Watch Trailer

Cobra Kai (2018-) [S05 : E08-E09 & E10] Sinhala Subtitles | හතුරන් මිතුරන් කල අවසානය.. [සිංහල උපසිරසි]

එහෙනම් ඔන්න කෝබ්‍රා කායි පස්වෙනි කතාසමයේ අවසානයට ආවා. ඉස්සර වගෙ උපසිරැසි කරන්න කට්ටිය වගේම කාලය කියන මේ දෙකේම ලොකු මදිකමක් තියෙන නිසා මේ වතාවේ සතියකට ආසන්න ප්‍රමාදයක් සිද්දවුනා. ඒ නිසාම අවසන් කොටස් තුනම එක සැරේ දෙන්න තීරණය කලා කොටස් තුනටම අදාල උපසිරැසි මට කරන්න ලැබුණු නිසා. පෙර කොටසින් ඩැනියෙල් වගේ…

එහෙනම් ඔන්න කෝබ්‍රා කායි පස්වෙනි කතාසමයේ අවසානයට ආවා. ඉස්සර වගෙ උපසිරැසි කරන්න කට්ටිය වගේම කාලය කියන මේ දෙකේම ලොකු මදිකමක් තියෙන නිසා මේ වතාවේ සතියකට ආසන්න ප්‍රමාදයක් සිද්දවුනා. ඒ නිසාම අවසන් කොටස් තුනම එක සැරේ දෙන්න තීරණය කලා කොටස් තුනටම අදාල උපසිරැසි මට කරන්න ලැබුණු නිසා.

පෙර කොටසින්

ඩැනියෙල් වගේම ජොනී දෙන්නා ක්‍රීස්ව බලන්න හිරේට ගියෙ සිල්වර්ගෙ ප්‍රධාන අරමුණ මොකක්ද වගේම එයාව පරාද කරන විදිහක් ගැන ක්‍රීස්ගෙන් දැනගන්න ලැබේවි කියලා හිතාගෙන. ක්‍රීස්ට මේ දෙන්නට උදව් කලේ එයාට හිරෙන් නිදහස් වෙන්න ඩැනියෙල්ගෙ උදව් ලැබෙනවා කියලා දුන්න පොරොන්දුවක් නිසා වුනත් ඩැනියෙල් ඒ පොරොන්දුව කඩ කලේ ලොකු බොරුවක් කරලා. කවුද කැමති ඒ කාලේ හිටිය හතුරෙක්ට අතදෙන්න?! 😆

ඩැනියෙල, ජොනී දෙන්නා ක්‍රීස්ව බලන්න හිරේ ගිය අතරේ මියාගී-ඩෝ එක බලාගත්තෙ චෝසන්. එයා ඒකෙ ළමයින්ට හරිම අපූරු පාඩමක් ක්‍රියාකාරකමක් හරහා කියා දුන්නෙ කෝබ්‍රා කායි එකේ කිසි කෙනෙක් ලග නැති එකමුතු බව ගැන කියාදෙන්න.

අවසන් කොටස් ත්‍රිත්වයෙන්

කෝබ්‍රා කායිලා එයාලගේ සැලසුම්වල මීලග අදියර විදිහට අන්තර්ජාතික මට්ටමේ තරගයක් වෙනුවෙන් ඉදිරපත් වෙන්න නිර්දේශ ලබාගන්නයි හදන්නෙ. ඩෝජෝ එක වහලා දාලා පාඩුවේ ඉන්නවා කිව්වට මියාගී-ඩෝලත් පාඩුවේ ඉන්නෙ නැහැ. අවසානය ගැන කිව්වොත් හතුරන් මිතුරන් වෙන, වැරදිකරුවන් ට නිසි දඩුවම් ලැබෙන වගේම විශේෂයෙන්ම හත්වැනි කොටසේ චෝසන් කියාදුන්නා අපූරු පාඩම ක්‍රියාත්මක කරන්න ලැබෙන අවසානයක් තමයි අන්තිමේදී දැකගන්න ලැබෙන්නෙ.

