Cowboy Bebop [S01 : E25 & E26] Sinhala Subtitles 1998 වසරේදී විකාශය වුනු, IMDB දර්ශකයේ 8.9 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.75 ක ඉහළ අගයක් ලබා ගෙන මේ වෙන විට Top Anime ලැයිස්තුවේ 46 වන ස්ථානයේ පසු වෙන අතරේ Action, Sci fi, Space, Adult Cast යන Genre වලට අයත් වෙමින්, Award Winning ඇනිමෙ එකක් […]
Cowboy Bebop Sinhala Subtitles
1998 වසරේදී විකාශය වුනු, IMDB දර්ශකයේ 8.9 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.75 ක ඉහළ අගයක් ලබා ගෙන මේ වෙන විට Top Anime ලැයිස්තුවේ 46 වන ස්ථානයේ පසු වෙන අතරේ Action, Sci fi, Space, Adult Cast යන Genre වලට අයත් වෙමින්, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 කින් සමන්විත Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ 25 සහ 26 කොටස්, එහෙමත් නැත්නම් අවසාන කොටස් දෙක සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.
ආරම්භයේ පටන් එක් එක් නාඩගම්වලින් ගලාගෙන ගිය බිබොප් කව්බෝයිවරුන්ගේ කතාවේ අවසානයට ඔන්න අපි ඇවිල්ලයි ඉන්නේ. කිව්වත් වගේම, එකට එකක් ගැලපීමක් නැති කතාවන් අරන් ආපු නාඩගම් වගේ ඇනිමෙ එකක් වුනු මේ කතාවේ සිදුවීම් එකිනෙක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක දැන් ඔබට පැහැදිලි ඇති. කතාව මුලදි එක් එක් චරිත ගොන්නක් ආවා ගියා වැනි වුනු මේ cowboy bebop ඇනිමෙ කතා මාලාවේ, බිබොප්වරුන්ගේ අතීතය අපිට ලොකු ප්‍රශ්නයක් වුනා. මොකද සැරින් සැරේට ඒ අතීතයේ එක් එක් ඉඟි දුන්නා ඇරෙන්න පැහැදිලි නිධාන කතාවක් අපිට දැනගන්න ලැබුනේ නෑ. ඔන්න ඒකත් දැන් උත්තර හම්බවෙලයි තියෙන්නේ. ජෙට් බ්ලැක්, ෆේයි වැලන්ටයින් සහ රැඩිකල් එඩ්වඩ් යන චරිත තුනේ අතීතයේ හිස්තැන් මේ අවසාන කොටස් දෙකෙන් පුරවනවා. එතකොට ස්පයික් ස්පීගල්ගේ කතාව? ඒකත් මේ අවසාන කොටස් දෙකෙන් අපිට බලාගන්න ලැබෙනවා.
විශස් කියන්නේ කවුද? ජූලියා කියන්නේ කවුද? විශස් සහ ජූලියා කියන පුද්ගලයින් දෙන්නාට ස්පයික්ගේ තියෙන සම්බන්ධය මොකක්ද? තැනින් තැන අපි දැකපු විශස්ට එරෙහිව ස්පයික්ගේ සටන් මොන විදිහකට සිද්ධ වේවිද? මැරයෙක්ට එරෙහිව කව්බෝයිවරයෙකුගේ සටන මොන විදිහට සිද්ධ වේවිද? මේ විනිවිද නොවුනු පුද්ගලයන්ගේ අවසානය කොහොම සිද්ධ වේවිද? ආරම්භයේ පටන් ක්‍රියාදාමයෙන්, ත්‍රාසයෙන්, භීතියෙන්, කුතුහලයෙන්, අපහාසයෙන්, උපහාසයෙන් වගේම ඇතැම් විට අද්භූතවද අරන් ආපු මේ සාම්ප්‍රදායික නොවන විද්‍යා ප්‍රබන්ධයේ අවසානය මේ විදිහට අරන් එනවා. කපටිකම, කෑදරකම, කෲරත්වය, පළිගැනීම වගේම ආදරය, පරිත්‍යාගය, කැපකිරීම වගේම එකමුතුකම වගේ ධනාත්මක ගුණාංගත් ඉස්මතු කරපු මේ කතාව නරඹන්න. එහෙනම් මේ අවසානය සමඟින් අපි ඇනිමෙ ස්වර්ණමය යුගයේ තවත් එක ඇනිමෙ කතා මාලාවකින් සමු ගන්නවා. හැබැයි මේ බිබොප්වරුන්ගේ නාඩගම ඉවරයි කියල හිතුවට ඉවරම නෑ. එහෙනම් මීළඟට Cowboy Bebop The Movie (2001) තුළින් හමුවෙමු. එතෙක් හැමෝටම Happy Anime!
“See You Space Cowboy…”
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Cowboy Bebop Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.
533 downloadsDownload Cowboy-Bebop-S01-E25-E26-Sinhala-Subtitles-1.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Cowboy Bebop Sinhala SubtitlesSubtitles by
ලංකන් Weebs
Subtitles
5 comments
Ishan Madusha
ලංකන් weebs
ස්තූතියි සහෝ.❤️ හැම කොටසකට comment කරල තිබුනා.
Chamod
Monster 2004 anime ekta sinhala sub dennako plz
ලංකන් weebs
ඉදිරියේදී දෙන්නම්.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහෝම ස්තූතියි...