Watch Trailer

Classroom of the Elite [S02 : E09 & E10] Sinhala Subtitles | සැඟවුණු සැලසුම් [සිංහල උපසිරසි]

Classroom of the Elite Season 02 Sinhala Subtitles තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. විසඳන්නෙ කොහොමද කියල හිතාගන්න බැරි විදිහෙ ප්‍රහේලිකා…

Classroom of the Elite Season 02 Sinhala Subtitles

 

තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. විසඳන්නෙ කොහොමද කියල හිතාගන්න බැරි විදිහෙ ප්‍රහේලිකා, පරික්ෂණ වටේ කැරකෙන විදිහෙ කතාවක් මේක. ඒ කතාවේ Season 02 හි 09 සහ 10 කොටස් වල සිංහල උපසිරැසි එක්කයි මේ එකතු වෙන්නෙ. ඒ අනුව අපි Season 2 හි අවසානයට ළං වෙලයි ඉන්නෙ.

ක්‍රීඩා උත්සවයෙදි ලොකු අභියෝගයක් තමයි D පන්තියේ හොරිකිතාට එල්ල උනේ. මොකද හැමෝම එයාට බාධා කරන්න හානි කරන්න පටන් ගත්තා. හැබැයි අයනොකෝජි පිටිපස්සේ ඉඳන් නූල් සූත්තර ඇදලා පන්තියේ ද්‍රෝහියව පුදුම කරන විදිහේ වැඩක් කරනවා. පන්තියේ අය තේරුම් ගන්නවා හැමදේම පේන තරම් සරල නැහැ කියලා. අයනොකෝජි කළේ මොකක්ද? කරන්න ඉන්නෙ මොකක්ද? D පන්තියට එන අභියෝග ඉවර නැද්ද? නරඹන්න මේ කොටස් දෙක.

මේ කතා මාලාවට උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ Classroom of the Elite (2022) (Season 2) [1080p Dual Audio HEVC 10 bits] (Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e 2nd Season) (Batch) කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට ගැලපෙන විදිහටයි. උපසිරැසි එක්ක කතාව අනිවාරෙන්ම ජපන් බසින් නරඹන්න අමතක කරන්න එපා. අන්තිමට ඉතින් උපසිරැසිය බාගෙන යන ගමන් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. මීළඟට අවසාන කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

Classroom of the Elite Season 02 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

283 downloadsDownload Classroom-of-the-Elite-S02-E09-E10-Sinhala-Subtitles.zip28 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1All BT1Next BT1

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

283 downloadsDownload Subtitles28 KB

0 comments

No comments yet.