එහෙනම් ඔන්න තවත් කොටස් දෙකක් අරගෙන ආවා. එහෙනම් අපි ඉක්මනට මතක් කරගමු කලින් කොටස්වල මොනවද උනේ කියලා. අර නගරයට ආපු බෙල්මොන්ට් සහ සයිෆාට හොඳ පිළිගැනීමක් ලැබෙනවා. ඒවගේම ජජ් එයාලට කියනවා රාත්‍රී මෘගයන් දේවස්ථානයට පහරදුන්නු කතාව. එදායින් පස්සෙ තමයි පූජකවරු වෙනස් වෙලා තියෙන්නෙ. ඉතිං ජජ්ටත් පල්ලියට ඇතුල්වෙ…

එහෙනම් ඔන්න තවත් කොටස් දෙකක් අරගෙන ආවා. එහෙනම් අපි ඉක්මනට මතක් කරගමු කලින් කොටස්වල මොනවද උනේ කියලා. අර නගරයට ආපු බෙල්මොන්ට් සහ සයිෆාට හොඳ පිළිගැනීමක් ලැබෙනවා. ඒවගේම ජජ් එයාලට කියනවා රාත්‍රී මෘගයන් දේවස්ථානයට පහරදුන්නු කතාව. එදායින් පස්සෙ තමයි පූජකවරු වෙනස් වෙලා තියෙන්නෙ. ඉතිං ජජ්ටත් පල්ලියට ඇතුල්වෙන්න බැරි හින්දා එයා මේ දෙන්නට කියනවා එතන මොනවද වෙන්නෙ කියලා හොයලා කියන්න කියල. කොහොමහරි මේ දෙන්නත් ඒකට කැමති වෙනවා. ඔය අතරෙදි කැප්ටන්ගෙ නැවෙන් අයිසැක් ජෙනෝවා බලා යාත්‍රා කරමින් ඉන්නෙ. කැප්ටන්ගෙ කතා වලින් අයිසැක්ගෙ හිතත් ටිකක් මෘදු වෙනවා. කර්මිලාගෙ මාලිගයෙත් ගොඩක් සිදුවීම් වෙනවා. ඔයාල දන්නවනෙ, ස්ටීරියාව කියන කර්මිලාගෙ රට පාලනය කරන්නෙ වැම්පයර් සහෝදරියො හතරදෙනා කියලා කියාගන්න කර්මිලා, මොරානා, ස්ට්‍රීගා සහ ලෙනෝර් විසින් බව. ඉතිං ලෙනෝර් බාරගන්නවා හෙක්ටර්ගෙ සිත වෙනස් කිරීමේ වගකීම. මොකද කර්මිලාගෙ උවමනාව අනුව හෙක්ටර් රාත්‍රී මෘගයන්ව හැදුවත් ඔවුන් පක්ෂපාතී වෙන්නෙ හෙක්ටර්ට. ඔහු කර්මිලා ඇතුළු අනිත් අයත් එක්ක කේන්තියෙන් ඉන්න නිසා ඔහුට පුළුවන් මෘගයන් ලවා වැම්පයර් වරුන්ට හානියක් කරවන්න. ඒ නිසා හෙක්ටර්ව හොඳින් තියාගෙන තමයි වැඩේ කරවගන්න ඕනෙ.

සුමී සහ ටකා අලුකාඩ්ට එයාලගෙ කතාව කියන්නෙත් ඔය අතරතුර. චෝගෙන් එයාලට උනු හිරිහැර කරදර සහ චෝගෙන් පස්සෙ වෙනත් වැම්පයර් කණ්ඩායම් වලින් එල්ලවෙන්න පුළුවන් අනතුරු ගැනත් තේරුම් කරලා දෙනවා. කාලයක් තිස්සෙ තනියම උන්නු අලුකාඩ්ට ඔවුන්ගෙ සමාගම ලොකු අස්වැසිල්ලක් වෙනවා. ඒ අතරෙදි ස්ට්‍රීගා සහ මොරානා කර්මිලාගෙ සැලැස්ම ක්‍රියාත්මක කරවන විදිය ගැන සාකච්ඡා කරනව. ගොඩක් ඉල්ලීම් කරලා අවසානයෙදි ශාන්ත ජර්මේන්ට පල්ලියට ඇතුල්වෙන්න ප්‍රධාන පූජක සාලා විසින් අවසර දෙනවා. පල්ලියට ඇතුල් උන ජර්මේන්ට දකින්න ලැබෙන්නෙ එය ගරාවැටී ඇති බවත් පූජකවරුන්ගේ අමුතු හැසිරීමත්. ඔහු සාලා ඇතුළු පිරිස අත් පටියක් ලෙස පළඳින ලකුණේ තේරුම ඔහුට කියා දෙනවා. එහි තේරුම අපාය බව දැනගත් සාලා ප්‍රීතියෙන් පිනාගොස් තවදුරටත් සොයාබැලීම් කර ඔවුන්ව දැනුවත් කරනමෙන් ජර්මේන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔය අතරෙ තමයි බෙල්මොන්ට් සහ සයිෆා ජජ්ගෙ කීමට ඔත්තු බලන්න පල්ලියට එන්නෙ. ඔවුන්ව පූජකයන් විසින් පළවාහරින්න උත්සාහ කරනවා. නමුත් සයිෆා ඔවුන් ගැන යම් යම් දේවල් ටිකක් දැනගන්නවා. මේ සේරම වෙද්දි ලෙනෝර් ටිකෙන් ටික හෙක්ටර්ට ලං වෙන්න උත්සාහ කරනවා. මොකද ඔවුන්ගෙ සැලැස්මට ඔහුව අත්‍යාවශ්‍ය නිසා. ජෙනෝවා වලට මෘදු වූ සිතකින් පැමිනෙන අයිසැක්ට එහි ආරක්ෂකයන් පහරදීමත් සමඟම ඔහුගෙ මෘදු බව ඇසිල්ලකින් නැතිවෙලා යනවා. ඔහු තව තවත් මෘගයන් තනමින් රටට ඇතුල් වෙනවා.

එහෙනම් යාළුවනේ එතනින් පස්සෙ මොනවද වෙන්නෙ කියලා මේ කොටස් වලින් බලමු. එහෙනම් ගිහින් ඉතුරුවත් අරං ඉක්මනට එන්නම්.

ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

4,015 downloadsDownload Castlevania-S03-E05-E06.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ගයාන් චතුරංග

Subtitles

4,015 downloadsDownload Subtitles27 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Sam

    එලම...ඉතුරු ටිකත් ඉක්මනට දෙමු

  3. Trevor

    Thanks for the sub ♥️

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි

  5. Suranjan

    Thanks jayawewa....!

  6. prasanga

    thanks....

  7. Nishan S. Ariyarathna

    බොහොම ස්තූතී සහො

  8. Pavith Wijesooriya

    මේ එපි දෙකටත් සබ් ලබා දුන්නට ගොඩාක් ස්තූතියි අයියේ....

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  11. Mr. B

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
    ජයෙන් ජය!