Watch Trailer

COVID-19 – මරණයේ ඔටුන්න (කොරෝනා) – ආරක්ෂා වෙමු.

ඉස්සරවෙලාම අපි මේ පොස්ටුවේ මාතෘකාවෙන්ම පටන් ගමු. මොකක්ද මේ ඔටුනු කතාව. ඔව් කොරෝනා කියන නම ලතින් වචනයක්. එම වචනයේ තේරුමක් විදියට ඔටුන්න හඳුන්වන්න පුළුවන්. මෙම වයිරස් අංශුවල පෙනුම (එහි ප්‍රෝටීන පිහිටා තිබෙනා ආකාරය) ඔටුන්නක් වගේ හෙයින් මෙම වයිරස් ප්‍රබේද කොරෝනා වයිරස් කාණ්ඩය කියලා හඳුවනවා. ඔව් කොරෝනා…

ඉස්සරවෙලාම  අපි මේ පොස්ටුවේ මාතෘකාවෙන්ම පටන් ගමු. මොකක්ද මේ ඔටුනු කතාව. ඔව් කොරෝනා කියන නම ලතින් වචනයක්. එම වචනයේ තේරුමක් විදියට ඔටුන්න හඳුන්වන්න පුළුවන්. මෙම වයිරස් අංශුවල පෙනුම (එහි ප්‍රෝටීන පිහිටා තිබෙනා ආකාරය) ඔටුන්නක් වගේ හෙයින් මෙම වයිරස් ප්‍රබේද කොරෝනා වයිරස් කාණ්ඩය කියලා හඳුවනවා.

ඔව් කොරෝනා කියන්නේ මෙම දැන් වසංගතයක් ලෙස පැතිරෙන වයිරස් එකම නෙවි. කොරෝනා කියන්නේ වයිරස් වර්ගයක්. කුරුළු වර්ග සහ වැඩිවශයෙන් ක්ෂීරපායි සතුන්ට ස්වසන ආශ්‍රිත ලෙඩ ඇතිකළ හැකි වයිරස් කාණ්ඩයක් තමා මේ කොරෝනා කියන්නේ. බොහෝ මෙම කාණ්ඩයේ වයිරස වලින් ආරක්ෂා වීමට ශරීරයේ ප්‍රතිශක්තිකරණය සමත්. නමුත් ඉඳහිට ප්‍රතිශක්තිකරණය ඔරොත්තු නොදෙනා ශක්තිසම්පන්න වයිරසන් මතුවෙනවා. ඔව්. දැනටම මින් පෙර අපිට කොරෝනා කාණ්ඩයේ වයිරස් වර්ග කීපයකින් මෙම මාරාන්තික බලපෑම් එල්ලකර තියෙනවා.

මෑත ඉතිහාසයේ එවන් දරුණුම වයිරස් එකක් තමා සාර්ස් කොරෝනා වයිරසය (SARS-CoV). මෙය 2002 නොවැම්බර් මාසයෙදී ලොව වසංගතයක් ලෙස පැතිරගියා. රෝගය මිනිසුන්ට බෝවුනේ උරුලාවන්ගෙන් කියලයි සොයාගත්තේ. ඊටපස්සේ අපිට දැනගන්න තියෙන ප්‍රසිද්ද කොරෝනා වයිරස් එකක් තමයි මාර්ස (MERS-CoV)කියන්නේ. 2012 දී සෞදී අරාබියාවෙන් පළමුව සොයාගත්ත මේ වයිරසය මිනිසුන්ට පැතිරුනේ ඔටුවන්ගෙන් කියලයි හොයාගත්තේ. ඊළඟට අපිට දැනෙන්න පැමිණියේ මෙම නව කොරෝනා නොහොත් (COVID-19) වයිරසය. මේක චීනයේ හුබෙයි පළාතේ සත්ව මස් වෙලදාම් කරනා ස්ථානයකින් පළමුව මිනිසාට පැතිරුනා යයි සොයාගෙන තිබෙනා වයිරසය. මිට අමතරව HCoV NL63, HKU1 ලෙස වයිරස් තව කීපයක් තියෙනවා . සමහර ඒවා කුකුලන් හරහා සහ වවුලන් හරහා පැතිර ගිය. Human coronavirus 229E කියල වයිරස් එකක් තියෙනවා කෙලින්ම මිනිසා හරහාම බෝ උන. කොරෝනා පවුලේ වයිරස් වලින් බොහෝවිට ඇතිවන්නේ ස්වසන ආබාද. ඒ කියන්නේ කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව. නිව්මෝනියාව වගේ. නමුත්  වකුගඩු වැනි වැදගත් අවයව අකර්මන්‍ය වීම වගේ දේවල් පවා මෙම වයිරස් එකට කල හැකියි. දැන් ඒවා ගැන කතා කරන්න වැඩක් නැහැනේ අපි බලමු මේ නව කොරෝනා ගැන.

