Watch Trailer

Cobra Kai [S06 : E01] Sinhala Subtitles | සාම කාලය… [සිංහල උපසිරසි]

මේ කතාමාලාව නිකුත් වුනේ 2018 දී Karate Kid චිත්‍රපට පාදක කරගෙන ඉතින් අද අරගෙන එන්නෙ 06 වන කතාසමයයි.මෙම කතාසමයේ එපිසෝඩ් 15ක් තියෙනවා. එපිසෝඩ් පහ ගානෙ තමා රිලීස් වෙන්නෙ.දැනට එපිසෝඩ් 5ක් ඇවිල්ලා තියෙන්නෙ මේ Part 1, Part 2 නොවැම්බර් මස 15 රිලීස් වෙනවා.Part 3 2025 වර්ශයේ දී අපිට බලාගන්න පුලුවන්. මෙම කතා…

මේ කතාමාලාව නිකුත් වුනේ 2018 දී Karate Kid චිත්‍රපට පාදක කරගෙන ඉතින් අද අරගෙන එන්නෙ 06 වන කතාසමයයි.මෙම කතාසමයේ එපිසෝඩ් 15ක් තියෙනවා. එපිසෝඩ් පහ ගානෙ තමා රිලීස් වෙන්නෙ.දැනට එපිසෝඩ් 5ක් ඇවිල්ලා තියෙන්නෙ මේ Part 1, Part 2 නොවැම්බර් මස 15 රිලීස් වෙනවා.Part 3 2025 වර්ශයේ දී අපිට බලාගන්න පුලුවන්. මෙම කතාමාලාවෙ අවසාන සීසන් එක මේකයි. මේ මගේ පලවෙනි උපසිරැසියයි කලින් කතාමාලාවල වුන දේවල් ටිකක් මතක් කරගමු.
  පලවෙනි කතාසමය මුල් කතාසමයේ තිබුනේ ලරූසෝගේ හා ජොනීගේ කෝන්තර ටිකයි. ඒ සමගම ජොනී මිගෙල්ට කරාටේ කියලා දීමට නැවත කෝබ්‍රා කායි පටන් ගන්නවා. ඒ එක්කම මිගෙල් ලරූසෝගේ දුව සෑම් එක්ක යාලු වෙනවා.මේ සම්බන්ධය ගැන දෙපැත්තෙන්ම දැනගත්තම සෑහෙන ප්‍රශ්ණ පවා ඇතිවුණා. ටිකෙන් ටික මිගෙල් ආක්‍රමණශීලි වෙන්න පටන් ගැනීමත් එක්ක සෑම්ට ඒක තේරෙනවා.මේ වෙද්දී තමන්ගේම තාත්තා වෙච්චි ජොනීට වෛර කරන එයාගෙ පුතා රොබී, ඩැනියෙල් ලාරූසෝ එක්ක හිතවත් වෙන්න පටන් අරන් තිබුනේ ඔහු මියාගි ඩෝ කරාටේ ඉගෙන ගන්නවා. රොබී සහ සෑම් නිතරම වගේ එකට ඉන්නවා දැකපු නිසාම මිගෙල් සෑම් එක්ක ලොකු රණ්ඩුවක් වෙලා ඒ දෙන්නා වෙන් වෙන්නෙ. අන්තිමට 2018 සියලුම මිටියාවත් අතර තියෙන තරගාවලිය රොබීව පරාද කර මිගෙල් ජය ගන්නවා. මේ අතරේ තමයි කතාව අවසානයට ජොනී ලෝරන්ස්ගේ පුහුණුකරු වෙච්ච ජෝන් ක්‍රීස් නැවත වතාවක් එන්නෙ. දෙවන කතාසමය ඉතින් ජෝන් ක්‍රීස් ආයෙ ඒමත් එක්ක තමයි දෙවැනි කතාසමය පටන් ගන්නෙ. මිනිහා අන්තිමට ජොනීගේ ගෝලයෝ ඔක්කොම එයාගේ පැත්තට ගන්නවා. ඒත් එක්කම කෝබ්‍රා කායි එකේ ලමයින් හා මියාගි ඩෝ එකේ ලමයින් අතර ඉස්කෝලෙ සිදුවන ගැටුමත් එක්ක මිගෙල් රොබීව පරාද කරලත් ජොනී කියා දුන්න විදිහට මනුස්සකම, නිහතමානී බව පෙන්නන්න ගිය මිගෙල්ව රොබී උස බැල්කනියක ඉදන් බිමට වට්ටනවා.මේ වෙච්ච දේවල් එක්ක ඇමැන්ඩා ලාරූසෝට කිව්වා කරාටේ ඩෝජෝ දෙක අතරේ වෛරයක් ඇති කරපු මියාගී-ඩෝ එක නවත්තන්න කියලා තෙවන කතාසමය ජෝන් ක්‍රීස් නිසා කෝබ්‍රා කායි ඩෝජො එක විනාශ වෙමින් යද්දී, මිගෙල් බොහොම ලොකු අමාරුවෙන් කෝමා තත්වයෙන් සිහියට ආවත් එන්නෙ ඇවිදගන්න බැරි තත්වයෙන්. ජොනී කොහොමහරි බැනුම් අහගෙන මිගෙල්ට ඇවිදින්න පුලුවන් කරනවා අන්තිමට ආයෙ මිගෙල්ට ඇවිදින්න පුලුවන් වෙනවා. ජොනී සෑහෙන උත්සහ කලා රොබීව ජෝන් ක්‍රීස්ගෙන් වෙන් කරලා අරගන්න. ඒත් රොබී ටෝරි වගෙ අය නිසා රොබී තව තවත් ඈතට ගියා මිසක් වෙන දෙයක් වුනේ නැහැ ටික කාලයකින් ඊලායිත් ජොනීගේ ඊගල් ෆෑන්ග් එකට එකතු වෙනවා. කතාව අවසන් වෙන්නෙ ජෝන්,ජොනී, ලාරූසෝ වගේම රොබී