Watch Trailer

Jujutsu Kaisen [S03 : E12] Sinhala Subtitles | බලයේ සිව් කොන් සටන [සිංහල උපසිරසි]

Jujutsu Kaisen Season 3 Sinhala Subtitles 2026 වසරට හොඳ ආරම්භයක් අරන් ආපු වඩාත් බලාපොරොත්තු සහගත වගේම අතිශය උද්වේගකර Jujutsu Kaisen Season 3 හෙවත් Jujutsu Kaisen The Culling Game ඇනිමෙ කතා මාලාවේ 12 වන කොටසේ උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ. ඒ අනුව අපි Culling Game Part 01 හි අවසානයට ඇවිල්ලයි ඉන්නෙ.…

Jujutsu Kaisen Season 3 Sinhala Subtitles

2026 වසරට හොඳ ආරම්භයක් අරන් ආපු වඩාත් බලාපොරොත්තු සහගත වගේම අතිශය උද්වේගකර Jujutsu Kaisen Season 3 හෙවත් Jujutsu Kaisen The Culling Game ඇනිමෙ කතා මාලාවේ 12 වන කොටසේ උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ. ඒ අනුව අපි Culling Game Part 01 හි අවසානයට ඇවිල්ලයි ඉන්නෙ. සමස්තයක් විදිහට ගත්තම හැමදෙයක්ම හොඳටම තිබුනු සහ ප්‍රේක්ෂක රසික බලාපොරොත්තු පොඩ්ඩක්වත් කඩ නොකරපු නිර්මාණයක් විදිහට Jujutsu Kaisen The Culling Game Part 01 එක Mappa Studio විසින් අරන් ආවා. ඊට නොදෙවෙනිව තිබුනු background music ටිකත් කතාව එක්ක ගහට පොත්ත වගේ ගැලපීමක් අරන් ඇවිත් තිබුනා.

ඒ වගේම මේ අවසාන උපසිරැසිය නිකුත් කරන මොහොතෙදි, මේ කොටස තමයි 2026 දී IMDB හි වැඩිම Rating අගයක් ලබාගත්තු ඇනිමෙ කතාංගය වගේම වැඩිම Rating අගයක් ලබා ගත්තු Jujutsu Kaisen කතාංගය වෙන්නෙ.

එක්තරා විදිහට ටිකක් අමුතු ශිකිගමි පරිශීලක මන්තරකාරයෙක් වුනු රෙජී ස්ටාර් සහ මෙගුමි ෆුෂිගුරෝ අතර සිද්ධ වුනු සටන තමයි පසුගිය කොටසින් දකින්න ලැබුනේ. අසීරු සටනක් අරන් ගිය මෙගුමි මන්තර එක්ක නුවනින් වැඩ කරපු නිසා රෙජීව පරද්දල රෙජීගෙ ලකුණු තමන්ගෙ කරගන්න සමත් උනා. ටෝකියෝ අංක 1 ජනපදය ඇතුලෙ සටන් ඒ විදිහට වෙද්දි, සෙන්දායි ජනපදයේ තත්වය හුඟක් දරුණු වෙලයි තිබුනෙ. බලවත් හතරදෙනෙක් අතර මුහුණට මුහුණ සටනක් වෙන්න යන බවට ඉඟියක් දීල තමයි පසුගිය කොටස අවසාන කළේ.

ඉතින් මේ අවසාන කොටසෙදි වෙන්න අන්න ඒ සටන. කතාව මුලදි දකින්න ලැබුනු යූතා ඔක්කොට්සුව ඔන්න මේ කොටසෙදි තමයි ආයෙත් දකින්න ලැබෙන්නෙ. මේක වචන අනවශ්‍ය සටනක්. ඊට වඩා දෙයක් කියන්න ඕනි නෑ, බලන්න එහෙනම් මොකද වෙන්නෙ කියලා. බලන්න Jujutsu Kaisen The Culling Game Part 01 හි අවසාන වෙන්නෙ කොහොමද කියලා.

කොහොම උනත් ඒ අවසානය එක්ක මීළඟ Part 02 එක නිකුත් වෙන්නෙ කවදද කියන එකට කිසිම නිළ තොරතුරක් මේ වෙද්දි නිකුත් කරල නෑ. ඒකටත් දිග නැති පොඩි කාලයක් යාවි කියලයි මගේ නම් පුද්ගලික හැඟීම. එහෙනම් මීළඟට Jujutsu Kaisen The Culling Game Part 02 ආපු කාලයක හමුවෙමු. එතකල් Happy Anime!

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

• Episode Name: Sendai Colony
• Released Date: 2026.03.26
• IMDB Rating: 9.9 (at 2026.03.27)

 

 

 

Jujutsu Kaisen Season 3 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,201 downloadsDownload Jujutsu-Kaisen-S03-E12-Sinhala-Subtitles.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1Next BT1

Subtitles

1,201 downloadsDownload Subtitles16 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.