Watch Trailer

Re: Zero (2016) AKA Re: Zero kara hajimeru isekai seikatsu EP22: EP23 (2018) Sinhala Subtitles | සතුරන් මිතුරන් වූ කල [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම Re:ZERO එකේ දෝලොස්වෙනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා. මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි ඇ…

ඔන්න මම Re:ZERO එකේ දෝලොස්වෙනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා.

මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි ඇනිමේ තමයි හදන්නේ. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගොඩක් ලස්සන ඇනිමේ අධ්‍යක්ෂණය කරපු Watanabe Masaharu කියන අධ්‍යක්ෂකතුමා විසින්. අන්තිමට මේකේ Genre එක ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ  Drama,Dark Fantasy, Psychological, Thriller කියන Genres වලට. ඒ වගේම මේක MyAnimelist දර්ශකයේ 8.3 ද, IMDb දර්ශකයේ  8/10 වගේ අගයක් ලබාගන්න සමත් වෙනවා. ඒ වගේම මම re zero එකේ opening ending සින්දු දෙක ගැනත් කියන්න හිතුව, opening එකේ තියන සින්දුවේ නම Redo ඒක කරලා තියෙන්නේ Konomi Suzuki විසින් ඒ වගේම ending එක STYX HELIX ඒ වගේම ඒක කරලා තියෙන්නේ MYTH & ROID කියන සංගීත කණ්ඩායම විසින්.

කලින් එපසොඩ් එකේදී සුදු තල්මසාට එරහි සටන ඉවරකලා වගේම සුබරුගේ ඉල්ලීම විදියටම යක්දෙස්සන්ව පරද්දන හමුදාවකුත් ලැබුනා. ඒ විතරක් නෙවෙයි ඒ හමුදාවට අණ දෙන්නේ වෙන කව්රුත් නෙවෙයි සුබරුගේ හතුරා වෙච්ච ජුලියස්. ඉතින් සුබරුට මොනවා හිතෙනවද කියල කියන්න ඕන නැහැ නේ. ඒත් අන්තිමේදී දෙන්නම පිලිගන්නවා දෙන්නගෙම වැරැද්ද පස්සේ දෙන්නම යාලු වෙනවා. සුබරු ගේ සැලැස්මේ විදියටම හැමදේම කරනවා. ඒත්  රෝසුවාල් මන්දිරේට මේ හමුදාව ගැන ආරංචිය යන්නේ වැරදි විදියට ඒ කියන්නේ රෝසුවාල් ප්‍රදේශය ආක්‍රමණය කරන්න කට්ටියක් එනවා කියල ආරංචිය එන්නේ. සුබරු මේකට මොකක් කරයිද එමිලියාගෙන් කොයිවගේ ප්‍රතිචාරයක් ද එන්නේ කියල දැනගන්න නම් ඔයාලට අද එපිසෝඩ් දෙක බලන්නම වෙනවා. ඒ වගේම එමිලියට බලයක් නැහැ වගේ හිටියට කොච්චර බලයක් තියද කියලත් දැනගන්න ලැබෙයි. අදට මම මෙච්චරයි කියන්නේ එහෙනම් මම අදට යනවා ඊළඟ එපසොඩ් එකෙන් ආයෙත් හමුවෙමු.

ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

2,032 downloadsDownload Re-Zero-2016-S1-E22-E23.zip27 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

 

Subtitles

2,032 downloadsDownload Subtitles27 KB

13 comments

  1. Ishan Madusha

    ස්තූතියි සහෝ

  2. Chanu Mikhail

    බොහොම ස්තූතියි

  3. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    1. දුලාර

      SEASON 02 එකටත් සබ් ගේන්න

  4. thilina

    The Terror season 2 ekta sub dnako machan la bageta dunne

  5. podda

    thanks bro!!!
    digatama animation serious walatama sub oniiii

  6. Kalana iduwara

    Thanx bro,මේකේ season 2 ආපුවහම එකටත් sub දෙන්න.ජය වේවා!!!!

  7. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  8. preethi viraj

    Thanx sahodaraya.. season 1i 2i dekama dunnata

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Anonymous

    සීසන් 02 එකටත් ගේන්න

  11. මහසොනා

    S02 එකටත් දියන්කො ඉක්මනට

  12. Pavith Wijesooriya

    මේ එපිසෝඩ් දෙකේ සබ් වලටත් ගොඩක් ස්තූතියි අයියේ...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.