එහෙනම් යාළුවනේ අපි ගොඩක් ආසාවෙන් වලපු කතාවක අවසානයට ආවා. 2017 දි Netflix නාලිකාව හරහා ආරම්භ කරපු මේ කතාව මේ වෙද්දි IMDb දර්ශකයෙ 8.2ක තරම් අගයක් ලබාගෙන තියෙනවා. Animation, Adventure, Action, Drama, Dark fantasy, Horror යන ඛාණ්ඩ වලට මේක වෙන් කරලා තියෙන්නෙ 18+ කියන ලේබලයත් එක්කමයි. ඒකට හේතුව ඔයාලා මේ…

එහෙනම් යාළුවනේ අපි ගොඩක් ආසාවෙන් වලපු කතාවක අවසානයට ආවා. 2017 දි Netflix නාලිකාව හරහා ආරම්භ කරපු මේ කතාව මේ වෙද්දි IMDb දර්ශකයෙ 8.2ක තරම් අගයක් ලබාගෙන තියෙනවා. Animation, Adventure, Action, Drama, Dark fantasy, Horror යන ඛාණ්ඩ වලට මේක වෙන් කරලා තියෙන්නෙ 18+ කියන ලේබලයත් එක්කමයි. ඒකට හේතුව ඔයාලා මේ වෙද්දි දන්නවා ඇතිනෙ. මේ චරිත වලට Richard Armitage, Alejandra Reynoso, James Callis, Theo James, Adetokumboh M’Cormack, Jaime Murray, Graham McTavish, Bill Nighy යන අය මූලිකවම හඬකවලා තියෙනවා. කොටස් 32කින් යුතු සම්පූර්ණ කතාවෙම ජපාන වීඩියෝ ක්‍රීඩාවක් වන Castlevania ගේම් එක පාදක කරගෙනයි හදලා තියෙන්නෙ. මෙය Warren Ellis විසින් තමයි නිර්මාණය සහ රචනය කරලා තියෙන්නෙ. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sam Deats, Adam Deats, Spencer Wan විසින්. මෙහි එක් කොටසක් විනාඩි 22-31 දක්වා දිවෙනවා. මෙහි නිර්මාණ දායකත්වය ගැන මේ දේවල් තමයි කියන්න තියෙන්නෙ.

අපි එහෙනම් කලින් කොටස් ටිකක් මතක් කරගමු. මතකනෙ අන්තිමේදි සම්ෆීර් බෙල්මොන්ට්ලව භූගත මන්දිරයට එක්කගෙන යන්න කැමති වෙනවා. එහෙදි එයාලට දකින්න ලැබෙන්නෙ මහා ධනස්කන්ධයක් උඩ කන්න බොන්න නැතුව ඉන්න මිනිස්සු කීපදෙනෙකුයි ටාගොවිෂ්ටාහි මියගිය පාලකයන්ගෙ මිනීයි. ඉතිං සයිෆා තදින්ම කියනවා ඒ අයට උදව් කලයුතු බව. ඔය මොහොතෙදි තමයි රැට්කෝ සහ වානි කියන වැම්පයර්ලා එතෙන්ට එන්නෙ. ලොකු සටනකින් පස්සෙ බෙල්මොන්ට් රැට්කෝව මරලා දානවා. වානි සම්ප්‍රේෂණ කැඩපතක් හරහා වෙනත් තැනකට යනවා. ශාන්ත ජර්මේන් මේ අතරෙදි අලුකාඩ්ගෙ මාලිගයෙ යම් සැකකටයුතු දෙයක් කරමින් ඉන්නෙ. ඒ තමයි ඩ්‍රැක්‍යුලාගෙ ආගමනයට අවශ්‍යය මූලික කටයුතු සූදානම් කිරීම. කොහොමහරි අන්තිමේදි ජර්මේන් අපායට අනන්ත කොරිඩෝවෙ දොරටුවක් විවෘත කරනවා. ඔය හැමදෙයක්ම වෙන්නෙ මාලිගාවෙන් එපිට මහා සටනක් යන අතරෙදියි. ඔව්, මහා මෘග සහ වැම්පයර් හමුදාවක් මාලිගයට ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ හැමදේකම අරමුණ වෙන්නෙ ඩ්‍රැක්‍යුලාව ආපසු ගෙන ඒම. තමන් තම පියාව මරා දැමූ කාමරය ඇතුලෙ ජර්මේන් ඩ්‍රැක්‍යුලාව නැවත ගෙන්වීමට ලෑස්ති වෙන බව දකින අලුකාඩ් එය නවත්වන්න උත්සාහ කරනවා. ඒත් ඒවටා තියෙන ආරක්ෂිත ආවරණය නිසා ඔහුට එතෙන්ට යන්න පුළුවන් වෙන්නෙ නෑ.

