Classroom of the Elite Season 03 Sinhala Subtitles තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එකිනෙකාගෙ පුද්ගලික අරමුණු එක්ක විසඳන්නෙ කොහොමද කියල…

Classroom of the Elite Season 03 Sinhala Subtitles
තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එකිනෙකාගෙ පුද්ගලික අරමුණු එක්ක විසඳන්නෙ කොහොමද කියල හිතාගන්න බැරි විදිහෙ ප්‍රහේලිකා, පරික්ෂණ වටේ කැරකෙන විදිහෙ කතාවක් මේක. ඒ කතාවේ Season 03 හි 03 සහ 04 කොටස් වල සිංහල උපසිරැසි එක්කයි මේ එකතු වෙන්නෙ.
“මිශ්‍ර පුහුණු කඳවුර” කියන නමින් හැඳින්වූ තවත් පරික්ෂණයක් එක්ක Classroom of the Elite Season 3 හි කතාව ඇරඹුනා. එක් එක් පන්තිවලින් කණ්ඩායම් වෙන් කරල සතියක් පුරා පවත්වන මේ පරික්ෂණයෙ සමත්වීම තීරණය කරන්නෙ අවසාන දවසෙදි පවත්වන විශේෂ පරික්ෂණ හතරකින් ලබා ගන්න ලකුණු අනුවයි. ඒ අනුව කතාවේ කතා නායකයා වෙන අයනොකෝජි කියොතකාත් දැන් මේ පරික්ෂණ ඔක්කොටම සහභාගී වෙනවා. ඒ වගේම දැන් අලුත් ශිෂ්‍ය සංගම් සභාපති කෙනෙකුත් ඇවිල්ලයි ඉන්නෙ. ඒ අලුත් සභාපතිතුමා හිටපු ශිෂ්‍ය සංගම් සභාපතිට මුලදිම අභියෝග කරනවා. ඒ අභියෝගය භාර ගන්නවා වගේම අයනොකෝජිගෙන් උදව් ඉල්ලනවා. ඒ අතරෙ A පන්තියේ සකයනගිත් අයනොකෝජිට තර්ජන ගර්ජන කරනවා.
අයනොකෝජි ප්‍රමුඛ මුළු පන්තියම දැන් C පන්තිය දක්වා ඉහළට ඇවිල්ලයි ඉන්නේ. ඒ අනුව B පන්තියත් ලොකු තර්ජනයක් කියල සකයනගි තීරණය කරනවා. ඉචිනොසේ ප්‍රමුඛ B පන්තිය වැට්ටවීමේ සැලැස්ම A පන්තියේ සකයනගි අරඹනවා. ඉතින් ඒකට මුලින්ම කරන්න හදන්නෙ ඉචිනොසේව වට්ටලා ස්කෝලෙන් නෙරපලා දාන එක. සකයනගි ඒක කොහොමද කරන්න හදන්නෙ? අයනොකෝජි ඇතුළු C පන්තියටත් මේ සකයනගි පහර දේවිද? නරඹන්න මේ කොටස් දෙක.
මේ කතා මාලාවට උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e (2024) (Season 3) [1080p] (Classroom of the Elite III) (Batch) කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට ගැලපෙන විදිහටයි. උපසිරැසි එක්ක කතාව අනිවාරෙන්ම ජපන් බසින් නරඹන්න අමතක කරන්න එපා. අන්තිමට ඉතින් උපසිරැසිය බාගෙන යන ගමන් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Classroom of the Elite Season 03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
263 downloadsDownload Classroom-of-the-Elite-S03-E03-E04-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Classroom of the Elite [S03 : E03 & E04] Sinhala Subtitles | නෙරපා හැරීම ඇරඹෙයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/COTE_S3_Banner_02.jpg)