කලින් කිව වගේම මේක හුබෙයි මස් වෙලදාම් කරනා පොළකින් තමා මිනිසුන්ට පැතිර ගියා කියල සැලකෙන්නේ. එහි ගොවිපල සතුන් මෙන්ම කැලයෙන් අල්ලා ගන්නා කැබැල්ලවන්, වවුලන් වගේ සත්තු මෙන්ම සර්පයෝ පවා විකුනනවා. එහි විකිනීමට තබා සිටි කැබැල්ලවක් ගෙන් හෝ වවුලෙක් ගෙන් මෙය පළමුව මිනිසාට පැතිරී ගියා කියලයි විශ්වාසෙ. එහි කූඩු පිරිසිදු කරන්නේ නැහැ. අද වවුලා දාලා ඉන්න කුඩුවේ හෙට කුකුලෙක් ඉන්න බැරි නැහැ. ඔය මොන හරි ක්‍රමයකින් පලමුව් වයිරස් එක මිනිසාගේ ස්වසන පද්දතියට ඇතුලත් උනා කියලයි හොයන් තියෙන්නේ. තේරෙන්න කියනවා නම් එම සතා කන්න අරගෙන නෙවි, ඒ සතාගෙන් වයිරස් එක ඌ කන්න කලින් තමා පළමු මිනිසාට බෝවෙලා තියෙන්නේ. මෙම රෝගයෙන් මිය ගිය පළමු රෝගියා මෙම පොලට නිතර එන ගනුදෙනුකරුවෙක්.

ඉතින් මොනම ක්‍රමයකින් හෝ පැතිරෙන්න පටන් ගත්ත මේ වයිරස් එකේ රෝග ලක්ෂණ බලමු අපි. ඔව් ඉස්සරවෙලාම උන ගන්න එක තමා වෙන්නේ. පළමුව හිසේ කැක්කුමකින් පටන් ගන්න මේක ටිකෙන් ටික තදබල උන රෝගයක් දක්වා වර්ධනය වෙනවා. ඒ අතරේම වියලි කැස්ස. ඉන්පසු තමා ටිනේ ටික හුස්ම ගන්න අමාරුවෙලා නිව්මෝනියාව මට්ටමට එන්නේ. ඉතින් ස්වසන රෝග තියේ නම්. ප්‍රතිශක්තිය අඩු නම්. සොරිම තමා. අවයව අකර්මන්‍ය වෙලා මරණය පවා සිදුවිය හැකියි. සෑම කොරෝනා වයිරස් එකකකින්ම මේ තත්වය පොදු උනත් මෙම COVID-19 තියෙන බයානක කම මෙම වයිරස් එකේ බිජෝෂණ සමය නැතිනම් රෝග ලක්ෂණ නොපෙන්වන අදාළ රෝගියාට රෝගය වැළදෙමින් තිබෙනා කාලයේ පවා වෙනත් කෙනෙක්ට වයිරස් එක සම්ප්‍රේෂණය වීමේ හැකියාවයි. මේක සාර්ස් වැනි දැනට ප්‍රසිද්ද උන වයිරස් වල පවා නොතිබුන තත්වයක්. සාමාන්‍යයෙන් වයිරස් එක ඇඟට ඇතුල්වෙලා සති දෙකක් ඒ කියන්නේ දින 14 ඇතුලත රෝගය සම්පුර්ණයෙන්ම පැතිර යනවා වගේම ඉන් සතියක් ඇතුලත රෝගයේ උච්චතම අවස්ථාවට පත්වෙනවා. සාමාන්‍ය උන රෝගය එක්ක මෙම කොරෝනා රෝග තත්වය බොහෝ සමාන උනත් අපිට දැකගන්න හැකි ප්‍රදානතම දෙයක් තමා උගුරේ අමාරුවක් තිබුනත් හුස්ම ගන්න අපහසුවක් තිබුනත් සෙම් ගෙඩි දක්නට නොතිබීම. නමුත් මේක කිවා කියල සෙම් ගෙඩි හැදිලා නම් මට කොරෝනා නැහැ කියල ඉන්න එපා. පරික්ශාකරගැනීම සැමට හොදයි නේ. ඇඟපත වේදනාව වගේ දේවල් සහ සාමාන්‍ය නිව්මෝනියා රෝග තත්වයන් මොන සෙම් රෝගවලටත් පොදුයි නේ. මෙම රෝගය සියල්ලන්ටම එකහා සමානව දරුණු උවත් වයසින් ඉතා වැඩි හෝ අඩු පුද්ගලයන්ට මෙන්ම ඇදුම, දියවැඩියාව, හදවත් රෝග මෙන්ම අධි රුධිර පීඩනය තිබෙනා අයට අනෙක් අයට වඩා වැඩි බයානක කමක් තියෙනවා.

