්න පුලුවන්. මෙන්න මේ වගේ තත්වයක් තියෙන කාලයක ඉපදුනු දරුවෙක් තමයි “මිසු”. මෙයාත් අර කිව්වත් වගේ මිශ්‍ර ලෙයින් ඉපදුනු කෙනෙක්. ඒ කියන්නෙ මෙයාගෙ තාත්තා සුදු ජාතික කෙනෙක්. මේ සමාජ පසුබිම එක්ක එක්තරා සිදුවීමක් නිසා මෙයාගෙ අම්මා මරණයට පත් වෙනවා. හැබැයි ඒකට මෙයාගෙ තාත්තත් එක්ක තවත් පිරිමි තුන් දෙනෙක් සම්බන්ධයි. මෙන්න මේ අසාධාරණ අවසානයේ යුක්තිය වෙනුවෙන් පළිගැනීමේ අධිෂ්ඨානයෙන්, මිසු අරඹන ගමන තමයි අපිට මේ කතාවෙන් දකින්න ලැබෙන්නෙ.
ඔයාට කතාවේ නමින්ම තේරෙනවා ඇති, ඔව් මේක ජපන් සමුරායි සම්බන්ධ වුනු ඇනිමේෂන් කතා මාලාවක්. ඒ කියන්නෙ ලේ නෑවෙන කැපිලි කෙටිලි වල වගේම කඩු සටන් වල අඩුවක් නෑ. කතාවේ මිසුත් මේ වගේ අසිපතක් ගත්තු කෙනෙක්. ඒත් එයා සමුරායිවරයෙක්ද? සමුරායිවරයෙක් කියන්නෙ මොන වගේ කෙනෙක්ද? මිසුට තමන්ගෙ මෙහෙයුම සාක්ෂාත් කරගන්න පුලුවන් වේවිද? ඒක ඒ තරම් පහසු ගමනක් වේවිද? ඒ වගේම මේ මිසුගෙ අපි නොහිතන විදිහේ රහසක් තියෙනවා. ඒ හේතුව නිසාම මේ කතාව තවත් සිත් ගන්නා සුළු වෙන බව මම කියන්න කැමතියි.
ඒ වගේම මේ Blue Eye Samurai හි දරුණු ලේ වැගිරීම් වගේම වැඩිහිටියන්ට පමණක් සුදුසු වෙන ලිංගික දර්ශන ඍජුවම අඩංගු වෙන බවත් මතක් කරනවා. ඒ වගේම මේ කතාවට සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නේ PSA වීඩියෝ පිටපත් වලට වගේම ඉංග්‍රීසි භාෂාවට ගැලපෙන විදිහටයි. Baiscopedownloads වෙබ් අඩවියෙනුත් වීඩියෝ පිටපත් ලබා දේවි. එහෙනම් නරඹන්න ලෙයින් පළිගැනීම සොයන අසිපත්කරුගේ මේ කතාව. ඉදිරි කොටස් තුළින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB-Rip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,283 downloadsDownload Blue.Eye_.Samurai.S01-E01E02.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Blue Eye Samurai S01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
5 comments
Sandaka Maleesha
Chamath
thank you very much...
Dasun Lakruwan
Hasaranga aniwaryen balanawa meka thank you me wage supiri ewa hamadama denawata...hats off mchn
Subhash
Bohoma isthuthi,denkm bln hitapu ekk
Nanashi
Arigatona
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Supiriyak hasaranga ayya