Watch Trailer

Cowboy Bebop (1998) [S01 : E23 & E24] Sinhala Subtitles | හිස ඔසවන අතීතය! [සිංහල උපසිරසි]

Cowboy Bebop [S01 : E23 & E24] Sinhala Subtitles 1998 වසරේදී විකාශය වුනු, IMDB දර්ශකයේ 8.9 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.75 ක ඉහළ අගයක් ලබා ගෙන මේ වෙන විට Top Anime ලැයිස්තුවේ 46 වන ස්ථානයේ පසු වෙන අතරේ Action, Sci fi, Space, Adult Cast යන Genre වලට අයත් වෙමින්, Award Winning ඇනිමෙ එකක් […]

Cowboy Bebop Sinhala Subtitles

1998 වසරේදී විකාශය වුනු, IMDB දර්ශකයේ 8.9 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.75 ක ඉහළ අගයක් ලබා ගෙන මේ වෙන විට Top Anime ලැයිස්තුවේ 46 වන ස්ථානයේ පසු වෙන අතරේ Action, Sci fi, Space, Adult Cast යන Genre වලට අයත් වෙමින්, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 කින් සමන්විත Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ 23 සහ 24 කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. හැමදෙයක්ම අඩංගු කසායක් වගේ රත් වෙවී ගිය මේ කතාව දැන් හැමදේකින්ම රසවත් වෙලයි තියෙන්නෙ. ඒ වගේම cowboy bebop ඇනිමෙ කතා මාලාවේ අවසානයට හුඟක්ම ළං වෙලයි ඉන්නෙ.

විශ්වයේ ෆෙන්ෂුයි බලයන්ට අනුව ප්‍රහේලිකාවක උත්තර හොයාගෙන පුංචි ගැහැණු ළමයෙක් එක්ක ගියපු ජෙට් බ්ලැක් ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා වගේ අවස්ථාවකටයි මුහුණ දෙන්න සිද්ධ වුනේ. පරණ යාළුවෙකුගෙන් ලැබුනු ලියුමක් වගේම ඒ යාළුවාගේ දුව එක්ක, ඒ ලියුමෙන් කියවුනු දේ හොයාගෙන යන්න ජෙට්ට සිද්ධ වුනා. මැරයොත් පස්සෙන් පන්නාගෙන එද්දි ස්පයික්, ෆේයි දෙන්නාගේ කට කැඩුනු කතාත් ජෙට්ට අහන්න සිද්ධ වෙනවා. ඒකෙත් එක එක නාඩගම් සිද්ධ වෙවී අන්තිමේදී යාළුවාට යාළුවෙකුත් දුවට තාත්තෙකුත් මුණ ගැහෙනවා. ඉතාමත් පුංචි වෙලාවකට වුනු ඒ හමුවීමට සමුදෙන්න ජෙට්ට සිද්ධ වෙනවා. ස්පයික් සුපුරුදු විදිහට බවුන්ටි හන්ටින් වල යද්දි “ටෙඩී බෝම්බර්” කියල බෝම්බකරුවෙක් පස්සෙන් පන්නාගෙන යනවා. ටෙඩි බෙයාර් කෙනෙක් මඟින් ගොඩනැගිලි පුපුරවලා දාන මෙයා තවත් කව්බෝයි කෙනෙක්ගේ ඉලක්කයක් වෙලා තිබුනා. මේ කව්බෝයිගේ විශේෂත්වය තමයි මෙයාගෙ ගමන බිමන අශ්වයෙක්ගේ පිටේ ඉඳන් කරන එක. ඔව්, ඒ කියන්නෙ මෙයා හැබෑ කව්බෝයි කෙනෙක්ගේ පෙනුම ගන්නවා කියල කිව්වොත් හරි. ටෙඩී බෝම්බර්ගේ පස්සෙන් යන එක නවත්තලා මේ කව්බෝයිලා දෙන්නම කවුද වඩාත් දක්ෂ කියන එක වෙනුවෙන් කරට කර සටන් කරනවා. පුරුදු විදිහටම අපේ ස්පේස් කව්බෝයි ස්පයික් තමන්ගේ හැකියාව පෙන්නමින් මේ කව්බෝයිව පරදවනවා. හැබැයි ටෙඩී බෝම්බර්ව අල්ලගන්න බිබොප්වරු අමතක කළේ නෑ.

ඒ කතාංගයත් ඒ විදිහට ඉවර වෙද්දි අපි බලන් ඉන්නෙ ෆේයිගේ අතීතය, එඩ්ගේ අතීතය වගේම ස්පයික්ගේ නොකියූ කතාව අපිට දැනගන්න ලැබෙන්නෙ කොතනින්ද කියලයි. අපිට කතා මාලාවේ මුලදීම ප්‍රශ්නයක් වුනු ස්පයික් සහ විශස් දෙන්නාගේ කෝන්තරය ගැනත් වැඩි විස්තරයක් තාම අපි දන්නේ නෑ. තැනින් තැන දිග හැරුනු අතීත කතාවන් වගේම අවසන් නොවූ සටන් තාමත් එහෙම්මමයි. එහෙනම් ඒ අවසානයටයි අපි මේ අවතීර්ණ වෙන්නේ. නරඹන්න එහෙනම් මේ කොටස් දෙකත්. මීළඟට Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ අවසාන කොටස් දෙක තුළින් හමුවෙමු.

“See You Space Cowboy…”

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Cowboy Bebop Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.

562 downloadsDownload Cowboy-Bebop-S01-E23-E24-Sinhala-Subtitles-2.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

Cowboy Bebop Sinhala Subtitles

Subtitles

562 downloadsDownload Subtitles22 KB

2 comments

  1. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.