ඉතින් ඉහත මොන රෝග ලක්ෂණ තිබ්බත් ඔබට හිතෙනවා නම් කොරෝනා වත්ද කියල. ඔබගේත් අනෙක් පුද්ගලයන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් ඔය ඩිස්පෙන්සරි වලින් හෝ OPD වලින් බෙහෙත් ගන්න යන්න එපා. මොකද එකෙන් වෙන්නේ ඇත්තටම ඔබට කොරෝනා ආසාදනය වෙලා නම් එය පැතිරෙන එක. ඉතින් ඒවගේ වෙලාවට ලංකාවේ 1990 කියන්න කෝල් එකක් දීලා. ඒ තමා ලංකාවේ ගිලන්රථ සේවයේ අංකය. එයාල ඔබව ආරක්ෂාකාරීව රෝහල වෙත ගෙනයාවි. කොහොම උනත් දැනට සොයාගෙන තියෙන ආකාරයට 20% කට පමණයි දරුණු රෝග තත්වය පෙන්නුම් කරන්නේ. ඉතිරි 80% ටම සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ. ඒ කියන්නේ එයාල ලොකුවට ලෙඩ වෙන්නේ නැහැ. නමුත් ලෙඩ පතුරවන්න හැකියි. මේකේ බයානක කම එයයි.

මෙතනදී කියන්න යන්නේ නැහැ මෙම රෝගය ගැන රජය ගත්ත පියවර. ඒවා නිව්ස් වලින් බලාගන්න. දැන් අපි කියන්නම් මෙවැනි රෝග ලක්ෂණ ඇති උනොත් ඔයාල පළමුව කරන්න හැකි දේ. එක තමාස්වයං නිරෝදායනය. මේක කරනා විදිය හැම තැනම දැන් කියනවනේ. ඕක තෙර්න්නම සරලවම කියනවා නම් සිය කැමැත්තෙන් වෙනත් කිසිකෙනෙකුන් හමුනොවි ඉන්න එක තමා කරන්න තියෙන්නේ. ඒවගේම වීරයෝ වෙන්න යන්නත් එපා. මම බය නැහැ වගේ කතා කියල. ඒවගේම රෝග ලක්ෂණ හංගගෙන ඉන්න ඕනෙත් නැහැ. මොකද ඒඩ්ස් නෙවිනේ. මේක හුස්ම ගන්න හින්දා බෝවෙන්නේ. හුස්ම ගන්න එක අපරාදයක් හෝ ලැජ්ජාවට කරුණක් නෙවි. ඉතින් මොනම අකාරයේ හෝ රෝග ලක්ෂණ ඇතිවුන හෝ සැක කරනවා නම් ස්වයං නිරෝදායට යොමුවීම සහ තත්වය තවත් සැක සහිත නම් වගකිය යුත්තන් දැනුවත් කරන්න. මොකද ඔයා කොල්ලෙක් හෝ කෙල්ලෙක් වෙලා වයස හින්දා මේකෙන් ගැලවුනත් ඔබගේ අම්මා තාත්තා වයස හින්දා කොරෝනා වලින් මැරිලා යන්න හැකියි. ආයි කියනවා පරිස්සම වඩා වැදගත්.

