තවත් කොටස් දෙකක් අරගෙන ආවා. මම වැඩියෙ දිග ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම ඔයාලට දෙන්න ඕනෙ නිසා. කොහොමද මුල් කොටස් දෙක? හොඳයිද? අපි හිතනවා වගේ නෙවෙයි නේද? කතාව අමුතුම පැත්තකට යන්නෙ. ඩ්‍රැක්‍යුලාව මැරුවාම සේරම හොඳ විදියට ඉවර වෙයි කියල හිතුවට ඔහුගෙ සැලසුම් වෙන වි…

තවත් කොටස් දෙකක් අරගෙන ආවා. මම වැඩියෙ දිග ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම ඔයාලට දෙන්න ඕනෙ නිසා. කොහොමද මුල් කොටස් දෙක? හොඳයිද? අපි හිතනවා වගේ නෙවෙයි නේද? කතාව අමුතුම පැත්තකට යන්නෙ. ඩ්‍රැක්‍යුලාව මැරුවාම සේරම හොඳ විදියට ඉවර වෙයි කියල හිතුවට ඔහුගෙ සැලසුම් වෙන විදි වලට වෙනත් අය විසින් ක්‍රියාත්මක කරන්න එක එක අය හදනවා. හරියටම කියනවනම් කර්මිලා සහ අයිසැක්. ඔව් අයිසැක්ගෙත් අරමුණ ඩ්‍රැක්‍යුලා වෙනුවෙන් පලිගන්න සහ ඩ්‍රැක්‍යුලාගෙ අරමුණ ඉටු කරන්න.
පසුගිය කොටස් වලදි ඔයාල දැක්කනෙ හෙක්ටර්ට වෙලා තියෙන දේ. එයාව සතෙක් වගේ කූඩු කරලා කර්මිලා හදන්නෙ ඔහුගෙන් රාත්‍රී මෘග සේනාවක් හදලා ලොකු භූමි ප්‍රදේශයක් අල්ලගෙන සදහටම ඔවුන්ගෙ ආහාර සඳහා මිනිස්සුන්ව කොටු කරලා තියාගන්න. ඒ අතරෙදි අයිසැක් නැවකින් ජෙනෝවා බලා එන්න පිටත් වෙනවා. එහිදි ඔහුට හමුවෙනවා නොයෙක් අපූරු පුද්ගලයන්ව. එක් අයෙක් ඔහුට සිතැඟි දේ පෙන්වන කැඩපතක් තෑගි දෙනවා. අනිත් කෙනා තමයි ඔවුන් එන නැවේ කැප්ටන්. ඔය අතරෙදි බෙල්මොන්ට් සහ සයිෆා අමුතු ගමකට එනවා. එහෙදි ටිකක් අමුතු කට්ටියක්ව මුණගැහෙනවා. ඒ ගමේ තමයි රටේ තියෙන ප්‍රධානම දේවස්ථානය පිහිටලා තියෙන්නෙ. හැබැයි දේවස්ථානයෙ ප්‍රධාන පූජකයා දෙවියන්ට වඩා ඩ්‍රැක්‍යුලාට ගරු කරන බවක් තමයි පේන්න තියෙන්නෙ. ඒවගේම ශාන්ත ජර්මේන් කියලා හාදයෙකුත් මුණගැහෙනවා. එයා ටිකක් ගුප්ත චරිතයක්. මේ පල්ලියට ඇතුල්වීම පූජකයන් විසින් සාමාන්‍ය ජනයාට තහනම් කරලයි තියෙන්නෙ. ඒත් ශාන්ත ජර්මේන්ට උවමනා කරලා තියෙන්නෙ කොහොමහරි ඒකට ඇතුල්වෙන්න. ඒවගේම නගරය පාලනය කරන ජජ් නම් මුලාදෑනියා. ඔහු තම නගරය ගැන සිතන ප්‍රධානියෙක් වගේ තමයි පේන්නෙ. ඔය අතරෙදි තමයි අලුකාඩ්ට සුමී සහ ටකා කියන දෙන්නව මුණගැහෙන්නෙ. ඒ අය ජපානෙ ඉඳන් ඇවිත් තියෙන්නෙ ඔවුන්ව පාලනය කරපු චෝ නම් ඩ්‍රැක්‍යුලාගෙ ජෙනරාල්වරියව හොයාගෙන ඇයව ඝාතනය කරන්න. මෙයාල දන්නෙ නෑ ඒ වෙද්දිත් ඇයව මරා දමා ඇති බව. ඉතිං අලුකාඩ් ඔවුන්ට තමන් දන්නා දේවල් උගන්වලා ඔවුන්ගෙ දේශය රැකගන්න උදව් කරන බවට පොරොන්දු වෙනවා.
එතනින් පස්සෙ මොනවද වෙන්නෙ කියලා මෙතන ඉඳන් බලමු. එහෙනම් ගිහින් ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම අරන් එන්නම්.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
3,899 downloadsDownload Castlevania-S03-E03-E04.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
15 comments
Sam
Gayan Chathuranga
සහෝ, සේරම දීලා තියෙන්නෙ. දවසගානෙ එක එක දායි.
WhiteWolf
Ayye ඊලග ටිකත් දාන්නකෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks jayawewa.....!
Anonymous
Thanks
Pasindu
Thanks
Anonymous
සබ් එකට තැන්කිව් මචන් ගොඩක්, ඊලග ටිකත් දාමු
prasanga
thanks....
Nishan S. Ariyarathna
බොහොම ස්තූතී සහෝ...
Pavith Wijesooriya
මේ එපි දෙකටත් සබ් දුන්නට ගොඩක් ස්තූතියි.දිගටම මේ වගේ සුපිරී කතා වලට සබ් ලබා දෙන්න...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
BIMBISHA
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Mr. B
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!
Advertisement



සබ් එකට තෑන්ක්ස්...ඉතුරු ටිකත් ඉක්මනට දෙමු..