කෑලි කපන ඝන අන්ධකාරේ ඇය දේවාලෙන් පිට වුණා. පොතත් තුරුළු කරන් ඈ හනික ගෙදර පැත්තට පය තිබ්බා. මුළු පාරම පාළුයි, කවුරුවත්ම නැහැ. හිතේ චකිතයක් ඉපදුනේ අහේතුකවද? අන්ධකාරය මැදින් ඈ මුකුත් දැක්කාද? යතුරු කැරැල්ලක් හෙලවෙන හඬක්? අසාමාන්‍ය අඩි ශබ්දයක්? බළලෙක් විලාප තිව්වා. පාර මැද ඇගේ පොත වැටිලා තිබුණා… ඉතින්……

කෑලි කපන ඝන අන්ධකාරේ
ඇය දේවාලෙන් පිට වුණා.
පොතත් තුරුළු කරන්
ඈ හනික ගෙදර පැත්තට පය තිබ්බා.
මුළු පාරම පාළුයි, කවුරුවත්ම නැහැ.
හිතේ චකිතයක් ඉපදුනේ අහේතුකවද?
අන්ධකාරය මැදින් ඈ මුකුත් දැක්කාද?
යතුරු කැරැල්ලක් හෙලවෙන හඬක්?
අසාමාන්‍ය අඩි ශබ්දයක්?
බළලෙක් විලාප තිව්වා.
පාර මැද ඇගේ පොත වැටිලා තිබුණා…
ඉතින්……
අවැසිද අටුවාටීකා
Breathe දීමට හඳුන්වා..??
කුතුහලය පිරුණු
අර එපා කරපු කොටස් 8,
දවස් කීපයක් හොඳම 250 අතරත් රැඳිලා
8.4ක IMDb අගයක් ගනිපු ඒ කතන්දරේ
බලපු හොඳම හින්දි සීරීස් මොනාද අහද්දී
නිරායාසයෙන් මතකෙට එන ඒ කතාව
Breathe…!!
නෑනේ? අලුතින් හඳුන්වලා දෙන්න ඕන නෑනේ. හින්දි කතාමාලා, චිත්‍රපටි එක්ක නිතරම කල් ගෙවන කෙනෙක් නම්, අපිත් එක්ක 2018දි පලවෙනි කතාමාලාවත් එක්ක එකතු වෙලා හිටිය කෙනෙක් නම් මේ පිටුව දකිද්දීම සතුටින් ඉපිලිලා ඇති. ඉතින් ඒ යාළුවන්ටයි මේ කතා කරන්නේ, මොකද කියන්නේ, ආපහු සැරයක් ලෑස්තිද ඒ සුපිරි, අමුතු අත්දැකීම විඳගන්න? කුතුහලයෙන් පිරුණු කතාමාලාවක ඊළඟ පියවර රහ විඳින්න? නියපොතු හප හප, කොටසින් කොටස ගලාගෙන යද්දී ඔලුවට දැනෙන ඒ ආතල් එක විඳගන්න? කලින් වගේ හුස්ම හිරකරවන හුස්ම පොදවල් 8ක් නෙමේ, මේ සැරේ වැඩියෙනුත් එක්කම තියෙන්නේ. හුස්ම පොදවල් 12ක්. විනාඩි 45 කොටස් 12ක්. ඉතින් වෙනදා වගේම බයිස්කෝප් අපි ලෑස්තියි මේ කොටස් 12 ඔයාලත් එක්ක රහ විඳින්න.
පලවෙනි කතා සමය ඉවර වෙද්දී නිකමටවත් හිතුනේ නෑනේ දෙවන කතාසමයක් ඒවි කියලා.
ඒත් ඒ හැමදේම බොරු කරමින් මෙන්න ඇවිත් තියෙනවා දෙවැන්න.
එතකොට මොකක්ද මේ කතාව? පලවෙනි එකට සම්බන්ධද?
නැහැ. පලවෙනි කතාසමයේ හිටපු චරිත කිහිපයක් ඇරෙන්න,
ඒ කතන්දරේ එක්ක කිසි සම්බන්ධකමක් මේ දෙවැනි අදියරට නැහැ.
ඔව් ඒ කියන්නේ පලවෙනි සමය රහ වින්දේ නැති ඔයාටත් කෙලින්ම මේකට පැනලා බලතහැකි කියලා.
