Watch Trailer

Broken But Beautiful [S01 : E07 & E08] Sinhala Subtitles | සිත් රවටන ප්‍රේම රංගනේ [සිංහල උපසිරැසි සමග] (18+)

ඔහු! අදටත් විඳවනවා.. අවුරුදු 3කට කලින් ඔහු ජීවිතේ අවාසනාවන්තම සිද්ධියට මූණ දුන්නා. අනේ එදා එයා සීට් බෙල්ට් එක දාගෙන හිටියා නම්! දැන් ඔහු ජීවත් වෙන්නෙ කිසිම හැඟීමක් දැනීක් දැනෙන්නෙ නැති ගානට. ජීවිතේ මූලික අවශ්‍යතා ටික විතරක් ඉෂ්ට කරගෙන පාරතොටේදී හම්බෙන කෙල්ලෙක් එක්ක කතාබහ කරලා, හාද වෙලා, රැයක් ගත කර…

ඔහු! අදටත් විඳවනවා.. අවුරුදු 3කට කලින් ඔහු ජීවිතේ අවාසනාවන්තම සිද්ධියට මූණ දුන්නා.  අනේ එදා එයා සීට් බෙල්ට් එක දාගෙන හිටියා නම්!  දැන් ඔහු ජීවත් වෙන්නෙ කිසිම හැඟීමක් දැනීක් දැනෙන්නෙ නැති ගානට.  ජීවිතේ මූලික අවශ්‍යතා ටික විතරක් ඉෂ්ට කරගෙන පාරතොටේදී හම්බෙන කෙල්ලෙක් එක්ක කතාබහ කරලා, හාද වෙලා, රැයක් ගත කරලා, එහෙමම එලවලා දානවා සම්බන්ධකමක උපරිම කාලය, වරුවයි! හිත කෑලි කෑලි වලට කැඩිලා ගිහින් ඇය! අදටත් ඇය දන්නෑ ඔහු ඇයව අතෑරලා ගියේ ඇයිද කියලා. ඒ ගිහිනුත් කිසිම වගක් නෑ වගේ වෙන කෙනෙක් එක්ක ඉන්න අපූරුව!  ඒත් ඇය දැනටත් ඔහු පස්සෙන් යනවා අපහාස විඳ විඳ. අවුරුද්දක් ගත වෙලා අද ඇයගෙ උපන්දිනේ. ගිය අවුරුද්ද වගේ නෙමෙ, මේ අවුරුද්දෙ ඇය තනියෙන්. හිත කෑලි කෑලි වලට කැඩිලා ගිහින් දෛවය! දවසක් ඔහුවයි ඇයවයි මුණගස්සනවා. 
ඒ ඇයි?  ඊට පස්සෙ මොකෝ වෙන්නෙ? පුරා කොටස් 11 ඔස්සේ දිගහැරෙන මේ කතන්දරේ  Broken But Beautiful! කලින් කොටසින්: සමීරා එක්ක නයි වෛරෙන් හිටියට වීර්ට එදා රෑම සමීරාට කෝල් කරන්න සිද්ධ වුණා. ඒ අනපේක්ෂිත විදිහට කඩාපාත් වෙච්ච මරාලයක් හින්දා. වීර් නිතරම ගෙදෙට්ට කෙල්ලෝ ගෙන්නගන්න නිසා අහල පහල අය මෙතන ගණිකා ජාවාරමක් වෙනවයි කියලා පොලිසිය ගෙන්නලා තිබ්බා. ඒ චෝදනාවෙන් ගැලවෙන්න හිතන් උදව් ඉල්ලන්න වීර් කාර්තික්ට කෝල් කරත්, ෆෝන් එක වැඩ නෑ. ඉතින් කරන්න දෙයක් නැතිකමට සමීරාට ගත්තා. සමීරා සහ පිරිස ඒ වෙලේ මලක් ගගහා නෙව හිටියේ, ඒපිටම ඇවිල්ලා එතන හෙන නාඩගමක් නැටුවා මතකයිනේ. කොහොමහරි අහලපහල අයගේ වැරදි වැටහීම දුරු කරලා පොලිසියවත් යවන්න කෙල්ලෝ ටික කටයුතු කරා. ඒ අස්සෙම නැතිවෙලා හිටිය කර්මාත් හම්බවුණා. කතාව තව දිග්ගස්සන්නේ නැතුව සමීරා ඔය අස්සේ වීර්ට කිව්වා ඔප්පු ටික අත්සන් කරලා දෙන්නම් කියලා. අන්තිමේදී දෙන්නාට දෙන්නා ගැන පොඩි පහන් හැගීමක් දැනුනා දැනුනා වගේ.  ඔප්පුව අත්සන් කරද්දී වීර් සමීරාට අවසන් උදව්ව වශයෙන් කාර්තික්ව මුණගස්සන්නම් කියලා පොරොන්දු වුණා. එහෙමයි කියලා දෙන්නම බාර් එකට ගියානේ කාර්තික්ව හම්බෙන්න. වීර්වයි සමීරාවයි එකට ඉන්නවා දැක්කම කාර්තික්ටත් මොකක්දෝ වගේ උනා දකින්න ඇතිනේ. කොහොමහරි සමීරා එදත් එතනින් පිටත් වුණේ හිත රිද්දගෙන. කාර්තික් එක්ක කතා කරන්න ඇවිත් ඒ වැඩේ කරගන්න උනෙත් නෑ. අවසානෙදි වීර් සමීරාව පරණ ගෙදරට එක්ක ගිහින් අලීනාගේ උපන්දිනේ සැමරුවා. සමීරාටත් මේක අලුත්ම අත්දැකීමක් උනා. ඔය අතරේ කාර්තික්ගේ කල්පනාව තිබ්බේ වීර් සහ සමීරා සෙට් වෙලාදෝ කියලයි. හැමදේම සැකහැර දැනගන්න කාර්තික් සමීරාට එන්න කිව්වා ගෙදෙට්ට හම්බවෙන්න. සමීරා ආයේ බලාපොරොත්තු කන්දක් පොදී බැඳගෙන ගියා. ඔහේ කතාවක් දාගෙන ඉන්න අතරේ එතනට අනන්‍යා ආවානේ. බයවෙච්ච කාර්තික් සමීරාව අල්මාරියට දාලා අගුලු දැම්මා. අනන්‍යා ආවේ කාර්තික්ව ෆිල්ම් එකක් බලන්න එක්ක යන්න, සමීරාව එලියට ගන්න ඉඩක් නොතියාම කාර්තික්ට අනන්‍යා එක්ක එලියට යන්න වුණා. අලීනාගේ උපන්දින දවසේ වීර් අවුලෙන් හිටියේ. ෆෝන් එකත් ඕෆ් කරලා නිදි පෙති කීපයකුත් ගහලා නිදාගන්න හැදුවට නින්ද නම් නෑ ආවේ. ඔය අස්සේ ආදිල් ආවනේ වීර්ගේ සද්දයක් නැත්තේ ඇයි බලන්න. මිනිහගේ පෙරැත්තය පිට වීර් ෆෝන් එක ඔන් කරගත්තා. ඔය අතරෙයි කාර්තික්ගේ වොයිස්මේලුයි මිස්ඩ් කෝලුයි වීර් දැක්කේ. සමීරා අල්මාරිය අස්සේ හිර වෙලාය, පුළුවන් ඉක්මනට ගිහින් එයාව එලියට ගන්න කියලා කාර්තික් ආයාචනා කරලා තිබ්බා. වීර්ට එතකොටම මතක් වුණා සමීරාට ක්ලවුස්ටර්ෆෝබියාව නේද කියලා. පුළුවන් ඉක්මනට වීර් කාර්තික්ගේ ගෙදර ගිහින් සමීරාව එලියට ගත්තා. හැබැයි ඒ වෙද්දී සමීරා… අද එතැන් සිට….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා අදාළ වේ.

