Watch Trailer

Cosmos: A SpaceTime Odyssey [S01 : E08] | විශ්වය: කාල අවකාශ චාරිකාවක්… [සිංහල උපසිරසි සමඟ]

අපේ බයිස්කෝප් සගයන්ව විශ්වය හරහා අවකාශ කාල චාරිකාවක ගෙනියන්න ඔන්න මමත් සිංහල උපසිරැසියක් සමඟ ආවා. මෙම විද්‍යාත්මක අධ්‍යාපනික වාර්තා වැඩසටහනින් කියවෙන්නෙ සොබාදහමේ නියමයන් සහ අවකාශය හා කාලය තුළ පෘතුවියේ පිහිටීම ගැන අප සොයා ගත් ආකාරය පිළිබඳවයි. මෙම වැඩසටහන අනුගමනය කර ඇත්තේ 80 දශකයේ කාල් සේගන් නම් තාරක…

COSMOS 1

අපේ බයිස්කෝප් සගයන්ව විශ්වය හරහා අවකාශ කාල චාරිකාවක ගෙනියන්න ඔන්න මමත් සිංහල උපසිරැසියක් සමඟ ආවා.

මෙම විද්‍යාත්මක අධ්‍යාපනික වාර්තා වැඩසටහනින් කියවෙන්නෙ සොබාදහමේ නියමයන් සහ අවකාශය හා කාලය තුළ පෘතුවියේ පිහිටීම ගැන අප සොයා ගත් ආකාරය පිළිබඳවයි. මෙම වැඩසටහන අනුගමනය කර ඇත්තේ 80 දශකයේ කාල් සේගන් නම් තාරකා විද්‍යාඥයා විසින් ලියා ඉදිරිපත් කරන ලද Cosmos: A Personal Voyage යන වැඩසටහනයි. විකිපීඩියාවට අනුව එම මාලාව අඩුම වශයෙන් රටවල් 60 ක මිලියන 400ක පමණ ජනතාවක් නරඹා තියනවා. (අන්තර්ජාලයේ වෙනත් තැනක සඳහන් වෙනවා මිලියන 750 ක් රසවිඳි බව.) මෙය නවතාවයකින් යුතුව නැවත කිරීමට හේතු වී ඇත්තේ 80 දශකයේ දී නැරඹීමට නොහැකි අය වෙනුවෙන් බවත් සඳහන් වෙනවා.

මෙය IMDB දර්ශකයේ 9.5/10 ක ඉහළ අගයක් දක්වා ඇති අතර FOX සහ NATIONAL GEOGRAPHIC නාළිකා වල 2014 වර්ෂයේ මාර්තු සිට ජුනි දක්වා විකාශය කර අවසන් වී ඇති කොටස් 13 ක වාර්තා වැඩසටහනක්. මෙය ඉදිරිපත් කරන්නේ භෞතික තාරකා විද්‍යාඥ Neil deGrasse Tyson විසින්.

ඉතින් මේක මගේ මුල්ම අත්දැකීම උපසිරැසිකරණය පිළිබඳ. විද්‍යාත්මක වදන් සමූහයක් සමඟ කටයුතු කරන්න සිද්ධ වුණු හින්දා සුළු සුළු දෝෂ ඇති. භාෂා ගණනාවකට අයත් නම් පරිවර්තනය කළේ ඇහෙන විදිහට. ඒවා නිවැරදිද දන්නෙත් නැහැ.

මෙහි අන්තර්ගතය පිළිබඳ වැඩි විස්තර මෙහි ඇතුලත් කරන්න අදහසක් නැහැ. එහි ඇති සියල්ල නරඹා රසවිඳිම වඩාත් හොඳ බව මගේ පෞද්ගලික මතය නිසා. තව දෙයක් කියන්න ඕන. මේක දිගටම නරඹන විට මට දැනුන දේ නම් ඉස්කොලේ ඉන්නවා වගේ කියලා. ඉස්කොලේදි අපි ඉගෙන ගත් සමහර දේවල් පිළිබඳව ඉතා රසවත්ව හා සරලව මෙහි දක්වා තිබෙනවා.

ඒ වගේම,

විශ්වයේ උපත හා එක් එක් යුග වල විශ්වය පිළිබඳ තිබුණු මතයන්,
පෘතුවිය මත ජීවයේ ආරම්භය හා පරිණාමය පිළිබඳ,
ධූමකේතු, මන්දාකිණි, ග්‍රහලෝක සහ තාරකා පිළිබඳ,
ආලෝකය, ශබ්දය හා ගුරුත්වය පිළිබඳ රහස්,
ඉතා කුඩා විශ්වයන් සහ එහි ජීවින් ගැන,
අණු, පරමාණු හා මූලද්‍රව්‍යයන් හා ඒවායේ බලපෑම ගැන,

ආදී අපි දන්න දෑ ගැන නොදන්න තොරතුරු බොහෝමයක් සමඟ අපේ ඈත මෑත වර්තමාන මිනිසා මෙම අරුමපුදුම දෑ සොයා ගිය ගමන සහ ඊට ඇතිවු බාධා පිළිබඳ විස්මයජනක කතාන්දරයක්…

