Watch Trailer

Cosmos: A SpaceTime Odyssey [S01 : E05] | විශ්වය: කාල අවකාශ චාරිකාවක්… [සිංහල උපසිරසි සමඟ]

අපේ බයිස්කෝප් සගයන්ව විශ්වය හරහා අවකාශ කාල චාරිකාවක ගෙනියන්න ඔන්න මමත් සිංහල උපසිරැසියක් සමඟ ආවා. මෙම විද්‍යාත්මක අධ්‍යාපනික වාර්තා වැඩසටහනින් කියවෙන්නෙ සොබාදහමේ නියමයන් සහ අවකාශය හා කාලය තුළ පෘතුවියේ පිහිටීම ගැන අප සොයා ගත් ආකාරය පිළිබඳවයි. මෙම වැඩසටහන අනුගමනය කර ඇත්තේ 80 දශකයේ කාල් සේගන් නම් තාරක…

COSMOS 3

අපේ බයිස්කෝප් සගයන්ව විශ්වය හරහා අවකාශ කාල චාරිකාවක ගෙනියන්න ඔන්න මමත් සිංහල උපසිරැසියක් සමඟ ආවා.

මෙම විද්‍යාත්මක අධ්‍යාපනික වාර්තා වැඩසටහනින් කියවෙන්නෙ සොබාදහමේ නියමයන් සහ අවකාශය හා කාලය තුළ පෘතුවියේ පිහිටීම ගැන අප සොයා ගත් ආකාරය පිළිබඳවයි. මෙම වැඩසටහන අනුගමනය කර ඇත්තේ 80 දශකයේ කාල් සේගන් නම් තාරකා විද්‍යාඥයා විසින් ලියා ඉදිරිපත් කරන ලද Cosmos: A Personal Voyage යන වැඩසටහනයි. විකිපීඩියාවට අනුව එම මාලාව අඩුම වශයෙන් රටවල් 60 ක මිලියන 400ක පමණ ජනතාවක් නරඹා තියනවා. (අන්තර්ජාලයේ වෙනත් තැනක සඳහන් වෙනවා මිලියන 750 ක් රසවිඳි බව.) මෙය නවතාවයකින් යුතුව නැවත කිරීමට හේතු වී ඇත්තේ 80 දශකයේ දී නැරඹීමට නොහැකි අය වෙනුවෙන් බවත් සඳහන් වෙනවා.

මෙය IMDB දර්ශකයේ 9.5/10 ක ඉහළ අගයක් දක්වා ඇති අතර FOX සහ NATIONAL GEOGRAPHIC නාළිකා වල 2014 වර්ෂයේ මාර්තු සිට ජුනි දක්වා විකාශය කර අවසන් වී ඇති කොටස් 13 ක වාර්තා වැඩසටහනක්. මෙය ඉදිරිපත් කරන්නේ භෞතික තාරකා විද්‍යාඥ Neil deGrasse Tyson විසින්.

ඉතින් මේක මගේ මුල්ම අත්දැකීම උපසිරැසිකරණය පිළිබඳ. විද්‍යාත්මක වදන් සමූහයක් සමඟ කටයුතු කරන්න සිද්ධ වුණු හින්දා සුළු සුළු දෝෂ ඇති. භාෂා ගණනාවකට අයත් නම් පරිවර්තනය කළේ ඇහෙන විදිහට. ඒවා නිවැරදිද දන්නෙත් නැහැ.

මෙහි අන්තර්ගතය පිළිබඳ වැඩි විස්තර මෙහි ඇතුලත් කරන්න අදහසක් නැහැ. එහි ඇති සියල්ල නරඹා රසවිඳිම වඩාත් හොඳ බව මගේ පෞද්ගලික මතය නිසා. තව දෙයක් කියන්න ඕන. මේක දිගටම නරඹන විට මට දැනුන දේ නම් ඉස්කොලේ ඉන්නවා වගේ කියලා. ඉස්කොලේදි අපි ඉගෙන ගත් සමහර දේවල් පිළිබඳව ඉතා රසවත්ව හා සරලව මෙහි දක්වා තිබෙනවා.