කලින් කතාවෙදි ඔයාලට මතක ඇතිනේ, තමන්ගේ පුංචි පුතාගේ ජීවිතේ වෙනුවෙන් පෝලිමට මිනිමරාගෙන මරාගෙන ගිය තාත්තා : ඩැනිට එරෙහිව තමන්ගේ වෙච්ච එක අත්වැරද්දක් නිසා තමන්ගේ චූටි දුවව සදහටම අහිමි කරගත්තු තාත්තා : කබීර් සාවන්ත්ගේ ද්වන්ධ සටන මාධවන්, අමිත් සාධ් එකතු වෙලා හරි අපූරුවට සිත්තම් කළා. එතකොට මේ දෙවන කතා සමයේදි අපිට දකින්න පුළුවන් වෙන්නේ කවුද? උඩ කියපු කබීර් සාවන්ත් මහත්තයා, ඒ කියන්නේ අමිත් සාධ් මේ කතා සමය එක්කත් එකතු වෙන ගමන් ඊට අමතරව අභිෂේක් බච්චන්, නිත්‍යා මෙනන් ප්‍රධාන චරිත ලෙස එක්කහු වෙනවා. ඒ වගේම රේටින් ගැන කතා කරන්න ගත්තොත් IMDb අගය, කතාව නිකුත් වෙලා පැය 24ක් නැති මේ මොහොත වෙද්දී 8.6ක අගයක් ලබාගෙන තියෙනවා. අවශ්‍ය කරුණු කාරණා හොඳ හැටි සම්පුර්ණ වෙලා තියෙද්දී මොකටද තවත් බලා ඉන්නේ, නේද? එහෙනම් මේ ඉල්ලීමඅද ඉඳන් දවස් දොළහක් අපිත් එක්ක එකතු වෙන්නයි කියලා ඔබේ ප්‍රියතම හුස්ම කතාමාලාවේ දෙවැනි අදියර තේරෙන සිංහලෙන්ම රස විඳින්න ඕන නම්.
ප.ලි : ඔරිජිනල් ඉංග්‍රීසි සබ් එකේ ලයින් අඩුයි. ඉංග්‍රීසියෙන් කියවෙන දෙබස් සඳහා උපසිරැසිය ඇත්තෙම නෑ. ඒකත් එක්ක බැලුවොත් හිතෙනවා සබ් එක නැතුව බැලුව නම් ඉවරයි කියලා. කතාවේ අයිඩියා එකෙන් 1/4ක් විතර මිස් වෙනවා. අපි ඉතින් ඒ අඩුවත් හදාගෙන අලුතින් ලයින් ගහගෙන තමා සබ් එක අරන් එන්නේ. බාගෙට වැඩ කරන්න බෑ නොවැ. ඉතින් ඉදිරියට සුළු සුළු ප්‍රමාදයන් වෙන්න පුළුවන්. ඒවා ගැන කරුණාවෙන් සලකන්න කියලා තමයි ඉල්ලන්නේ.
ප.ප.ලි : සීසන් 1 බැලුවේ නෑ කියලා සීසන් 2 නොබලා ඉන්න එපා. මේක අලුත් කතාවක්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.
5,032 downloadsDownload Breathe-Into-the-Shadows-S02-E01.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
22 comments
Prabodha
Isuru
Ela ela supiri wedak anith kotas tikath ikmanata denna
Anonymous
E bn 1080p nf web copyata meke sub galapenwda kiyala poddak kiypnko,ara GB 9i gaanak thyna ekata...
Mokada me wage supiriyak supiri quality ekenma blnna ona ekai.......
Jaya wewa!!!Anonymous
Thawa "MAFIA" kiyla hindi series ekakuth awilla thyno..
Eketh sub eka baiscope eken denkan balan inne..
Ela elaසනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...මේ දවස්වල හරියට මුකුත් බැලෙන්නේ නෑ. ඒත් මේකේ සබ දාලද කියලා බලන්නම තුන් පාරක් ආවා සයිට් එකට ඊයේ ඉදන්. ඒ තරම් ආසාවෙන් බලන් හිටියේ සීසන් එක එනකම්. කලින් සීසන් එක බලපු හොදම සීරිස් වලින් එකක්. මේකත් ඒ වගේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. ජය වේවා.. බුදුසරණයි..!
Kavindu12345desilva
ptta bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
man web serch kala mata toeent ekak hambune naha. please hashag ekak hari link ekak hari danna puluwanda mekata reply eke. good work for sub. adarei baiscope
Anonymous
baiscopedownloads.co yanna
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Chandima Prasad
godak sthuthi sub ekata..english line tkatatath sub karalama denna parakku unata kamak naa..naththn me wge supiri kathawak balanakota awl sub eka podi thanaka hari nathi uanama..apu gamanma sub hadala mahansi wela me karana sewayata ayemath godak sthuthi....
Chamiya-A.S.K
ආදරෙයි ඈ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kapila
thanks
tharidu16
thanks machi... ikmanin oni okkoma tika. okkoma dunnama balanwanwa. t.c.
Rumesh Asanka
thank you
ranathunga
me series eke palawweni kathawe name eka mokakda?????
Hari
ඔන්න මාත් බලන්න ගත්තා පලවෙනි එපිසෝඩ් එක බලද්දිම දැනගත්තා සුපිරි ඇති කියලා... තැන්කූ ඔබ කරන සේවයට.. ජයෙන් ජයම වේවා!!!!!
sahangayantha
Thanks a lot saho sub ekata
Supun harshika
Pin Machan ubata
Anonymous
Baiscopedownloads.co link didnt work... plz help..
Anonymous
Thnx for sub ...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Breathe : Into the Shadows [S01 : E01] Sinhala Subtitles | ජීවිතයක් වෙනුවෙන් මාරයා නැවතත්..? [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/07/Breathe-Into-the-Shadows-1.1.jpg)


Godak sthuthi sahooo