අතරේ ලොකු රණ්ඩුවක් සටනක් බවට පත් වෙලා ඒ සටනින් පරදින ජෝන් ක්‍රීස් ප්‍රශ්නෙ විසදගන්න ජොනීටත් වගේම ලාරූසෝටත් තරගයකට අභියෝග කරලා. මේ නිසාම ඊගල් ෆෑන්ග් වගේම මියාගී-ඩෝ කියන ඩෝජෝ දෙක එකට එකතු වෙනවා හතරවන කතාසමය ජොනී හා ලරූසෝ එකට වැඩ කරන්න ගත්තත් එකම ශිල්ප ක්‍රමයක් යටතේ උගන්නන්න සෙනේලා දෙන්නම කැමති වෙන්නෙ නෑ. මේ දෙගොල්ලො අතරේ ඇතිවුන පරස්පර නිසාම එකම ඩෝජෝ එකක වෙනම කොටස් දෙකකට කඩලා තමයි පුහුණු වීම් කලේ. ඒ එක්කම ක්‍රීස් ටෙරී සිල්වර්ව ආයේ කෝබ්‍රා කායි එකට ගේනවා.කතාව අවසානය වෙද්දී ටෙරී සිල්වර් ස්ටින්ග්‍රේට දරුණු විදිහට පහර දීලා ඒකෙ වරද ජෝන් ක්‍රිස් පටවලා එයාව හිරේ යවන තැනට කටයුතු කලා.  කෝමහරි අවසානයේදී  ඕල් වැලී පිරිමි අවසන් වටයෙන් හෝක් ජයගන්නවා. අවසාන ගැහැණු අවසන් වටයෙන් ටෝරි ජයගන්නවා. ටෝරි දකිනවා ටෙරී තරග විනිෂ්‍යකරුවෙකුට අල්ලස් දෙනවා.අතරේ ඕල් වැලී අවසන් වට වලටවත් සම්බන්ධ නොවී මිගෙල් මෙක්සිකෝව බලා ගිහිල්ලා තිබුනා එයාගේ තාත්තව හොයාගෙන. පස්වන කතාසමය මෙක්සිකෝව බලා ගිය මිගෙල්ට දැනගන්න ලැබෙනවා එයාගේ තාත්තා එච්චර හොද මිනිහෙක් නෙවෙයි කියලා. මිගෙල්ව ආයෙ එක්කන් යන්න ජොනී රොබී එක්ක ඇවිත් මිගෙල්ව ආයෙ ගෙදර එක්කන් යනවා. ඒ අතර ජොනී අන්තිමේදි සටනකින් රොබීව හා මිගෙල්ව යාලුවෝ කරනවා. ඒ එක්කම ටෙරී ලරූසෝට හොදටම ගහලා අතකුත් කඩනවා. ඒත් එක්කම ජොනී,චෝසන්,ලරූසෝ තුන්දෙනාම එකතුවෙලා ලමයින්ට පුරුදු කරනවා.ඒ එක්කම කෝබ්‍රා කායි සහ මියාගි ඩෝ යන ඩෝජෝ දෙකම සෙකායි ටයිකායි එකට තේරෙනවා.ඒ එක්කම අවසානයේදී ටෙරීව පරාද කරලා ඔහු අල්ලස් දෙන වීඩියෝ එක ලීක් කරනවා ඒත් සමගම ඔක්කොම ලමයින් කෝබ්‍රා කායි එකෙන් අයින් වෙලා යනවා. ඒත් අන්තිමේදී ක්‍රීස් හිරෙන් පැනලා එනවා අපිට බලාගන්න පුලුවන් උනා. හයවෙනි කතාසමය මේක ගැන මම කියන්න ඕනේ නෑ නේ ඔයාලම බලලා රසවිදින්න.පුලුවන් ඉක්මනින් අනිත් ටික අරන් එන්නම්. 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,185 downloadsDownload Cobra.kai_.S06E01.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිදු නිම්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

 

Subtitles

6,185 downloadsDownload Subtitles23 KB

9 comments

  1. Tharindu Sandaruwan

    thanks bro..... anik episode tikath ikmnt oni.......

    1. Uvindu Nimsara

      dano dano

  2. Kandage Vimukthi Reshan Dulakshana

    ado thank brother.enknk bln htyw

  3. unknown

    ado balan hitapu ekak thnks aa ithuru tikath ikmanatama karamu

    1. Uvindu Nimsara

      aniwaren dnw

  4. Madusha

    Thanks brdh

  5. Buddhika laKMal

    ස්තූතියි නිම්සර සහෝ උපසිරැසියට

  6. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබට.. මේක සබ් දෙනකං බලං හිටපු එකක්
    පළවෙනි උපසිරැසියට සුබපැතුම්.........

  7. Anonymous

    Komada balanne

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.