Watch Trailer

Altered Carbon [S02 : E02] Sinhala Subtitles | ඇක්ස්ලිගෙ රහස්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් පුළුවන් ඉක්මණින්ම වගේ අරගෙන හැකියාවක් ලැබුණා. අපි කලින් ලිපියෙදී සඳහන් කරා වගේ අද කොටසේදී හම්බවෙන අලුත් වචන ටික සඳහන් කරගෙන යන්නම්. Wedge – මං සබ් එකේදීත් දැම්මේ ඉංග්‍රීසි නමමයි. කොහොමහරි මොවුන් එක්තරා ආකරායෙ කුලිහේවායින් පිරිසක්. කෙටියෙන් කියනවා නම් සංවිධානයක්. මෙයාලා දුර…

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් පුළුවන් ඉක්මණින්ම වගේ අරගෙන හැකියාවක් ලැබුණා. අපි කලින් ලිපියෙදී සඳහන් කරා වගේ අද කොටසේදී හම්බවෙන අලුත් වචන ටික සඳහන් කරගෙන යන්නම්.

  1. Wedge – මං සබ් එකේදීත් දැම්මේ ඉංග්‍රීසි නමමයි. කොහොමහරි මොවුන් එක්තරා ආකරායෙ කුලිහේවායින් පිරිසක්. කෙටියෙන් කියනවා නම් සංවිධානයක්. මෙයාලා දුරස්ථ ජනපද වල ඇතිවන යුධමය තත්ත්වයන් වලදී එකතු කරගන්නවා.
  2. Coils – සබ් එකේදිත් මම ඉංග්‍රීසි නමම පාවිච්චි කළා හරිහමං වචනයක් නැති නිසා. කොහොමහරි මේකෙන් සිද්ධ වෙන්නෙ අවට තියෙන උපකරණ එහෙම මනසික් පාලනක කිරීමට හැකිවෙන එකයි. ඔයාලා කලින් කොටසේදී දකින්න ඇතිනෙ ටකාෂිව අල්ලගන්න එන ඇක්ස්ලිගෙ බවුන්ටි හන්ටර් එවැනි ආකාරයෙ එකක් පැළදගෙන හිටිය ඔලුවේ. අන්න ඒක තමයි මේ.
  3. Stronghold – මේකට මම බලකොටුව කියලා පාවිච්චි කළා. කොහොමහරි මේ බලකොටුව කියලා කියන්නෙ කැල්ක්‍රිස්ට් ෆල්කනර් සහ එයාගෙ කණ්ඩායම කලින් හිටපු ස්ථානයටයි.
  4. Elders – මේකටත් මම ඉංග්‍රීසි වචනයම පාවිච්චි කළා. කොහොමහරි මේ එල්ඩර්ස්ලා ලෙස හඳුන්වන්නෙ දියුණු පිටසක්වල ජීවින් හට. අපිට හැබැයි මෙයාලව දකින්න ලැබෙන්නෙ නැහැ. වදවීමට ලක්වෙලා කියලා තමයි සැක කරන්නෙ. කොහොමහරි ඔය මනුෂ්‍යයින් කශේරුකාවේ පැළදගෙන ඉන්න කැටිය මෙයකගෙ තාක්‍ෂණයෙ කොටසක් වෙනවා.
  5. Quellists – මේකටත් මං ”කැලිස්ට්” කියලාම පාවිච්චි කළා. මේ කියන්නෙ කැල්ක්‍රිස්ට් ෆැල්කනර්ව අනුගමනය කරන කට්ටිය.
  6. Decoms – මෙයාලත් කුලිහේවයින් පිරිසක්.
  7. Array – මේක හරියට අපි දුරකථන වලදී වගේම පරිගණක වලදී පාවිච්චි කරන ”ක්ලවුඩ්” එකක් වගේ දෙයක්. මේක සෑම උපස්ථයක්ම වගේ ගබඩා කර තියෙන සැටලයිට් ජාලයක්. කොහොමහරි මං ජාලය කියලම ඒක දැම්මා.
  8. Soul Market – මං මේකට ”සෝල්මාකට්” කියලම තමයි පාවිච්චි කරේ. කොහොමහරි මේක එක්තරා ආකාරයෙ රහසිගත තැනක්. හරියට ඔය බ්ලැක්මාකට් එක වගේ. මෙයාලා කරන්නෙ බාහික කැටි එහෙම විකුණන එක. ගොඩක්ම වගේ මෙහෙදී විකුණන්නෙ සොල්දාදුවන්ගෙ කැටියන්.