ඉතිං මේ අවසන් කොටස් දෙකේදි හැම කතාවකම අවසානය සනිටුහන් වෙනවා. මතකනෙ වානි පස්සෙන් අපේ වීරයො දෙන්නා කැඩපත හරහා පැන්නා. එයාලත් අලුකාඩ් එක්ක සටනට එකතු වෙනවා. ඒවගේම ලෙනෝර් හා හෙක්ටර් අතර තියෙන නොකී ප්‍රේම කතාවත් ගොඩක් සංවේදී විදියට අවසන් වෙනවා. මේ මුළු කතාවෙම හිත ගොඩක්ම සංවේදී කරපු මොහොතක් තමයි ඒක. මේ සටනෙදි තවත් ඒවගේම සංවේදී සිදුවීමක් වෙනවා. එක ප්‍රධාන චරිතයක් සටන වෙනුවෙන් තමාවම කැප කරනවා. වානි විදියට ඉන්නෙ නිකම්ම වැම්පයර් කෙනෙක් නෙවෙයි. ලෝකෙ බිහිවූදා ඉඳන්ම ඉන්න භයානකම කෙනෙක්. ඒ කවුද කියලා බලන්නකො. ඒවගේම ඩ්‍රැක්‍යුලාට ආපහු එන්න පුළුවන් වෙයිද, අවසානය මොනවගේ වෙයිද කියලා බලන්න.

එහෙනම් ඉතිං සමුගන්නම්, මෙතෙක් කාලයක් Castlevania කතාව එක්ක එකතුවෙලා උන්න ඔයාලා හැමෝටම ස්තූතියි. ඒවගේම මේකෙ මුල් සීසන් දෙක කරපු උදයංග සම්පත් සොයුරාටත් හිරාන් එරන්ද සොයුරාටත් මේ කතාව මට බාරදීපු අශාන් සොයුරාටත් ස්තූතියි. මේ රෝබිය පැතිරිලා තියෙන කාලෙ ඔයාලා පරිස්සමෙන් සෞඛ්‍යාරක්ෂිතව නිරෝගිමත්ව පුළුවන් හැම වෙලාවකම ගෙදරටම වෙලා ඉන්න කියලා ඉල්ලනවා. ගිහින් එන්නම්.

ඔබට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

4,223 downloadsDownload Castlevania-S04-E09-E10.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

ගයාන් චතුරංග

Subtitles

4,223 downloadsDownload Subtitles22 KB

18 comments

  1. nirosha

    thanks sub ekata . ekadigatama baluwa.

  2. Sam

    Ela bn....thanks sub ekata

  3. Gihan

    Sub ekata Thanks.

  4. Anonymous

    Thank you

  5. kavinda gamage

    මේක දැන් බලන් නැතුව ඉන්නම බැහැ වගේ. ගොඩාක් ලස්සනයි . බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Suranjan

    Thanks.....jayawewa....!

  8. Nishan S. Ariyarathna

    බොහොම ස්තූතී සහෝ.. දිගටම මේ වගෙ අපූරූ නිර්මාන වලට උපසිරැසී ලබා දෙන්න අවශය කාලය , දිරිය ,ශක්තිය ලැබේවා!

  9. Anuja Lakshitha

    ayye sub ekata thanks

    blacklist season 6 eketh sub gennako pleeeease

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  11. Anonymous

    Sword Art Online ekatath puluwan nam sub denna

  12. Anonymous

    Sub Ekata Thanks

  13. Pavith Wijesooriya

    Castlevania මේ සීරීස් එක පිස්සුවෙන් වගේ බැලුවේ.ඒ තරම්ම මේක සුපිරී.කුතුහලය උපරිමයෙන්ම තියන කතාවක්.කතාව ඉවර උනාට පස්සේ දැනුනේ වෙනම හැගීමක්.ඇත්තටම මේක බලපු අපි සයිෆා,ට්‍රෙවර් එක්ක පට්ටම journey එකක් යන්නේ.සිරීස් එක ඉවර උනාට පස්සේ දැනුනු ඒ හැගීම පට්ට.බලපු සුපිරිම කතාවක්.ඉතින් ගොඩක් ස්තූතියි ගයාන් අයියේ මේ සීරීස් එක අවසන් වෙනකන් උපසිරසි ලබා දුන්නට.ඒ වගේම උදයංග අයියටත් හිරාන් අයියටත් ගොඩක් ස්තූති කියන්න ඕනේ.
    නෙට්ෆිලික්ස් හරහා මේ වගේ සුපිරි කතා දැන් දිගට හරහට රිලීස් වෙන්න පටන් අරන්.මේ අවුරුද්දෙත් තුනක් වගේ ආවාද කොහෙද.ඉතින් මේ වගේම ඒ කතාවලටත් සබ් ලබා දෙන්න පුලුවන්නම් ඇත්තටම ඒක ලොකු දෙයක්.ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියට ඒවට සබ් ලබා දේවී කියලා.ආයෙත් ගොඩක් ස්තූතියි මේ සීරීස් එකට සබ් දුන්නට.ජය වේවා!!!❤️

  14. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Amila konara

    කතාව ඉවර වෙනකම්ම් සබ් දුන්නට ස්තූතියි සහෝ
    තවත් මේ වගේ කතාවලට සබ් දෙන්න

  17. Mr. B

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
    ජයෙන් ජය!

  18. Kavee

    Thank you Sahoo!