5,382 downloadsDownload Broken-But-Beautiful-S1-E07-E08.zip31 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

PHOENIX

Subtitles

5,382 downloadsDownload Subtitles31 KB

20 comments

  1. dsdkavishka

    Thenks for sub

  2. MAALnath

    Thanks ...................good luck ................

  3. rehani

    thank you....

  4. chandima2k

    thanks sahoo..anith sub tika ikamnatama dapanko

  5. Ayesh Prashan

    Thank You

  6. Kushan Charuka

    THANK You MAXHIMAS.... bro.

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. harris

    Thnx sub ekata

  9. Chamindu Madhushan

    Thanks machan.

  10. Kasun Andy Doo

    alt ake maru maru tv show thiyenwaa.puluwannam karamu

  11. suranuwan

    thanks..

  12. Kulanjana Maduranga

    subata thanks

  13. din_rana

    Sub ekata thanks,onna ada idan thama balanna patan gaththe, lassana story ekak.ikmanata sub denna saho

  14. kelumnp

    E09 - E10 - E11 subtitle ganne kohomada?

  15. Shalitha Thiranjaya

    Thanks bro.

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. rehani

    ep 9 & 10 denne nadda?

  18. Kalpa Pabasara

    Sub ekata bohoma sthuthi.ithuru epi 3th ikmanata denna.patta intresting baladdi meka.

  19. TharakaWAS

    Subata thsnks bro...!!!

  20. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