ඒ වගේම,

විශ්වයේ උපත හා එක් එක් යුග වල විශ්වය පිළිබඳ තිබුණු මතයන්,
පෘතුවිය මත ජීවයේ ආරම්භය හා පරිණාමය පිළිබඳ,
ධූමකේතු, මන්දාකිණි, ග්‍රහලෝක සහ තාරකා පිළිබඳ,
ආලෝකය, ශබ්දය හා ගුරුත්වය පිළිබඳ රහස්,
ඉතා කුඩා විශ්වයන් සහ එහි ජීවින් ගැන,
අණු, පරමාණු හා මූලද්‍රව්‍යයන් හා ඒවායේ බලපෑම ගැන,

ආදී අපි දන්න දෑ ගැන නොදන්න තොරතුරු බොහෝමයක් සමඟ අපේ ඈත මෑත වර්තමාන මිනිසා මෙම අරුමපුදුම දෑ සොයා ගිය ගමන සහ ඊට ඇතිවු බාධා පිළිබඳ විස්මයජනක කතාන්දරයක්…

ඉතින් කොහොම නමුත් මේක තරමක් වෙනස් ආකාරයක වාර්තා වැසටහනක්. ගණිතය, විද්‍යාව, තාක්ෂණය ආදී විෂයයන්ට සහ අතීතයට එබිලා බලන්න වගේම විශ්වයේ අභිරහස් දැන ගන්න කැමති අයට මේක හොඳ වැඩසටහනක්…

ඉතින්…

එන්න අප සමඟ,
යන්න විශ්ව චාරිකාවක…
ගන්න මෙම මාර්ගය,
සත්‍යය හෙළිවෙයි ඔබට…

Cosmos: A SpaceTime Odyssey (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

91f767f822489a0bc8171336a6a480f9bb384ccd

263 MB කොපිය මෙතනින් බාගන්න

52a600e1505c3f47b53329402389675423d1cce3

1.22 GB කොපිය මෙතනින් බාගන්න

a020e0f1c9d08d495dde7f1bfa3832c82f560cd6

1.6 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

81c1ea1547f331817023d55910a066081a150271 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,553 downloadsDownload Cosmos.A.SpaceTime.Odyssey.S01E05.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles

1,553 downloadsDownload Subtitles59 KB

32 comments

  1. දිමුතු

    ස්තූතියි සිංහල සබ් බලට..

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. Sisira Hegoda

    Thanks.

  4. Ravindu

    Maru akke..anikwat ikmanta ona..

  5. arrow4srilanka

    ඔන්න බාගත්තා…සබ් එකට බොහොම ස්තූතියි සහෝදරී…ජය වේවා… :D

  6. Isu DP

    Niyama Sajeevi....
    Subata Thuthi....
    Jaya Wewa.... :-) :-P

  7. Harsha

    thanks

  8. Harsha

    thanks macho

  9. Hello

    Mewage Item nam atha arinne naha.

  10. Isuru

    ඔන්න මාත් බාගත්තා. ඉක්මනට අනිත් කොටස් වලටත් සබ් දෙන්න. සබ් වලට බොහොම ස්තූතියි!

  11. hasithadn

    thankz..........

  12. Sachith

    thanku :)

  13. meemana p....

    මේ කොටසත් ගත්තා.ස්තුතියි

  14. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සජීවි :P ජය

  15. dev

    bohoma stuti saho... .

  16. yeshu

    tnx

  17. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය.........

  18. thisaru

    niyamai ar,anith ewath ikmanatama one nangi

  19. කේ.යූ.ජී. උදාර

    ඉක්මනට ම අනිත් ටිකත් දෙමු.
    සිංහල සබට බොහොම ස්තූතියි.........

  20. nuwan rajapaksha

    elakiri........thanks

  21. pasanmahee

    අනේ
    මට අනිත් එක බලනකම් ඉන්න බැරියෝ ඉක්මනට දෙන්නෝ......
    එළකිරි වැඩේ...........

    1. සජීවි

      අනිත්වා මඟ එනෝ.....

  22. chamy

    supiri...thz

  23. රොයිලි

    බොහොම ස්තූතියි සජීවි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P

  24. nishshanka ruwan

    ස්තුතියි :)

  25. Amil

    මේක සුපිරි …
    මේ වගේ ඒවට මමත් කැමතියි.
    දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

  26. වරුණ නිරෝෂණ

    අනර්ඝයි මචං.............

  27. Srimal Priyanga

    විද්‍යා ප්‍රබන්ධ ++ වාර්තා වැඩසටහන් නියමයි
    ස්තුතියි සහෝදරි උපසිරැසියට ………

  28. Dhanushkadill

    Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  29. jello

    Thanks For Sub...Good luck

  30. YasasPerera

    thank you

  31. Manu

    Godak Sthuthi..Jaya wewa!