එහෙනම් ඔයාලට තවත් කොටස් දෙකක් අරගෙන ආවා. කතාව එන්න එන්නම කුතුහලාත්මක වෙනවා නේද? අපි ඉකමනටම කලින් කොටස් දෙක ගැන මතක් කරගමුද? මතකයිනෙ, ජජ්ටයි බෙල්මොන්ට්ටයි නගරයෙ බිත්තියක කැටයම් කරලා තියෙන අර පූජකයො පළඳින ලාංඡනය දකින්න ලැබෙනව. ඉතිං ඒක ගැන එයාලා කල්පනා කරාට මොකුත් හිතාගන්න ලැබෙන්නෙ නෑ. ඔය අතරෙදි ශාන්ත…

එහෙනම් ඔයාලට තවත් කොටස් දෙකක් අරගෙන ආවා. කතාව එන්න එන්නම කුතුහලාත්මක වෙනවා නේද? අපි ඉකමනටම කලින් කොටස් දෙක ගැන මතක් කරගමුද?
මතකයිනෙ, ජජ්ටයි බෙල්මොන්ට්ටයි නගරයෙ බිත්තියක කැටයම් කරලා තියෙන අර පූජකයො පළඳින ලාංඡනය දකින්න ලැබෙනව. ඉතිං ඒක ගැන එයාලා කල්පනා කරාට මොකුත් හිතාගන්න ලැබෙන්නෙ නෑ. ඔය අතරෙදි ශාන්ත ජර්මේන් පල්ලිය ඇතුලෙ යම් දෙයක් හොයනවා. ඒ එයාගෙ අතේ තියෙන මායා බලයක් තියෙන මැණිකක ආධාරයෙන්. නමුත් එයාට මැණික පෙන්වන තැනටම යන්න ලැබෙන්නෙ නෑ. මොකද ඔහුට පුස්තකාල ශාලාවෙන් වෙනත් තැනකට යන්න අවසර නැති නිසා. කොහොමහරි සයිෆා ජර්මේන්ගෙන් අහනවා පල්ලිය ඇතුලෙ මොනවද වෙන්නෙ කියල. ඒවගේම එයාලට අර කලින් කියපු ලකුණ නගරයෙ තවත් ගෙවල් කීපයකින්ම දකින්න ලැබෙනව. ඉතිං බෙල්මොන්ට් සහ සයිෆා ජර්මේන්ව තැබෑරුමකට එක්ක ගිහින් විස්තර දැනගන්නවා. ඔහු කියන්නෙ පල්ලිය යටින් අනන්ත කොරිඩෝව හෙවත් වෙනත් ලෝක වලට සහ අපාය දක්වා ඇති මාර්ග පද්ධතියකට පිවිසීමේ දොරටුවක් ඇති බවයි. ඔහුගේ ඇත්තම අරමුණ එම විවරය හොයාගෙන එම මාරගයෙන් එපිටට ගිය ඔහුගේ ප්‍රියතමයෙක්ව ආපහු ගෙන්වාගැනීම බව පවසනවා.
කොහොමින් කොහොමහරි ලෙනෝර් ටික ටික හෙක්ටර්ට ලං වෙනවා. ටිකෙන් ටික ඔහුව නම්මගන්න උත්සාහ කරනවා. හැබැයි ඇයගෙ කතා වල ලොකු ඇත්තකුත් තියෙනව. මේ වෙද්දි ශාන්ත ජර්මේන් කියන්නෙ කවුද කියලා දන්න නිසා බෙල්මොන්ට් සහ සයිෆා තීරණය කරනවා ඔහුට උදව් කිරීමට. ජර්මේනුත් හීන දකිනවා ඔහුගෙ අහිමිවූ කෙනාව සොයාගැනීම ගැන. අයිසැක් කාන්තාරයෙදි කතා කරන්න පුළුවන් මෘගයෙක් එක්ක පිළිසඳරක යෙදෙනවා. එහිදී ඔහුට දැනගන්න පුළුවන් වෙනවා එම මෘගයාගෙ මරණයට පෙර ජීවිතය ගැන. ඒවගේම ඔහුට වූ අසාධාරණකම් ගැනත්. අවසානයේ ඔහු අපායට ගිය ආකාරය ගැනත්. අයිසැක් සතුටු වෙනවා මෙවැනි අපායෙ දුක් විඳින ජීවිත නැවත ම්න්නනුස්ස ලෝකෙට ගේන්න පුළුවන් වීම ගැන. ඔහු සිතන්නෙ තමා දෙවියන්ගේ කැමැත්ත ඉටු කරන බවයි.
ඉතිං යාළුවනේ, ගොඩක් දේවල් කිව්වා. මෙතනින් පස්සෙ මොකද වෙන්නෙ කියලා එහෙනම් බලන්නකො. මං ගිහින් අනිත් කොටස් ටිකත් ඉක්මනට අරගෙන එන්නම්.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
3,513 downloadsDownload Castlevania-S03-E07-E08.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
11 comments
Trevor
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Isaac mendis
Thanks brother sub ekata ❤
Anonymous
අන්තිම epi. 2 ත් අද පුලුවන් ද දෙන්න සහෝ...
Suranjan
Thanks jayawewa....!
Nishan S. Ariyarathna
බොහොම ස්තූතී සහෝ
Pavith Wijesooriya
මේ එපි දෙකේ සබ් වලටත් ගොඩාක් ස්තූතියි!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
BIMBISHA
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Mr. B
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks for the sub