ඔහු! අදටත් විඳවනවා.. අවුරුදු 3කට කලින් ඔහු ජීවිතේ අවාසනාවන්තම සිද්ධියට මූණ දුන්නා. අනේ එදා එයා සීට් බෙල්ට් එක දාගෙන හිටියා නම්! දැන් ඔහු ජීවත් වෙන්නෙ කිසිම හැඟීමක් දැනීක් දැනෙන්නෙ නැති ගානට. ජීවිතේ මූලික අවශ්‍යතා ටික විතරක් ඉෂ්ට කරගෙන පාරතොටේදී හම්බෙන කෙල්ලෙක් එක්ක කතාබහ කරලා, හාද වෙලා, රැයක් ගත කර…

ඔහු!
අදටත් විඳවනවා..
අවුරුදු 3කට කලින් ඔහු ජීවිතේ අවාසනාවන්තම සිද්ධියට මූණ දුන්නා.
අනේ එදා එයා සීට් බෙල්ට් එක දාගෙන හිටියා නම්!
දැන් ඔහු ජීවත් වෙන්නෙ කිසිම හැඟීමක් දැනීක් දැනෙන්නෙ නැති ගානට.
ජීවිතේ මූලික අවශ්‍යතා ටික විතරක් ඉෂ්ට කරගෙන
පාරතොටේදී හම්බෙන කෙල්ලෙක් එක්ක කතාබහ කරලා, හාද වෙලා,
රැයක් ගත කරලා, එහෙමම එලවලා දානවා
සම්බන්ධකමක උපරිම කාලය, වරුවයි!
හිත කෑලි කෑලි වලට කැඩිලා ගිහින්
ඇය!
අදටත් ඇය දන්නෑ ඔහු ඇයව අතෑරලා ගියේ ඇයිද කියලා.
ඒ ගිහිනුත් කිසිම වගක් නෑ වගේ වෙන කෙනෙක් එක්ක ඉන්න අපූරුව!
ඒත් ඇය දැනටත් ඔහු පස්සෙන් යනවා අපහාස විඳ විඳ.
අවුරුද්දක් ගත වෙලා
ගිය අවුරුද්ද වගේ නෙමෙ, මේ අවුරුද්දෙ ඇය තනියෙන්.
හිත කෑලි කෑලි වලට කැඩිලා ගිහින්
දෛවය!
දවසක් ඔහුවයි ඇයවයි මුණගස්සනවා.
ඒ ඇයි?
ඊට පස්සෙ මොකෝ වෙන්නෙ?
පුරා කොටස් 11 ඔස්සේ දිගහැරුනු මේ කතාව
Broken But Beautiful!
අද අවසන් කොටස!
මහා පිරිසක් එකතු නොවුනට එකතු වෙච්ච පිරිස බොක්කෙන්ම බලපු කතාවක අවසන් කොටසයි මේ අරන් එන්න සූදානම් වෙන්නේ. කතාව එක්ක නොකඩවා එක්කහු වෙච්ච අය දන්නවා කතාවෙ තරම. ආදරය, සම්බන්ධකම්, විරහව තේමා වෙච්ච සීරීස් වලින් මම දැනට දැකපු ගුණත්වයෙන් වැඩිම වෙබ් සීරීස් එකක් තමා #B3 හෙවත් Broken But Beautiful කියන්නේ. ඔව්, කතාව මැදදි ඉන්දියන් කතන්දර වලට ආවේණික වෙච්ච සමහර අධි තාත්ත්වික දේවල් තිබ්බත් සමස්තයක් විදිහට ගත්තම ඒ සියල්ල අමතක කරලා දාලා ආදරණීය විදිහට විඳින්න පුලුවන් රසවත් කතාවක් විදිහය Broken But Beautiful හැමදාම කාගෙත් මතකයේ රැඳේවි.
සීසන් 2….?
කතන්දරේ අති සාර්ථකත්වයට පත් වෙච්ච නිසා දෙවනි සමයක් ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගත්තහැකි. මොකද එක්තා කපූර් කියන්නේ එහෙම සාර්ථක වැඩක් ආයෙ ආයෙ අවුස්සලා රහ බලන්න ආස කෙනෙක්නේ. ළඟදි ට්වීට් එකකුත් දාලා තිබ්බා #B3 එකේ ඉදිරිය ගැන. ඉතින් ඒ ගැනත් බලාපොරොත්තුවෙන් ඉමු. එළඹෙන වැලන්ටයින් එකෙ හෝ ඔයාලට බලාගන්න පුලුවන් වෙයි.
එහෙනම් කතාව බලන්න එකතු වෙච්ච හැමෝටම ගොඩක් ස්තූතියි. Crazy_Chamikim, Krishan, Rehani, Chamindu ඇතුළු කමෙන්ට් කරලා හැමදාම සප් එක දුන්නු කොල්ලො කෙල්ලො හැමෝටම ගොඩක් ස්තූතියි. තවත් අලුත් කතාවක් එක්ක හම්බවෙමු. ආස කරන කතා සිංහලෙන් බලන්න කැමති නම් දාගෙන යන්න. උත්සහයක් දාන්නම්. ජයවේවා හැමෝටම එහෙනම්!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මාස කිහිපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,925 downloadsDownload Broken-But-Beautiful-S01-E11.zip9.9 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
14 comments
crazy_chamikim
rehani
thank you soooo much......
din_rana
Thank you saho
dsdkavishka
Thenks bro
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි අයියේ සබ් ඔක්කටම... මෙච්චර දවසක් කතාව බලන්න උපසිරැසි අරගෙන ගියා අද කොමෙන්ට් එකක් දාන්න හිතුනා. ආසාවෙන් බලපු රොමැන්ටික් සිරීස් එකක්, වචන දෙකක් නෑ. පුළුවන් ඉක්මනට සබ් ටික දුන්න එකට නැවත වතාවක් බොහොමත්ම ස්තූතියි. එහෙනම් ජය වේවා...!!
Ayesh Prashan
Thank You
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයMAALnath
Thanks ..............good luck ....................crashing 2015 tv series ekatai colony season 03,exorcist season 02,i zombie season 04 sub denna ......................
Chamindu Madhushan
Ela ela bro.. Full season ekatama elatama sub eka dunna. Thank you soo much. Thawath me wage supiriyakin hamu wemu. Jaya wewa..!!
TharakaWAS
Thanks for sub...!!!
suranuwan
thanks...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yohan
deweni season eka ewilla sub dennako
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Broken But Beautiful [S01 : E11] Sinhala Subtitles | මං ඔයාට ආදරෙයි කිව්වොත්??? [සිංහල උපසිරැසි සමග] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Broken-But-Beautiful.jpg)


Ela ela bro.......full season ekatama elata sub sunna....thanks...good luck