ඔන්න යාළුවනේ, මේ කතා සමයෙ අවසාන කොටස් දෙකත් අරගෙන ආවා. ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනෙ. මේ TV Series එකේ ලේබලේ 18+ කියලා ගහලා තිබ්බට ඒකෙ මොකුත් තිබ්බෙ නෑනෙ. හැබැයි මේ කොටස් දෙකනම් ඒ ඔක්කොටම හරියන්නත් එක්ක හරි. ඒ හින්දා කියන්නෙ, ගෙදර අයත් එක්කනම් බලන්න එපා. එහෙනම් අපි පහුගිය කොටස් ටිකක් මතක් කරගමු. අලුක…

ඔන්න යාළුවනේ, මේ කතා සමයෙ අවසාන කොටස් දෙකත් අරගෙන ආවා. ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනෙ. මේ TV Series එකේ ලේබලේ 18+ කියලා ගහලා තිබ්බට ඒකෙ මොකුත් තිබ්බෙ නෑනෙ. හැබැයි මේ කොටස් දෙකනම් ඒ ඔක්කොටම හරියන්නත් එක්ක හරි. ඒ හින්දා කියන්නෙ, ගෙදර අයත් එක්කනම් බලන්න එපා.
එහෙනම් අපි පහුගිය කොටස් ටිකක් මතක් කරගමු. අලුකාඩ් විසින් තමා දන්නා ගොඩක් දේවල් ටකා සහ සුමීට කියල දෙනවා. ඔහුට උවමනා කරන්නෙ ඔහුගේ සම්පූර්ණ දැනුමම ඔවුන්ට ලබා දෙන්නයි. ඔවුනුත් විද්‍යාව ගැන වගේම මායාවන් ගැනත් මාලිගය ගමන් කරවීම ගැනත් කුතුහලයෙන් පසුවෙනවා. ඩ්‍රැක්‍යුලා සමඟ සටනෙදි සයිෆා විසින් එම පද්ධතිය විනාශ කර ඇති බැවින් ඒ ගැන විශේෂ දෙයක් කියන්න අලුකාඩ්ට හැකිවෙන්නෙ නෑ. තවත් දවසක පල්ලියට යන ජර්මේන්ට එහිදී විශේෂ පොතක් සොයාගන්න ලැවෙනවා. ඒකෙ තියෙන්නෙ මැරිලා අපායට ගිහින් ඉන්න අයව ආපහු ගෙන්වගන්න විදිය. හැබැයි ඒ ටික තියෙන් පිටු පොතේ නෑ. කවුරුහරි අරගෙන. ඔහු සාලාගෙන් මේ ගැන විමසුවත් සෑහීමකට පත්වෙන්න පුළුවන් උත්තරයක් ලැබෙන්නෙ නෑ. ඔය අතරෙදි අයිසැක්ට මහළු කාන්තාවක් මුණගැහෙනවා පාළු ගමක. ඇය පවසන විදියට මායාකාරයෙක් විසින් ගමේ සියළුම මිනිසුන්ව වහලුන් වශයෙන් අරන් ගිහින් තියෙනවා. ඒවගේම ඒ මායාකාරයා ගාව විශාල ප්‍රමාණයේ සම්ප්‍රේෂණ කැඩපතක් තිබෙන බවත් පවසනවා. මේ අතරතුරේදි බෙල්මොන්ට් විසින් නගරයේ ගෙවල් වල අපායෙ සංඛේතය කොටමින් යන පූජකවරු දෙන්නෙක්ව අල්ලාගන්නවා. ඔවුන්ගෙන් එක් අයෙක්ව ගෙනිහින් ප්‍රශ්න කරනවා. ජර්මේන් දැනගන්නවා පූජකවරුන් විසින් පල්ලියට පහරදුන් මෘගයව පල්ලියෙ යට තට්ටුවෙ රඳවගෙන ඉන්නබව.