එහෙනම් ඉතිං බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා.

මුල් සීසන් හතරෙදි වගේම කෝබ්‍රා කායි කතාමාලාව සුපුරුදු පරිදි පස්වෙනි සීසන් එකේදීත් වාර්තා අතරට එක් වන්නෙ සැප්තැම්බර් 5-11 කාල සීමාව තුල පමනක් නැරඹුම් වාර 106, 700, 000ක වාර්තාගත සටහනක් එක් කරමින්, ඒ කාල සීමාව තුල Netflix තුල අංක එකට රැදුනු කතාමාලාව විදිහට සටහන් එක් කරමින්.

මේ වතාවේ මේ උපසිරැසි ටික අරගෙන සම්බන්ධ වෙච්ච බිම්සර, යුරාන් වගේම හිරාන්වත් මතක් කරන ගමන් මේ ලිපිය මෙතනින් අවසන් කරනවා.

මීට කලින් නිවේදනය කරලා තිබුණු විදිහට Cobra Kai හයවෙනි කතාසමයෙන් අවසන් වීමට නියමිත වුනත් මේ වෙද්දී නිල වශයෙන්ම මේ කතාමාලාව හයවෙනි කතාසමයක් දක්වා දීර්ඝ වෙලා නැහැ. හයවෙනි කතාසමයක් නිර්මාණය වුනොත් ඒක නිකුත් වෙන කාලෙකත් උපසිරැසිකරණයෙ රැදිලා හිටියොත් ඒකත් අරගෙන එන්න බලන්නම්.

සුභ සතිඅන්තයක් හැමෝටම!


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,504 downloadsDownload Cobra-Kai-S05-E08-E09-E10.zip68 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

9,504 downloadsDownload Subtitles68 KB

28 comments

  1. Harindra

    Brilliant work guys! ❤️ You're beauty

  2. INDUSARA

    සුපිරි එනකල් හිටියෙ ඔක්කොම අනිමාරෙන් දිගටම baiscope eke inna kiyala ඉල්ලනවා

  3. Sumith Kumara

    සබ් එක දුන්න ඔයාලා ඔක්කොමට පිං❤️❤️❤️❤️❤️❤️

  4. Gihan

    සිංහල උපසිරැසි වලට ස්තූතියි !!!
    බයිස්කෝප් අඩවියේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගැනීමට අවැසි ධෛර්ය ශක්තිය ලැබේවායි පතමි....
    See 3rd Season, She-Hulk සීරිස් වලත් උපසිරැසි දෙන්න පුලුවන් නම්....

  5. Hasitha

    Thanks BRO!!.
    GooD Job...

  6. Gihan

    සබ් වලට ස්තූතීයි !!!!
    ජය වේවා බයිස්කෝප් එකට.....

  7. Dasun

    මේ සීසන් එකත් සුපිරියක්... සබ් කරන්න මහන්සි උන හැමෝටම ස්තුතියි

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  9. Anonymous

    Thank you for the whole season subs!

  10. AKEESHA

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  11. MAALNATH

    Thanks.......good luck..........

  12. rashi

    thnanks bro, keep up .

  13. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

  14. lakmal

    thanks set ekatama sub eka wenuwen

  15. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  16. navindu pramodana

    thanks..... sub valata

  17. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  18. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. INDUSARA

      Aiye oyawath sub eka karannko

  20. Lavidu

    Season 6 dennako ikmanata

  21. Sumudu samitha

    Season 6 දාහම්කෝ බං

  22. Idusara

    Season 6 sub dennakooo

  23. Chandika

    Season 06?

  24. Sewuwandi

    Season 6 koooo

  25. Venura

    Oyala hodama ewa denne neh

  26. Nishal

    Season 6 කො ykoo

    1. Uvindu Nimsara

      deela tyenne bro