ඉතින් ඊළඟට අපි බලමු මෙම රෝගයෙන් ආරක්ෂා වෙන්න හැකි ආකාරය.

  • අනිවාර්යයනේ නිවසින් පිටට අතවශ්‍ය කාරණයකට ගිහින් ආව විගස අත් සෝදාගන්න.
  • මුහුණු ඇල්ලීම වගේ දේවල් අවම කරන්න. නිතරම අඳිනා රෙදි දිනපතා හෝ සෝදා වේලාගන්න.
  • කිවිසුම් යවන්න ඕනා නිදහසේ කතාව නම් කියන්න එපා. මොකද සමහර උන් ඕක යවන්නේ බිල්ඩින් වල විදුරු ගැලවෙන්න. අනිවාර්යයෙන් නාසය සහ මුව ආවරණය කරගන්න.
  • මස් මාළු අහාරයට ගන්නවා නම් ඉතින් මේ කාලේ වත් හොඳින් පිස ගන්න.
  • මුදල් බාවිතය වෙනුවෙට කාඩ් පත් බාවිතා කරන්න.
  • ඔය ට්‍රිප්, පාටි වගේ දේවල් නොයා ඉන්න. මොකද කොරෝනා හැදුනොත් මළගෙදරට වත් එකෙක් නැහැ.
  • උණුවතුර පානය කරන්න.
  • හැකි සැම විටම මුව ආවරණ පළඳින්න.

ඔන්න ඔය වගේ දේවල් ටික සරලවම කරලා මෙම රෝගයෙන් ආරක්ෂා විය හැකියි. අත්සොදාගැනීම ගැන කියනවා නම් සබන් කොම්පැනි මාකට් කරනවා එක එක දේවල්. මොනවා හරි විෂබීජ නාශක දියරයක් දාලා අත් සෝදාගන්න කියලයි මම නම් කියන්නේ. රජයෙන් නිවැරදි අත සෝදාගන්නා අකාරය ගැන වීඩියෝ එකක් ඒවා තිබෙනවා. මෙන්න ඒක. නිවැරදිව අත සෝදාගන්නා ආකාරය.

හරි ඔන්න එහෙම නම් දැන් කොරෝනා ගැන ටිකක් දැනුවත් ඔයාලා. ඉතින් මේ නිරෝදායනය ගැන දෙයක් කියන්නම ඕනා. නිරෝදයනය කියන්නේ සිරගත කිරීමක් නෙවි. සම්පුර්ණ නිදහස තියේ ෆ්‍රී wifi සමගම. එකම දේ ආරක්ෂා සීමාවෙන් පිටතට යන්න බැහැ. ඒවගේම විටින් විට දොස්තර මහතුන්ගේ පරික්ෂා කිරීමක් සිදුවෙනවා. ඉතින් හමුදා ආරක්ෂාව එක්ක පැය විසි හතරේම රෝග පරික්ෂාව කියන්නේ VIP  මට්ටමක්. ඉතින් තවමත් හැංගිලා ඉන්නවා නම් ලෙඩ හංගාගෙන ඉන්නවා නම් කරුණාකර තේරුම් ගන්න. ඒක ඔයාගේ වගේම තව ගොඩක් අයගේ ජීවිතය අනතුරේ දැමීමක් කරුණාකරලා ඒක කරනන් එපා. අදම නිසි බලදාරින් හමුවෙන්න.

ඉතින් බයිස්කෝප් සිංහලෙන් අපි මේ අරගෙන එන්නේ ඩිස්කවරි නාලිකාවේ මෙම COVID 19 වයිරසය ගැන ගිය වාර්තා වැඩසටහන. සිංහල උපසිරසි සමගම. මෙම වීඩියෝව ඩිරෙක්ට් හෝ ටොරන්ට් වලින් තවමත් ගන්න බැහැ. ඒවගේම කිසිදු උපසිරසියක් දක්නට නැහැ. ඉතින් බයිස්කෝප් සිංහලෙන් උපසිරසි කණ්ඩායම සහ බයිස්කෝප් ඩවුන්ලෝඩ් කණ්ඩායම එකතුවෙලා ඔබට මෙම උපසිරැසිය අරගෙන එනවා.