ඉතින් කොහොම නමුත් මේක තරමක් වෙනස් ආකාරයක වාර්තා වැසටහනක්. ගණිතය, විද්‍යාව, තාක්ෂණය ආදී විෂයයන්ට සහ අතීතයට එබිලා බලන්න වගේම විශ්වයේ අභිරහස් දැන ගන්න කැමති අයට මේක හොඳ වැඩසටහනක්…

ඉතින්…

එන්න අප සමඟ,
යන්න විශ්ව චාරිකාවක…
ගන්න මෙම මාර්ගය,
සත්‍යය හෙළිවෙයි ඔබට…

Cosmos: A SpaceTime Odyssey (2014) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

489cfe80947a6cb49980ef6e1cf4e65c14ccdf17

187 MB කොපිය මෙතනින් බාගන්න

7e4bfc3067072416eb2bed5ae054566ad02b3e89

930 MB කොපිය මෙතනින් බාගන්න

1315d3f1ba8c98f2f0deb40daf0d1de6f4ccb9b3

1.6 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

81c1ea1547f331817023d55910a066081a150271 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,414 downloadsDownload Cosmos.A.Space_.Time_.Odyssey.S01E08.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

සජීවි වේහැල්ල

Subtitles

1,414 downloadsDownload Subtitles61 KB

32 comments

  1. තාරුක

    ada man aka

  2. දිමුතු

    නියමයි සෙහා්දරී :)

  3. chandima amarasinghe

    niyamai onna bawa asawen balana katawak.... mawaga kata thawa ona thaz subapatum.

  4. dasun disanayaka

    thanks

  5. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සජිවී සහෝදරී.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  6. Sisira Hegoda

    Sajeevi lowakata apa geniyana Sajeevi Obata sthoothi

  7. adeesha

    පට්ට මචං ඔයාලගේ team එකට සුබ අනාගතයක් මම කියන්නේ මේ site ලංකාවේ number one වෙන්න කියල ඔයාලට ජයෙන් ජය .........

  8. nishshanka ruwan

    ස්තුතියි :)

  9. Thisaru Niwantha

    නියමයි සහෝදරි.එනකම් බලන් ඉන්නෙ,සේරම ඉක්මනට දෙන්ට අර්....

  10. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. Damith Madusanka

    Machan 33d torrent link eke awulak thiyanawa ...Eken enne E6 eke file eka ... E8 eka nevi ...

    kalin dala thibba post eketh ehma una

  12. Amil

    නියමයි සෙහා්දරී

  13. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි
    සබට තුති
    ජය වේවා

  14. නලින්

    ස්තුතියි ! සජිවි සහෝ!

    වටිනා කියන වැඩක් මෙකට සබ් දෙනවා කියන්නේ!

    ජය වේවා!

  15. Isuru

    සබට ස්තුතියි ! සේරම ඉක්මනට දෙන්න.

  16. yeshu

    tnx...... anith tikath ikmanata denna.

  17. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  18. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි :P ජය

  19. නුවන්

    බොහොම ස්තුතියි උපසිරැසියට... :)

  20. රොයිලි

    බොහොම ස්තූතියි සජීවි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. khanna

    මේකට සබ් දුන්නට ගොඩක් පින් සොහොයුරිය. මේක කොච්චර හිතට අල්ලලා ගියාද කිව්වොත් සබ් එනකන් ඉන්නේ නැතිව ඔක්කොම බැලුවා. කොහොම උනත් ඔබේ සින්හල සබ් ඉහල මට්ටමක තියන බවත් කියන්න ඕන. මේක බලද්දි මට හිතුන තවත් දෙයක් තමයි අපේ අධ්‍යාපන රටාව කොයි තරම් ගල් යුගයේ තියන එකක්ද කියලා. පොත් කට පාඩම් කරවමින් බලහත්කාරයෙන් ඉගැන්නුවාට විද්‍යාව කියන්නේ කොයි තරම් කුතුහලයකින් ඉගෙන ගත හැකි වගේම, සරලව ඉගැන්විය හැකි රසවත් විෂයක්ද.......

  22. Oshan

    eke idalama coment karanna bari una aththatama meka godak pin thanx :D

  23. Thanur

    Thank you!

  24. Keshan Wasala

    ඇත්තටම මම මේ වැඩසටහන ඊයේ බලන්න ගත්තේ .. කොටසෙන් කොටස කමෙන්ට් කරන්න බැරි උනත් ඇත්තටම මේ සහෝදරිගේ සබ් එක සුපිරියටම තියනවා ... මේක ඉවර උනාම තවත් මේ වගේ එකක් අරන් එන්න කියලත් ඉල්ලනවා ගොඩක් පින් එහෙනම් මේ කොටසත් ඔන්න ගන්නවා ... :D ගොඩක් ස්තුතියි !!

  25. nuwan

    thank you for..........!

  26. lahiru

    Elaz

  27. වරුණ නිරෝෂණ

    niyama kathawa... thanks obeta

  28. nirosha

    thanks

  29. Dhanushkadill

    Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  30. jello

    Thanks For Sub....Good Luck

  31. YasasPerera

    thank you

  32. Manu

    Godak Sthuthi..Jaya wewa!!