  9. Sleeve Jacker – මං සබ් එකේදී ශරීර පිටපත් කරන්නෙක් කියලම යොදාගත්තා. මොකද මේ කට්ටිය වෙන කට්ටියගෙ ශරීර කිසිම අඩුවක් නොපෙනෙන විදියට ක්ලෝන නිර්මාණය කරනවා.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ ඇක්ස්ලි තමන්ගෙ ජීවිතය ලොකු හානියක් තියෙනව කියලා හිතෙන නිසා ටකාෂිව තමන්ගෙ ආරක්ෂකයෙක් විදියට අරගන්නවා. ඉතිං ඔහු ටකාෂිට අලුත්ම ශරීරයක් අරගෙන දෙනවා. හැබැයි මේක හුඟක් විශේෂ එකක්. කොහොමහරි නැවත ශරීර ගත කරලා ආවට පස්සෙ ඉන්න හැමෝම මැරිලා තියෙනවා. හැබැයි ටකාෂි මේ ගැන කිසිවක් දන්නෙ නැහැ. ඉතින් ඔහු එතනින් පිටවෙලා මේක කවුද කරේ කියලා හොයාගන්න උත්සහ කරනවා. හැබැයි පෝ මේ වැඩේට කැමැති නැහැ. ඒවගේම තමයි පෝගෙ දෝෂයක් තියෙනවා. ඔයාලා කලින් කතාවේදී දකින්න ඇතිනෙ වෙච්ච පහරදීම. මෙන්න මේක නිසා තමයි ඒක ඇතිවෙලා තියෙන්නෙ. කොහොමහරි පෝ තමන්ගෙ පද්ධතිය රීබුට් කරන්න කැමති නැහැ. ඒකෙන් එයාගෙ තියෙන හැම මතකයක්ම වගේ නැතිවෙනවා. ගොඩක් එයා ආදරේ කරපු කෙනා ගැන තියෙන. ඉතිං අද කොටසේදී අපි බලමුකෝ ටකාෂිට මේ කරපු කෙනා ගැන හෝඩුවාවක් හොයාගන්න හැකියාවක් ලැබෙයිද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,949 downloadsDownload Altered-Carbon-S02-E02.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,949 downloadsDownload Subtitles27 KB

18 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    1. Isuruvirajitha123

      Tnx bro enakan hitiye elanga ekath ikmanata damu❤️

  2. Gathsara Umesh

    බොහෝම ස්තූතියි සහෝදරයා..ඉක්මනට අනි ත්ඒ වත්කරම්මු.......

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  4. Dushan

    ela

  5. Hiran Eranda

    thanks for sub

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ..

  7. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  8. maduranga

    Season 1 සබ් දානවද ?

  9. Shaggie

    Thnks mchn

  10. dinesh.123

    thkz brother iilaga ekath ikmanatama denna.....

  11. chathuranga.abewardhana

    Thanks bro. Waiting for ep03 sub..

  12. Asela_Dizza

    Thanks bro

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Kasun A.

    උපසිරැසිය ලබාදීම වෙනුවෙන් ස්තූතියි රවිඳු සහෝ!
    ජය!

  15. chinthaka.max4

    thankx machan

  16. Rumesh Asanka

    thank you

  17. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.