Watch Trailer

Breathe : Into the Shadows [S01 : E12] Sinhala Subtitles | සිතු දේ නොමවෙයි නොසිතූ දේම වෙයි. [සිංහල උපසිරැසි සමග]

හෙලෝ, ඔව් කියන්න. මේඝ්නා.. ඊයේ මට පරණ යාලුවෙක් හම්බවුණා. එයා ආවෙත් අර බෙහෙත ගන්නමයි.. මං හැමදෙයක්ම අමතක කරන්න හදද්දී ඇයි ඒ දේවල් මගේ පස්සෙන් එන්නේ..? ඇයි.. ඇයි..? මට මේක දරාගන්න බෑ.. අන්ගද්.. සන්සුන් වෙන්න.. මං කියන දේ අහන්න. ඔයා අර පරණ දේවල් නම් පටන් ගන්නෙපා. ඔයාගේ අතේ දැනටමත් අර බෝතලේ තියෙනවා නේද…

හෙලෝ, ඔව් කියන්න.
මේඝ්නා.. ඊයේ මට පරණ යාලුවෙක් හම්බවුණා.
එයා ආවෙත් අර බෙහෙත ගන්නමයි..
මං හැමදෙයක්ම අමතක කරන්න හදද්දී
ඇයි ඒ දේවල් මගේ පස්සෙන් එන්නේ..?
ඇයි.. ඇයි..?
මට මේක දරාගන්න බෑ..

අන්ගද්.. සන්සුන් වෙන්න..
මං කියන දේ අහන්න.
ඔයා අර පරණ දේවල් නම් පටන් ගන්නෙපා.
ඔයාගේ අතේ දැනටමත් අර බෝතලේ තියෙනවා නේද?
විසි කරන්න..
මං කියන එක අහලා විසි කරන්න…

මේඝ්නා.. මට මේක දරාගන්න බෑ..
හැමතැනම මට පේන්නේ අන්ධකාරය විතරයි..
මට බෑ මේඝ්නා.. මට බෑ…

දුරකථනය විසන්ධි වුණා..
මාරයා හිනා වෙනවා ඇහුණා….

2018දි ඔබ හමුවට පැමිණි ඒ කම්පනය
නවතම මුහුණුවරයකින් ඔබ හමුවට..
Breathe..
අඳුරු සෙවනැලි අතරට ඔබ ගෙන ආ
ඒ අවසන් හුස්ම පොදයි මේ…

එහෙනම් යාලුවනේ, අවසන් කොටසේ සිංහල උපසිරසියත් කතාව නිකුත් වෙලා සතියක් ගෙවෙන මේ මොහොත වෙද්දී අරන් එන්න අපිට පුළුවන් වුණා. ඉතින් මේ මෙහෙයුම පිටිපස්සේ හිටිය කවිෂල්, චානක, පසිඳු, අචින්ත, හේවයියා සහෝදරවරුන්ව ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අපේ මේ වැඩේට බොක්කෙන්ම සහය දුන්නු සිසිල සහෝවයි චාමර සහෝවයි ආදරෙන් සිහිපත් කරනවා. අපිත් එක්ක එකතු වෙලා හිටිය ඔය සහෝදරවරුන්ටත් ගොඩාක් ස්තුතියි. අපි ගිහින් එන්නම් එහෙනම්. අපේ වැඩ ඉවරයි. ජයවේවා!!!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,675 downloadsDownload Breathe-Into-the-Shadows-S01-E12.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

PHOENIX

Subtitles

3,675 downloadsDownload Subtitles20 KB

19 comments

  1. Chandima Prasad

    බයිස්කෝප් එකෙන් සබ් දුන්න ඉන්දියන් වෙබ් සීරීස් සෙට් එකම වගේ බැලුවා..හැබැයි ඒ සේරගෙන්ම සුපිරිම ටික පෙලගැස්සුවොත් මට නම් මේක තමයි සුපිරිම..රඟපෑම් අතින් බැලුවත් මේකේ සේරම චරිත වල රඟපෑම් සුපිරියටම තිබුණා..ඒ මොන දේ තිබ්බත් සබ් දුන්නේ නැත්තන් මේකේ කිසිම රහක් අපිට බලාගන්න වෙන්නේ නෑ.මේ ෆට්ට සීරීස් එකේ වැඩේට අතගහලා ඉක්මනට සබ් ටික දුන්න ටීම් එකටම ගොඩක් ස්තූතියි...කෙනෙක් මේක බලනවද නැද්ද හිත හිත ඉන්නවා නම් හිතන් නැතුව අනිවාරෙන් බලන්න....ජයවේවා....

  2. Kavindu12345desilva

    thanks for sub digatma me wage sub genna
    obata jaya

  3. Hash

    ස්තුතියි මෙච්චර ඉක්මනට sub ටික දුන්නට. Sub දාන පමාවෙන් අරන් season එකම බැලුවා. සුපිරි series එකක්. ස්තුතියි sub දෙන්න දායක උන හැමටම

  4. Kavinda

    ජය වේවා.තෑන්ක්ස් සබ් ටිකට

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Dhanushka

    Episode 12 ma baluwa. pattama tnx set ekatama. me wage thriler web series danna. aniwa balanwa. jayawewa.....

  7. Tharindu07

    Thanks.....!!!! Jayaweva.......!!!!

  8. Anonymous

    Thanks mechchra wegen dunnata

  9. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    තව Season එකක් ආවොත් එකටත් සබ් අරන් එමු...

  10. Shanika Dissanayake

    thank u very much hemotama

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. sahangayantha

    Thanks a lot saho sub ekata

  13. Hari

    නියමයි අද තමා බලලා ඉවර උනේ. සුපිරි season එක. මෙ කරන සේවයට බොහොම පිං. දිගටම කරගෙන යන්න. ජය වේවා.!!!!

  14. R_deshan

    අදයි එපි 12ම බලල ඉවර කරේ.breathe(2018) එක වගේම සුපිරියක් තමා මේකත්.හැබැයි අවිනාශ්,J කියන්නෙ එකම පුද්ගලයගෙ පෞරුෂයන් 2ක් කියන එක කතාවෙ තව ටිකක් ඉදිරියට ගිහිල්ල එලිකරා නම් කුතුහලය තවත් වැඩිවෙන්න තිබ්බ කියල හිතනවා.කතා මාලාවට සබ් දුන්න සහෝදරවරු හැමෝටම බොහොම ස්තූතියි....

  15. Anonymous

    Thnx for sub ...❤️

  16. Anonymous

    thankz for sub

  17. Anonymous

    අද මේ කතාවේ සීසන් 2 රිලීස් වුනා ඒකටත් සබ් දෙනකම් බලන් ඉන්නවා

  18. Buddhika Lakmal (laKMal)

    සිංහල උපසිරැසිය ගෙනඒමට දායකවුන සෑම උපසිරැසිකරැවෙකුටම බොහෝම් ස්තූතියි... සියලු වැඩකටයුතු සාර්තක වේවා...,,

  19. sachin

    Season 2 one