මෙම උපසිරැසිය සහ මෙම ලිපිය ඔබට අවශ්‍ය ඕනෑම මාධ්‍යකින් පලකරන්න බයිස්කෝප් අපි අවසර දෙනවා. ඔබගේ පුද්ගලික බ්ලොග් අඩවි වෙබ් අඩවි FB පේජ් වලට උනත් මෙය යොදාගන්න. අපගේ සහෝදර උපසිරසි වෙබ් අඩවි වලට පවා ආරාධනා කරනවා අවශ්‍ය නම් මෙම උපසිරැසිය පල කරන්න. මෙම අවස්ථාව එකමුතුවී ගැලවීමටයි.

එහෙම නම් ආරක්ෂාකාරීව ඉන්න. නිවසේ සිටින්න. සැමට බුදු සරණයි. දෙවි පිහිටයි

2,144 downloadsDownload 2019-Novel-Coronavirus.zip37 KB

බයිස්කෝප් සිංහලෙන් අපි සමාජ වගකීමක් ලෙස සලකා සිදුකරනු ලබන සාමුහික ඉදිරිපත් කිරිමකි.

Subtitles

2,144 downloadsDownload Subtitles37 KB

25 comments

  1. lahiru1991

    thank you very much guys

  2. Jeewantha

    Thanks.

  3. Sandaru Nimsara

    ස්තුතියි.මේක ඉතා වැදගත් ලිපියක්

  4. Navodani Thilini

    ගොඩක් වැදගත් ලිපියක් වගේම වීඩියෝ එකේ නොදන්න විස්තර ගොඩක් තියෙනවා. මේ වැඩේනම් ඇත්තටම වටිනවා. ස්තූතියි උපසිරසියට.

  5. සචින්ත කල්හාර බෙනට්

    බොහෝම ස්තූතියි. මේක නිකම්ම උපසිරැසියක් නෙවෙයි. මේක බයිස්කෝප් ටීම් එකෙන් කළ තවත් එක සමාජ කර්තව්‍යයක්. බොහොම ස්තූතියි මෙවැනි විශිෂ්ට දේ ගෙන එනවට.

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බයිස්කෝප්ලට.. ගොඩක් වටිනවා :)

  7. harshahjk

    බොහෝම ස්තූතියි. බයිස්කෝප් කණ්ඩායමේ බලාපොරොතුව ඉටුවී මිනිසුන් ලබාගන්නා දැනුමෙන් ලෝකයෙන් මෙම වසන්ගතය තුරන් කරන්න ලැබේවා

  8. Shaggie

    බයිස්කෝප් එකට අපි හැමදාමත් ආදරෙ මෙන්න මේ නිසයි ❤️

  9. rockz2020

    වටිනාකම කීබෝර්ඩ් එකෙන් වචන වලට හරවන්න අමාරුයි. වටිනවා ❤ බයිස්කෝප් සියළු දෙනාට බොහොම ස්තූතියි! ❤
    සියළු දෙනාම වගකීමෙන් ක්‍රියාකරන්න ජය වේවා! ✌❤

  10. shevin

    Thanks

  11. malithmadhushan45

    සුපිරි වැඩක් මුකුත් නොදන්නා මිනිස්සුන්ට වැදගත් විස්තරයක් දෙනවා ජය වේවා.

    1. dinethprasanna

      හොද දෙයක් ⁣ලොකු විස්තරයක් තියෙනව මම ඉස්සුව post, එක

  12. osanda

    good work
    thank you very much

  13. indika weerasuriya

    thanks..

  14. suranuwan

    thanks....

  15. කළණ ධනංජය

    Covid19 කියන්නේ රෝගයට බන්,වයිරසය සාස් කොරෝනා වයිරස් 2.

  16. techpro

    Thanks

  17. Kalanacosta

    Good work......

  18. Danushkawic

    thawatha eka team ekaking samaja sathkarathwayka, supiri wedak bro.

  19. Gihan Lakmal

    මේක ඩවුලෝඩ් කරන්න බැහනේ

  20. Gihan Lakmal

    WeB-DL පිටපත් ඇවිත්, අප්ඩේට් කරන්න පුළුවන් ද ඒකට

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Anonymous

    අගය කරමි

  24. Sajithlakshan

    thanks .....................