මේ අතරෙදි ස්ට්‍රීගා සහ මොරානා ප්‍රායෝගිකව කර්මිලාගෙ සැලැස්ම ක්‍රියාත්මක කරන විදිය ගැන දිගටම සාකච්ඡා කරගෙන යනවා. මෙහිදී එයාලට ප්‍රශ්න කීපයක්ම පැණනගිනවා. මොකද, හෙක්ටර් කොහොමහරි කැමති වෙලා මිනිස්සුන්ව මෘගයන් බවට හැරෙව්වොත් වැම්පයර්ලට කන්න දෙයක් නැති වෙනවා. ඒත් බලප්‍රදේශය අල්ලගන්න එහෙම නොකරත් බෑ. ඒවගේම තවම හෙක්ටර්ව සම්පූර්ණයෙන්ම නම්මගන්න පුළුවන් වෙලත් නෑ. ඔය අතරෙදි සුමීයි ටකායි තීරණය කරනව තනිවෙලා ඉන්න අලුකාඩ් වෙනුවෙන් තෑග්ගක් දෙන්න ඕනෙ කියල. පල්ලියෙ ඉන්න රාත්‍රී මෘගයව දැකලා කලබල වෙන ජර්මේන් ගිහින් ජජ් ඇතුළු පිරිසට ඒ ගැන දන්වනවා. ජජ් තීරණය කරනවා රාත්‍රී කාලයෙ ගිහින් පල්ලියෙ පූජකයන්ව එතනින් පන්නලා යවන්න. එදා රාත්‍රියෙම සාලා ඇතුළු පූජක පිරිස ඔවුන්ගෙ ක්‍රියාවලියෙ අවසන් අදියර ක්‍රියාත්මක කරන්නයි යන්නෙ. කොහොමහරි ලෙනෝරුත් එයාගෙ සැලසුම වූ හෙක්ටට්ව සම්පූර්ණයෙන්ම ඇයගෙ ග්‍රහණයට ගන්න කරන්න පුළුවන් අවසාන දේත් කරන්න යනවා.
මහා සටනක ආරම්භය ඔය විදියට තමයි පටන්ගන්නෙ. අද කොටස් වලින් ඔයාලට ඒ සේරම බලාගන්න පුළුවන්. සාලාගෙ සැලැස්ම මොකක්ද? හෙක්ටර්ට මොනවද වෙන්නෙ? අලුකාඩ්ට ලැබෙන තෑග්ග මොකක්ද? ඒ සේරම ඔයාලට අද බබලාගන්න පුළුවන්. එහෙනම් ඊළඟ සීසන් එක ආපු ගමන්ම ඒකත් අරන් එන පොරොන්දුව සමඟින් ගිහින් එන්නම්. එතකල් ගොඩක් පරිස්සමෙන් පුළුවන් තරම් ගෙදරට වෙලා සෞඛ්‍යාරක්ෂිතව ඉන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද දැන් තත්වෙ එච්චර හොඳ නෑ. පේනවනෙ ඉන්දියාවට වෙලා තියෙන දේ. හොඳයි එහෙනම්, ගිහින් එන්නම්.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
4,248 downloadsDownload Castlevania-S03-E09-E10.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
18 comments
Anonymous
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.
ජය වේවා!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Pavith Wijesooriya
බොහෝම ස්තූතියි සබ් එකට.ඊලග සීසන් එකත් ආව ගමන් සබ් දෙමූ.ජය වේවා...
supun
Law Abiding Citizen eka sub download denna na ne bro
Suranjan
Thanks jayawewa.....!
Zkywalk3r
Star Wars: The Bad Batch eke subs denn puluwnd?
Pavan pavithra
The mitchells vs the machines movie eke sinhala sub ona ekath WEB ekata please ikamanata ona
adeesha
Thanc mchan...s4 ekatath oya gammatam sub eka denawada
Anonymous
s4 kwdda denne
Anonymous
S04 eka denne nadda
Vishnuka
Thank U Very Much My brother.Good luck..!❤️
Nishan S. Ariyarathna
බොහොම ස්තූතී සහෝ
Pavith Wijesooriya
සීසන් එකටම සබ් දුන්නට ගොඩාක් ස්තූතියි.සබ් ටිකත් සුපිරියටම තියෙනවා.දිගටම උපසිරැසි ලබා දෙන්න.ජය!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
BIMBISHA
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Amila konara
දිගටම සබ් දුන්නට තැන්ක්ස් සහෝ
Mr. B
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!
Advertisement


මචන් කොරියන් ත්‍රිලර් සීරීස් එකක් දෙන්නකෝ